එකෝමත් එක දවසක, අද වාගේ දවසක, ඇත්තටම කිව්වොත් අද, කම්මැලි කමේ වැඩට යන්න උන්නු වේලාවක, ලඟදි හිතවත් උන දුඹුරු පාට ඉස්කෝලේ නෝනා බඹරාව උනන්දු කලා නොවැ. ඉතින්.. ල ලාවට දත් ටික මැදගත්තු, ආඩතඩේට ඇඳුම් පටලගත්තු බඹරා කෙටි නිවාඩුව පහු වෙන වෙලාවත් පන්නලා වැඩට යන්ට පියෑඹුවා.
ඉර ඒ වෙද්දිත්
පායලා මල් පිපිලා පිනිබර උදෑසන කල්ල කුජිත වෙලා ගිහින් විනාස වෙලා. ලෝකේ
උදේට සුන්දර ඇති. බඹරා පරක්කු වෙලා නෙව නැගිටින්නේ. උදේ සුන්දර බව දැකලම
නෑ..
ඔහොම ලක ලෑස්ති වෙලා ගිහින් ගිහින් පියාඹලා මහන්සි උනාම බඹරා
බස් එක එනකම් මහ පාරේ බස් නැවතුමට වෙලා ඉන්නවා. ටිකක් එහායින් දැලි ගෑවුනු
නයිටි පඩංගු ඇදගත්තු අක්කලා දෙන්නෙක් මල් පැල එල්ලනවා සොල්දරේ. කදිම ලෙස
කඩිසරව එහා මෙහා යමින් මල් පෝච්චි එල්ලාගෙන. විශ්ම විද්‍යාලයේ
මහාචාර්යවරුන් පලඳින උපාධි ලෝගුව සුලගට ලෙල දෙනවා වගේ උන්දලාගේ පුස් කාපු
හවුස් කෝට් සුලගේ පාවෙනව.
බලන්න අජූතයි.
ඉතින් ඉදල හිටලා ඒ
දිහාත් බල බල, උන් එකෙක් පුටු පල්ලෙ පතබෑවෙයිද කියන කාළකණ්නි සංතෝෂයක් හිතේ
දරාන ඉන්නවා විතරයි බස් නෑ. අවුවේ අමන රශ්මිය ඉහලට ඉහලට ඉහලට නගිද්දි බස් එකක්
තාම නෑ. අද සඳුදා. එදවස ඌ කලී නිවාඩු අනුමත කරගන්න කොල කෑල්ල අරන් ආයතන
ප්‍රධානියා ලගට යනව කියන්නෙත් එකාතකට බඹරා කැමති රාජකාරියක් නෙමෙයි නෙව..
එතකොට ඒ ඇත්ති අහන්න පුලුවන්! "මොකද නිවාඩුහ්?"
ඒවට
බඳින්න උත්තර හොයාගන්නත් අමාරුයි. මොකද හැරෙද්දි පොල් පැල කන එවුන්, කනෙන්
රිංගන එව්වො අදුනගන්න එක ඈට බොහොම සරල කටයුත්තක්. එහෙම නැතුව ඔහොම තැනක
ඉන්නත් බෑ නෙව...
කොහොම හරි ඔහොම ඉද්දි බස් රථය ගාට ගාට ගඳ ගහගෙන
එනවා. බස් එක ගඳ ගහනවා කියන්නේ ටයර් සහ තිරිංග ගන්දස්කාරය. රියදුරු තැනගෙ
තිරිසන් පෑගිල්ල වෙන්නත් පුලුවන්.මේ කඳුකරයේ එහෙම නැතුව බෑ නොවැ...
බස්
එකට බඹරා ගොඩ වෙලා ගම්පොලට ප්‍රවේශ පත්‍ර එකක් මිලදී ගත්තා. ආසන සියල්ල
මගීන් විසින් ග්‍රහණය කරගෙන නොවැ. ඉතින් පොල්ල තදින් අල්ලාගෙන ඉන්න බඹරා
එහෙට පැද්දෙනවා මෙහෙට පැද්දෙනවා. පිටුපස දොරෙන් ඉහලට නැග්ග බඹර තොමෝ හැමදාම
වගේ ඇස් පරිභ්‍රමණය කරවලා බැලුවා.
අතරමගින් බහින ප්‍රවේශ පත්‍ර ඇත්තෝ සිටීවා යන ප්‍රාර්ථනාවක් ඇතිව.
බඹරාට ආන්න ඒ වෙද්දි ඈ ව දැකගන්ට ලැබුනා
එකම එක ලඳක් විතරයි හිටියෙ ඈ කදිම සුරූපිනියක්.
