Private Browsing හෙවත් ලොවට හොරා!



මේක වර්තමානයේ ඉතා වැදගත් කාරණාවක්ය. ඒ නිසා කියා දාන්නට හිතේ නොතියාගෙනම සිතුවේය. මාධවගේ කතා තුලින් අද කියන්නට යන්නේ ඔබගේ අන්තර්ජාල ආරක්ෂාව ගැන පුංචි කතාවක් ය.

ඒ Private Browsing ගැනය.

Private Browsing යනු?

වර්තමානයේදී අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා බොහෝ වෙබ් ව්‍රවුසර නිර්මාණය කර ඇති අතර ඒවා භාවිතයෙන් අන්තර්ජාලයට ප්‍රවේශ වන සංඛ්‍යාව දිනකට ලෝක ජනගහනයෙන් 50%කටත් අධික ය.

එවැනි කාර්යයකදී ඔබට දත්ත වල ආරක්ෂාව ඉතා වැදගත්ය. දත්ත අතුරින් ඔබගේ විව්ධ ගිණුම් සඳහා ප්‍රවේශ වීමේ මුරපද ආදිය ද එලෙස වැදගත්කමක් උසුලනු ඇත.

කෙසේ වෙතත් ඔබගේම නොවන පරිගණකයක හෝ වෙනත් ඩිජිටල් උපකරණයක ඇති (උදාහරණ ලෙස ඔබගේ කාර්යාලයේ පරිගණකයක් / අන්තර්ජාල කැෆේ එකක ඇති පරිගණකයක් / මිතුරෙකුගේ ජංගම දුරකථනය වැනි) බ්‍රවුසරය භාවිතයෙන් අන්තර්ජාලයට පිවිසීමේදී වර්තමානයේදී භාවිතා කල හැකි මෙම ආරක්ෂක උපක්‍රමය Private Browsing නමින් හැඳින්විය හැකිය.

Private Browsing වලදී සිදුවනදේ?

ඔබ විසින් Private Browsing භාවිතා කරන්නේ නම් අදාල වෙබ් බ්‍රවුසරයේ ඔබගේ පරිශීලනයට අදාලව වෙනමම දොරටුවක් විවෘත කරන්නාක් මෙන් තාවකාලිකව නිර්මාණය වන වෙනමම මාර්ගයකින්  අන්තර්ජාලයට ප්‍රවිශ්ඨ වීමට අවකාශ ලබා දෙනව.

Private Browsing වල වැදගත්කම

මෙහිදී ඔබ විසින් එම Private browsing භාවිතා කරමින් අන්තර්ජාලයට ප්‍රවේශ වූ පසු බ්‍රවුසරය හරහා සිදු කරන කටයුතු (උදාහරණ  - විද්‍යුත් ලිපි බැලීම, facebook භාවිතය, චිත්‍රපටි බැලීම, ලිපි ලිවීම ආදී දෑ..... ) පරිගණකය තුල තැන්පත් නොවී ඉවත් වෙනවා.සරලව කිව්වොත් ඔබගේ ගිණුමට ඇතුල් වෙලා ඊමේල් බැලුව බව හොයන්නටවත් බෑ!

මේකෙදි පරිශීලකයා විසින් ලබා දෙන මුරපද (පාස්වර්ඩ්ස්), පරිශීලක නාම (යූසර් නේම්), වෙනත් Login Information ආදිය පරිගණකයේ තැන්පත් වෙලා පසුව බලා ගන්න හැකි ආකාරයට රැදෙන්නෙ නැතිව  Private browsing වලින් ඉවත් උනාහම මැකිලා යනවා.

Private Browsing විවිධ බ්‍රවුසරවලදී නම් වී ඇති ආකාරය

ජනප්‍රිය බ්‍රවුසරයන් වල Firefox Google Chrome Microsoft Edge වල මෙම Private browsing කියන දේ නම් වෙලා තියෙන්නෙ විවිධ නම් වලින්. ඒ පහත ආකාරයට

අදාල රූපත් දක්වලා තියනවා පහලින්

 

firefox - Private Window ලෙස පෙන්නවනවා

Mozilla Foundation Logos de Mozilla Firefox Web browser, firefox,  carnivoran, orange, logo png | PNGWing

Firefox Private Browsing | How to Go Incognito in Firefox | Avast

 

chrome - incognito window ලෙස පෙන්වනවා

Chrome icon - Free download on Iconfinder

Private Browser - How to use Incognito Mode in Chrome and Safari

 

edge - InPrivate window ලෙස පෙන්වනවා

 Microsoft unveils new Edge browser logo that no longer looks like Internet  Explorer - The Verge

3 Ways to Open Edge in Private Mode in Windows 10 Password Recovery |  Password Recovery


වාසි

  • පුද්ගලික දත්ත (මුරපද, පරිශීලක නාම ආදිය) පිටස්තර උපකරණ වල තැන්පත් නොවීම
  • පුද්ගලිකත්වය ආරක්ෂා වීම
  • ඔබ විසින් කල ක්‍රියාකාරකම් සුරැකුම් නොවීම

අවාසි

  • ඔබගේ IP ලිපින සැඟවීමට නොහැකි නිසා එය තෙවන පාර්ශවයකට ලබා ගත හැකි වීම
  • ඔබගේ ක්‍රියාකාරකම් වෙනත් ක්‍රම මගින් පිටස්තර අයවලුන්ට ලබා ගත හැකි වීම

 

කෙසේ වෙතත් මෙම ක්‍රමය සම්පූර්ණයෙන්ම ඔබව ආරක්ෂා නොකරන නමුත් පිටස්තරයින්ගේ උපකරණ භාවිතයේදී යම් කිසි ආරක්ෂාවක් සලසා ගැනීමට මෙම ක්‍රමය භාවිතා කල හැකි බව තමවත් පිලිගැනේ. කෙසේ වෙතත් මෙම ගූගල් සමාගමේ incognito window වෙතින් ආරක්ෂාවක් නොලැබූ බව පවසමින් නඩු මඟට පිවිසි අවස්ථාවක් පිලිබඳව අන්තර්ජාලයේද සඳහන් වී ඇත.

මෙම ලිපියේ අරමුණ වනුයේ මෙම Private Browsing පිලිබඳව කෙටි අවබෝධයක් ලබා දීම මිස එය ප්‍රචලිත කිරීම නොවන බවත් තමාගේ උපකරණයට දැඩි ආරක්ෂාව යොදා (මුරපද සහ උපස්ථ සමඟ යාවත්කාලීන කිරීම  - Passwords, Backups and Updates)භාවිතයට ගැනීම එකම දත්ත ආරක්ෂා කර ගැනීමේ ක්‍රමය වනු ඇතැයි මාධව තරයේ පවසමි.

 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form