"ආල" මරම් ප්‍රේමය!

 


 "ආල"මරම් යට හිඳ
ලිව්වා පුංචි කවියක්
එකෝමත් එක දවසක
ඉක්බිති යලිත් එහි යන විට
ඇය උන්නා නුදුරින්
"ආල"මරම් අසලම


ඇවිද ගියා
ගිනි ගහන අව්වේම
ඇදී ඇදී
හරිත වර්ණ කඳු මුඳුනටම
නිහඬවම.

මඳ නලත්
මිහිදුමත්
ගෙන ආ සිසිලස
දොඩමලු කලා දෙදෙනාව.

මතක ගොන්න සේයාරූ
එක්කාසු උනා තෙල බනුවක් තුල
සහ
හදවත් වල රාවයේ ද,


මොණරගලම තුෂ්නිම්භූත ඌ අයුරු
ඔවුන් බැඳුනු ඉක්මණ දැකලාම....

අන්න ඒකයි කෙටියෙන්ම
සැබෑවූ "ආල" මරම් කවිය
ආල මරම් ප්‍රේමයේ කතාන්දරය



Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form