හෑ ජායාරූපයක් ඕනිද?
බෑ මිත්‍රවරුණි, බඹරා තව ජීවත් වෙන්න ආසයි. අපූරු කාන්තාවක් නොවැ ඈ. යොවුන් යුවතියක්...
බඹරා හෙමින් හෙමින් ගිහින් ඈ ගාවින්ම පෝලිමේ අනික් පැත්තෙන් හිටගත්තා. හරියටම ඇගේ තට්ටම බඹරාගේ තට්ටමට සම්මුඛ වන සේ....
උඩරට
කඳුකර සිරියා පරදන වංගු ටික නමල කරල ගද්දි බඹරාගේත් ඇගේත් තට්ටම් හතර
සිපගැනීමට තරම් ආසන්න වෙනවා නෙව. බඹරා ජැක්කු පප්පෙක් නෙමෙයි.කවදාවත් ඒ
අවලං වැඩේ කරන්නෙ නෑ.
//හැබැයි එකම එක දවසක් ගම්පොල ඉස්පිරිතාලෙ ගාවින් නැගලා................. see more//
ඉතින් කෝම හරි බඹර තොමෝට පිටිපස්සට ඇස් තිබ්බනම් කියල හිතෙන තැනට ඈ ලස්සනයි.
මිත්‍රවරුණි
මේන්න අහන්න බසයේ දී හමුවූ කුසුමක රූ වරුණාව
කොන්ඩෙ කඩන් බිමට හෙලා
මෘදු කම්බුල් පාට වෙලා
ඒ සොඳුරී කොයි යන්දෝ
හිතන බඹරා ඔකඳ වෙලා..
කම්බුල් වල රතු කුරුලෑ
ඒව සිඹින පෙම් උරුලෑ
කෙනෙක් ඉන්නවාද කියා
බඹර තෙමේ හට හිත්ලෑ
තලෙලු මුහුණ හරි සුමුදුයි
දෙකම්බුලත් යසයි රසයි
දෙනයන ඈගේ හරි කදිමයි
ඇය නම් හොද ලඳක් තමයි
හිර ඩෙනිමයි උඩ කමිසෙයි
හැඩතල මතු කර පෙන්වයි
විභාගයට ගණන් හැදූ
ගෝල ගණන් සිහි කැඳවයි.
නියපොතු ඇගෙ දම් පැහැතියි
ආලේපන වලින් තොරයි
අත පොඩි විට හිත සපිරෙන
ප්‍රස්ථා පිරුලත් සිහිවෙයි.
කම්බුල් බූසිය කදිමයි
සිපගන්නට සිත් පිබිදෙයි
ඒත් බඹර තුඩ ඇනිලා
රිදුම් දේවි සිතට දුකයි
ඉග සුඟ ඇගෙ හරි කදිමයි
මිටට වඩා ටිකක් ලොකුයි
දෑතින් නම් ඔසවාගෙන
සුලඟේ නැලවිය හැකි වෙයි...
පුදුමයි නේහ්. ඇයි මීට කලින් කවි ලියන බඹරෙක් දැකල නැද්ද ආ???
හරි මිත්‍රවරුණි. සුරූපී ලාලිත්‍යවත් කාන්තාවක් මැවුන නම් බඹරාට ඒ ඇති. කාම ලෝකෙට ආදරේ කරන ඈයෙක් වෙන්න. කදිමයි ආන්න ඒක .
ඔන්නොහොම ඉද්දි මිත්‍රවරුණි කතාවෙ ඊලඟ ජවනිකාවට යෑම සුදුසුයි නෙව.
ඉතින් ඕම කෝම හරි මිනිස්සු එකා දෙන්න බහින්ඩ බහින්ඩ ආසන හිස් උනා.. බඹරා ලඟ උන්නු වියපත් උන්නැහේ බසයෙන් බහින්ඩ අසුනෙන් නැගිට්ට..
ආන්න ඒ මොහොතේ ඈ බඹර දිහා බැලුව. ඒ වගේ ආලයක්.
දෙදෙනාගේ සිතුවිලි හුවමාරුවක් සිදු උනා..
"ඔය අසුන මට දෙන්න.."
එයා
කණට කරලා හුස්ම වදින්න වගේ ලවෙලා කියනවා කියල බඹරාට දැනුන. බඹරා ඇත්තටම
මල් රොන් වලින් වෙනවාට වඩා දාස් ගුණයකින් මත් වෙලා ඔකද උනා...
