ශෘංගාරී.............


 
තවත් දුරක්
යන්න සිතුනි
අහස කඩං
වැහි වැටෙද්දී
     මහ වැස්සේ
    පිනි බිදු වල
    තෙමී තෙමී
    පියමනින්න
 
හෙවනක් නැති
තණ නිල්ලේ
පිය නගන්න
සිනහ සෙමින්
 
    වැහි දිය යට
    මේ දෑතින්
    නුඹට සෙවන
    සදා දෙමින්
 
අඳුරු වලා
වියන යටින්
හිරිකඩ මැද
වෙවුල වෙවුල
 
    මද සුලඟින්
    නලවාලන
    ගවුම් පොඩිය
    තෙරබරී වී
 
ඇඟට ඇලුනු
විලාසිතා
හැඩ මතු කර
ඉලිප්පේවි
 
    නෙත් ගැටේවි
    වැහි බිඳු මැද
    අකුණු එලිය
    හිත් මඬලෙම
 
ශෘංගාරී
ඔය ඉඟ වට
දෑත යවා
ලංකරගෙන
 
    වෙවුලන සුලු
    සීත දෙතොල්
    සිපගන්නම්
    වැසි දිය වැකි
 
අතොරක් නැති
සිපගැනුමක
අවසන වැහි
නිම වෙනු ඇත
 
    පායා වැසි
    වියලෙන විට
    හදවත් තෙත්
    වී තිබේවි......

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form