උගුල!

 


තරුණ බඹරිඳු
පියඹා ආවා..
සුවද පැතිරෙන
මලක් දුටුවා....


පහස ඕනා
බවට හැඟුනා
නටුව නොතකා
"මල" ම සෙව්වා....

සුලඟෙ ලෙලෙනා
කුසුම් කුමරී
බඹර පහසක්
එපා කීවා...

පෙන්නමින් උන්
සිරිය හින්දම
දිරිය බඹරා
මලට වැසුවා...

යලි යලිත් මල
නොදෙමි රොන් බිඳු
දැඩිව හඬගා
කියා සිටියා....

රොන් උරනු රිසි
තරුණ බඹරා
මලේ සිත් පොඩි
තලා දැම්මා....

ඉතින් "රොන් බිඳු"
නොදෙමි දිවුරා
බාඳුරා ඇගෙ
උගුල වැසුවා.....

අනේ බඹරිඳු
බාඳුරා මල්
පියල්ලේ ඇති
උගුලෙ ගිලුනා.......!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form