බඹරාගේ පිටට තද වෙන තුනෙන් හතරයි පයියාර් ඝනයෙන් පරිමාව හොයන අර්ධගෝල පහස දැනෙද්දි බඹරාව තවත් මත් උන. හෙමෙන් බඹරාගේ පිටිපස්සේ ඉදන් ඈ ආයෙම කෙඳිරිගෑවා...
"ඔය අසුන මට දෙන්නකෝහ්.... ම්ම්හ්හ්..!" කෙඳිරිය. හම්මට සිරි... උම්හ්හ්!
ඒ
කෙඳිරියට මත් උන බඹරාගේ වෙනත් බඹර තුඩක් කෙලින් වේගන ආවා. ආන්න ඒ බව බස්
එකේදි සමාජගත උනොත් මහ විනාසයක් බවට පුංචි බඹර මොලේට වැටහුනා..
නරක ජැක්කු පප්පා.. ඒ නාමය ලොව පතල වෙයි. සමාජ මාධ්‍ය වල කුපාඩි බඹරාට බනින ඒ ඇත්තීට කවි ලියමින් වැලලෙන සමාජයක් බිහිවෙයි. මේ සේරම සිතුවිලි බඹර සිතට ඇතුල් වෙලා පිට වෙන්න තත්පරයක් ගත උනේ නෑ.
මුලු බස් එකේම ජාති ආලය සහ ආගම් ආලයෙන් පිරිපුන් මිනිස්සු ඇති. දත් නැතුව, සමාවන්න හොට නැතුව පැණි බොන්නයි වෙන්නෙ මේක දුර දිග ගියොත්. වහාම ආරක්ෂක උපක්‍රම ගන්ඩ! අණ ලැබුනා!
රොජර් ඩැට්! බඹරාගේ සිත විධානය පිලිගත්තා!
එකම එක ඉතුරු විසඳුම ක්‍රියාත්මක කෙරුනා
එනම් ලෝකයක් දකින්නට පෙර මල් කුමාරි ට බම්බු ගහගන්න කියලා හිස් උන අසුනේ බඹරා වාඩි උනා හනිකට. අනේ අපොයි..
ඇගේ
මූන කජු ලෙල්ලක් වගේ උනා.. ඒ කෙල්ලේ උඹේ පිරුණු කලවා සහ දනිස් පොල් කටු කරේ තියාන
මසාජ් කරන්නම් සුදු නෝනා හැබැයි මේ වෙලාවෙනම් අසුන ඉල්ලන්නෙපා මයෙ අම්මා. ඒක මරණයටත් වඩා නරකට හිටින්ට පුලුවන්..
ආන්න එහෙම වදන් ටිකක් හිතෙන් නික්මුන ද බඹරාගේ මුවෙන් නික්ම උනේ නෑ නෙව. කොහොම වෙතත් මහ අප්‍රසන්න පෙනුමකින් ඈ බඹරාට සංග්‍රහ කලා.. බඹරාද ඇයට අසරණ වූ සිනාවෙන් බැගෑපත්ව හිනා උනා! හරිම අසරණ අවස්ථාවක් උත්තමාවිය.
ඒහෙම බලද්දි ඇගේ මුහුනේ මේන්න මෙහෙම සටහන් වෙලා තිබුනා. අසූචි ගොඩක් දිහා බලනවා වගේ අප්පිරියාවෙන්
මූසල ගල් බඹරා!
බඹරාට
හරි දුකයි. ඒත් නම්බුව ඊට වඩා වටිනවා. බඹරා දැන් තියන සියලූම බාල ලංකට්
වලට සාප කලා.. ගණන් නම් අහස උසට.එකාතකට හරි. ලෝකයේ සැහැල්ලුම වස්තුව ඒක
තමා..
කෙඳිරිල්ලකින් උනත් උස්සන්න පුලුවන් නෙව.. බඹරාට හිතුනා...
ඈ තාමත් අප්‍රසන්න බැල්මෙන් බඹරා දිහා බලාන ඉද්දි බඹරාට එහායින් උන්නු අසුන හිස්වෙන ලකුණු පහල උනා. ඇයගේ වත ආලෝකමත් උනා. ඉතින් බසයේ ප්‍රධාන ලාංපුවත් එයා තමා වෙලාවකට. ඒ තරම්ම ඈ ඒ බසයට ආලෝකයක්...
බඹරා
එහායින් උන්නු මගියාට ඉඩ දුන්නා. ඌ බැස ගියා. මැයත් හනික ඉදගත්තා. අපෝ එයාගෙ රස්නෙ.
