තුඩ ගිලිහී ගිය පන්හිද හමුවේ වියලුනු නෙතගක් තෙත් වූවා...........

 

හසුනක ගොනු වූ අකුරු රටා මැද

කඳුලු කතාවක තතු මැවුනා

වියලී ගිය හිස් වූ ඒ නෙතගට

ඇවිලෙන පන්හිඳ නොම පෙනුනා


සුදු පිරුවට මෙන් දිලෙනා පිටුවක

ඉස්පිලි පාපිලි හැඩ කෙරුනා

ඒ අක්ෂර මත  පැතිරෙන ගින්දර

සිතේ  සරනු ඔහු  හට දැනුනා

 

නිවා දමනු බැරි ගිනි ජාලා මැද

පන්හිඳ තෙරපී තුඩ බිඳුනා

තුඩ ගිලිහී ගිය පන්හිද හමුවේ

වියලුනු නෙතඟක් තෙත් වූවා....

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form