මිය යයි ඇය වැතිරී රුදු කටු මත...


 

 

සමණලියක් මල මත වැසුවා

ඒ මල කටු විහිදා නැටුවා

කටු පැටලී ඇගෙ සමණල අත්තටු

ඉරිී වැටී ඈ හට රිදුනා

 

ඒත් ඇගේ මල් පෙම්වත් කුමරා

ඇයට නොදී පෙම් හද පවරා

පියඹා ආ වෙන බඹර යුවතියක්

ඔහුගේ හද දී බැඳ ගත්තා


අසරණ සමණලියක නෙත් තෙමුනා

ඇගෙ හද යන්තම් පණ ගැහුනා

හැකිලුණු අත් තටු වල නෑ ප්‍රාණය

මිය යයි ඇය වැතිරී රුදු කටු මත...

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form