ඒ සුදු අත්ගොබ එකට ගෑවුනාම බඹරාට හිතුනා. පිටකොටුවේ ගිනි අව්වේ තැම්බෙන රන්
තැබිලි වගේ ඇති එව්වත් හරි උණුහුමට. ශීතකරණයක දැම්ම කුරුම්බයක් බීපන් මයෙ මල්අම්මා. ඇගේ ඌශ්ණේ පිට වෙයි. ඒත් ඒ අදහාස් බඹරාගේ උගුරෙන්
එලියට ආවෙ නෑ ඉතිම්.. හිතේම ගුලි උනා...
ඒ අව් අස්සේ අත් ගොබ එකට
ගෑවෙන්න තරම් ලං වෙලා ඉන්න උනේ මොකද කියනවනං මේ බස් අයිතිකාරයෝ හිතන්නෙ බඹරුන් යනු
එක තට්ටමේ ජීවින් කියලද මන්දා. යන්තම් එක තට්ටමකින් අඟල් හයක් විතර ඇති ආසනයක වාඩිවෙලා ඇඹරි ඇබරි
ආවම පැය දෙකක්, කොන්ද නෑ. තට්ටමත් කටු අනිනවා වගේ හිරිවැටිලා.. මධ්‍යම පලාගේ හුඟක් උන්ගේ තට්ටං සමපාත නැත්තෙ ආන් ඒකයි. බස් වල අසුන් පොඩි නිසා!
හෙන ගහන තනිතට්ටමේ බස් අයිතිකාරයෝ...
බඹරා
එහෙම හිතුවට ඒකත් ඈට කිව්වෙ නෑ..කොංඩ රැවුල් වවාගෙන කසිකබල් පෙනුමින්
උන්නු බඹරාට ඈ වෙනුවෙන් හිත හැදෙන දෙයක් කියන්න හිතට ආවෙම නෑ. ඈ ජනේලයෙක්
එපිට බලාන උන්නා. දි මූ ගේ ආලකමන්දාව හෙවත් අම්බුලුවාව ඈත කන්දේ හිරු රැසින් දිලෙනවා ඈත..
බඹරාත්
ඒ දර්ශණයෙක් විකසිත වෙලා උන්නෙ. බසය නැලවෙමින් ඉදිරියට ඇඳුනා. ජනේලයෙන්
සිසිල් සුලං ඇවිල්ලා එයාගේ කෙහෙ රැලි වල තැවරීගෙන බඹරාගේ සුවද ස්පර්ශක වල
දැවටුනා.
බඹරා දෑස් පියාන ඒ සුවඳ විඳින්න හිතුවා විතරයි, එකපාරට
මීදුමෙන් හාත්පස වැසුනා..
බඹරා ඈව දෝතින් අල්ලාගෙන් ආකාසේ පියාඹා ගොසින් අම්ඹුලුවාවේ කාටවත් ලං වෙන්න බැරි මුදුනේම තුඩ මත වෑසුවා. හරියට සුපිරි මිනිසා වගේ...
ඇගේ මුදු බඳ වටා බඹරාගේ අත පැටලී තිවුනා..බඹරාගේ අයෝමය හස්තය තුල ඈ පට්ට සුරක්ශිතයි.
මීදුම මැද බඹරා ගුමු ගුමු ගෑවා...
අපූරුවට..
සුලගේ දවටා
ඔබ ගෙන යමි
ගගන පුරා.
වලාකුලේ ඔබ හිඳුවා
පිරිමදිමී.
රිදෙන දෙපා.
සිපගනිමී
ඔය කම්බුල්
නුඹව දවා
රොන් ගනිමී
මල් කෙල්ලේ
නුඹ නොතලා...
එහෙම කියලා බඹරා ඇගේ තොල් වලට ලං උනා. කදිම මල් සුවඳ. බඹරට ආවෙම සුපිරිවිකි සුවඳ..
ඒ
තොල් ඇත්තටම රස ඇති. තව මොහොතකින් ඒ තොල් බඹර පහසින් මත් වෙනවා. මලක යුෂ
බේරෙනවා. ඒ සේරම බඹරිඳු විසින් උරා බොනවා..ඔන්නොහොමයි වෙන්නෙ මිත්‍රවරුණි.
තේරුං ගන්ඩ..
ඉතින් ආයෙම...
තොල් ඉතා ආසන්නයි. හුස්ම
වදිනවා.බඹරාගේ සියලූම සවේදනා අලුත් වෙනවා. සියලු හැගුමන් අවදි වෙනවා. බඹර
තුඩ දික් වෙලා රොන් ගන්න සැරසෙන බවට බඹරාට සංවෙදනය වෙනවා.
