කාකි ඇදුම තුල සැගවුනු
ලලිත කලා බිතු සිතුවම්
සියලු සොදුරු රූ කැටයම්
නෙතගින් පෙනෙනා
ලපටි දෙතොල්, සිනිදු කොපුල්
ගිනිගෙන දැවෙනා
උණුසුම් වී කෝප අරන්
කොස්තාපල් චූටි කුසුම
ගම් පුරයේ සොර දෙටු වෙමි
රන් අභරණ නෙක නෙක තැන
ගිහින් හොරෙන් පැහැර ගන්න
අල්ලාගෙන හනි හනිකට
ගුටි අනින්න යහමින් සොද
පුංචි සොදුරු
කොස්තාපල් නෝන පොඩිත්තී
ගෙල මිරිකන නුඹෙ අතැගිලි
සිනිදුද මෙතරම්
ගිනි අවියක් දෑත දරා
හිදින්නෙ කෝමද කියන්න
සුදු සුසිනිදු අත්ගොබ වල
කොහොමෙයි ඕ හැටි සක්තිය
ගිනි අවියට සමු දෙන්නකො,
ආදරයේ මල් කලඹක්
සොරකම් කොට අරං ඇවිත්
නුඹට පුදංනං, කැංදං යංනං.
සිරි යහනේ නුඹ සතපා
කිරි මුහුදේ කිමිදෙන්නට
උණ්ඩ නොමැති සොරකම නැති
හාදු වසින, උණුසුම ඇති
මිහිරි ලොවක් සොයා යන්න
කමිස කරෙන් අල්ලාගෙන
ලගටම ඇදගෙන අසන්න
හොරකම තෝ කලා නේද
මාලය තෝ කැඩුව නේද
අන්න එවිට දැනේවි නෙව
නුඹේ සුවද, නුඹේ හුස්ම
ඉවසන්නම් ඔය තොල් ලග
සිප ගන්නට බැරි නිසාම
හොරකම් නම් කලා සොදුර
කොස්තාපල් පුංචි කුසුම
බොරුවක් හෙම නෙව කියන්නෙ
නිලලත් ලාලිත්‍ය ලග
ගෙලබැදි මාලයක් නොවේ
කාකි ඇදුම තුල සිරවූ
හංස යුවල මැද රැව් දෙන
හඩ අසන්න ඕනැ නිසා
හොරකම් කලෙ නුඹෙ හදවත