Sunday, February 26, 2023

ග්ලුප්................

 


 

හිසරදය නුඹ
නිති කරච්චලයක්ව

තඩ්! පතිත විය කුළු ගෙඩිය
නිහඬ කරමින් අවට හඩ

රාත්‍රී මැදියම් කණිසමේදී
නිහඬවම කර මතින් දියයටට

'ග්ලුප්' පැමිණි දිය බුබුල මතු පිටට
කියාපෑ හැටි නිමාවූ බව දිවි සැරිය

ඉතින් හිසරදය නිමවිය
හාත්පස නිහඬයි රකී ගොලුවත

එනමුදු හෙටක් ඇත, හඬක් නැත
පාලුවේ තනි වේවි ජීවිතය

No comments:

Post a Comment

Your Comments / ඔබේ ප්‍රතිචාර