එවිටම ඈ
බඹරාගේ මුවට සිය දබර ඇඟිල්ල තබනවා. ඒ ඇඟිල්ල සීතලයි. සෙවෙලට මොනාදෝ ඇඟිල්ලේ
තියනවා දැනෙනවා. ඒවා බඹරාගේ කම්බුලේත්, ඝන රැවුලේත් ඇලෙනවා දැනෙනවා. ලාටු
වගේ. සීතල හැදිලා නෙව ඈට මීදුම් දුමාරය මැද්දේ හුගක් සීතල හැදිලා. හොටු
බේරෙන් ඒවා ඇඟිල්ලෙන් පිහදාලා එහෙම්ම බඹරාගේ කටේ තියන්න ඇති ඉතින්. "හෙම්බ"
නේද මැණිකේ, ඒකනේ කෙල්ලෙ මේ උණුසුම් කරන්න හදන්නේ බඹරා කිව්වම ඈ මදහස පෑවා.
ඉක්බිති මෙහෙම කිව්වා
"ඕං නැගිටලා!"
හෑ....
එයාගේ දෙතොල් ලඟින් ඈත් උන බඹරා ආයම ඇහුවා. ඇඟේ ඇඟිල්ලේ සෙවෙල සීතල නං දිගටම තිවුනා.
"ඕං නැගිටලා"
ඈ...
මේං මල බඹරාට විහිලු කරනවා... ඇගේ සරදම් සිනාව මහ හඬින් බඹරාට ඇහෙනවා..
බඹරා දැන් ඉවසුම් නැති කමට සෙවෙල ඇඟිල්ල දිව තුඩින් ලෙවකනවා. හරියට දහයේ
අයිස් පැකට් එකක් කනවා වගේ...ලොලිපොප් කනවා වගේ...ඇස් පියාගෙනම. බඹරාගේ
වින්දනය!
"ඕං නැගිටලා" ඒ අස්සෙම ඈ හිනා වෙන ගමන් ආයෙම කියපි...
එහෙම කරලා ඒ කෙල්ල බඹරාගේ මුවේ තිබ්බ සීතල ඇඟිල්ල අරගෙන ඒයා ඔය පුන පුනා කියන නැගිට්ට්ටාය කියන්නා වූ තැනින් තියන්න යද්දිම ලැජ්ජා බයැති බඹරා ඇස් ඇරියා......
එතකොටත් ඇස් දහසක් බඹරා දිහා අප්පිරියාවෙන් බලාන ඉන්නවා...
ඇය අබ පුපුරණ කේන්තියෙන් යුතුව ගිණි විදින දෑසින්, හරි "ආදරයෙන්" නොවන බැල්මෙන් බඹරා දිහා බලගෙන ඉන්නවා..
සීතල සුදු යකඩ බටයට කට තියාන කට ගොන්නක් ඇරගෙන කෙල තප්පයක් බටේත් තවරාගෙන උන් බඹරා ඇහැරුනා..
ඒ ඇහැරෙද්දිත් එයා කියනවා. කේන්තියෙන්ම...
"ඕං නැගිටලා ඉඩ දීපන් මිනිහෝ මට බහින්න!"
නින්දේ උන් බඹරාට ඇහිල තියෙන්නෙ පළවෙනි වදන් දෙක විතරමයි අවාසනාවට!
"ඕං නැගිටලා"
හෝන්දු මාන්දු වෙලා උන්නු බඹරා ආතක් පාතක් නැතුව ඉද්දි ආයෙම අබ පුපරණ මුවින් "ඕං නැගිටලා ඉඩ දීපන් මිනිහෝ මට බහින්න! මූසලයා!" කියලා රුවන් වැකි පිටවුනා!
ඒක
ඇහෙද්දිම කැරකෙන හිසින් යුතුව අඩවන් දෑසින් මේ කුමන සන්තෑසියක්දෝ කියලා සිතමින් ඉන්නා බඹරාගේ
මුවගින් තවත් ගෝලාකාර සිනිදු ගඳ ගහන කෙල බෝලයක් පිම්බීලා ඉර එලියෙන් ආලෝකමත් වෙලා දේදුන්නේ පාට
වලින් වර්ණවත් වෙලා පා වෙලා ගිහින් ඇගේ දකුණු පියවුරේ උලට තිවුන තැන ගැටිලා
"පොයි" හඬින් පුපුරලා ගියා...
කදිම ශබ්දය - "පොයි"
ඉක්බිති.......................