සංවර්ධන නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩයිම් විභාගය - තොරතුරු තාක්ෂණ ප්‍රශ්න පත්‍රය ගැන

 

 
මේ දිනවල රජයේ ආයතන වල සේවය කරනා සංවර්ධන නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩයිම් විභාගය (EB EXAM) පැවැත්වෙන බව දන්වා ඇති අතර ඒ සඳහා මාධවගේ ද මිතුරු නිලධාරීන් කඩිනමින් යුහුසුලුව පාඩම් කරනු දක්නට ලැබේ.

මෙම කාර්යක්ෂමතා කඩයිම් විභාගය උදසා ප්‍රශ්න පත්‍ර තුනක් ලැබෙන අතර

            1 – කාර්යාල ක්‍රම

            2 – ගිණුම්

            3 - තොරතුරු තාක්ෂණය

යන ප්‍රශ්න පත්‍ර තුන ලැබෙනු ඇත.

එසේ හෙයින් ආන්න ඒ ආකාරයේ විභාගයට පෙනී ඉන්නා පුද්ගලයින් සඳහා තොරතුරු තාක්ෂණය පිලිබඳව මග පෙන්වීමක් මේ ලිපියෙන් කිරීමට මාධව කැමැත්තේය.

පරිගණක සම්බන්ධ රජයේ නිලධාරීන්ගේ තිබෙනා අලස සහ ඇල්මැරුණු ආකල්ප නිසාවෙන් හෝ පරිගණක දැනුම ලබා ගැනීම පිලිබදව අවස්ථාවන්  බොහෝ අයට නොමැති වීමෙන් හෝ කෙසේ හෝ මෙම තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය උදෙසා මුහුණ දීමට නියමිත එම නිලධාරීන් විසින් අනවශ්‍ය බියක් ඇති කරගෙන ඇති බවට මාධවට පෙනී ගොස් ඇත.

එසේ හෙයින් පැරණි ප්‍රශ්න පත්‍ර සහ ගැටස් පත්‍ර පරීක්ෂාවෙන් පසු පහත දැක්වෙන අංශ වලින් පරිගණක දැනුම උරගා බැලෙනු ඇති බව මාධව පැවසීමට කැමතිය.

මෙම දැක්වූ මාතෘකා වෙන වෙනම සලකා බැලීමේදී පහත ආකාරයට ප්‍රශ්න විමසා තිබෙනු මාධවට පෙනුනි

01 - පරිගණකයේ මූලික දැනුම

 

පරිගණකයේ ඉතිහාසය (පළමු පරිගණකය නිර්මාණය කිරීම)

පරිගණකයේ පරිණාමය (GENERATIONS OF THE COMPUTER)

නූතන පරිගණකය ආශ්‍රිත තොරතුරු සහ පරිගණක භාවිතා කරන ක්ෂේත්‍ර සහ අරමුණු සම්බන්ධව

දත්ත ගබඩා කිරීම සහ මිනුම් කිරීම (bit, byt, kilo byte……)

 

02 - පරිගණක දෘඩාංග හා ජාලකරණය සම්බන්ධ මූලික දැනුම

 

පරිගණකය පණ ගැන්වීම සහ මෙහෙයුම් පද්ධති සම්බන්ධව (WINDOWS, LINUX, IOS)

පරිගණකයේ ගොනු සහ Folder කළමණාකරණය - Files and Folder Management (නිර්මාණය, නම වෙනස් කිරීම, Cut and Copy සහ ගොනු මැකීම ආදී....)

කෙටි මං (Shortcut Keys)

පරිගණකයේ කොටස් සහ පරිගණකයට සම්බන්ධිත ආදාන ( INPUT ) හා ප්‍රතිදාන ( OUTPUT ) උපකරණ වර්ගීකරණය

Mouse and Keyboard පිලිබඳව

පරිගණකයේ කෙවෙනි (Ports)

මුද්‍රණ යන්ත්‍ර පිලිබඳව

RAM - සසම්භාවී අහඹු මතකය , ROM ස්ථිර මතකය, දෘඩ තැටිය ආදී උපාංග පිලිබදව

පරිගණක වර්ග (Laptop, Desktop, Servers) ආදී

USB, UPS, VGA වැනි කෙටි යෙදුම් වල විස්තරාත්මක නාමය ආදී දෑ.....

ජාලකරණය, අන්තර්ජාලය පිලිබදව

පරිගණක වෛරස හා ආරක්ෂා වීම පිලිබදව

 

03 - මෘදුකාංග පිලිබද දැනුම

Microsoft Office –

 Word - වදන් සැකසුම් මෘදුකාංගය ඇසුරින් එහි භාවිතා වන විධාන සම්බන්ධව සහ විවිධ කටයුතු සිදු කරගන්නා ආකාරය පිලිබදව, mail Merge පහසුකම පිලිබදව

Excel - විධාන සහ සමීකරණ ලිවීම, යම් කිසි ක්‍රියාකාරකමක විස්තර ලබා දී ඒ සඳහා සමීකරණ ලිවීම

Powerpoint - ඉදිරිපත් කිරීම් ( Presentation) සිදු කිරීමේදී කදාවන් (Slides) නිර්මාණය කර ගැනීම, රූප ඇතුල් කිරීම, චලන නිර්මාණය කිරීම ආදී කටයුතු

Access - දත්ත පද්ධතිීන් සහ ඒ ආශ්‍රිත කටයුතු, Primary Key, Relationship, Access Table, Query, reports ආදී දේවල් සම්බන්ධව

ඒමෙන්ම මෙම Microsoft Office වෙනුවට භාවිතා කල හැකි විකල්ප මෘදුකාංග හෝ පහසුකම් පිලිබදව ද විමසනු ඇත. උදාහරණ ලෙස Google Docs, Sheets, Apache Calc ආදී

 

04 - අන්තර්ජාලය සහ විද්‍යුත් ලිපි සම්බන්ධ දැනුම


අන්තර්ජාල පහසුකම් සපයන්නන්, අන්තර්ජාලයේ අරමුණු සහ පහසුකම්, ආදී තොරතුරු

වෙබ් ලිපිනයක ආකෘතිය

සෙවුම් යන්ත්‍ර, අන්තර් ජාලයේ අනිසි භාවිතය ආදී දෑ

විද්‍යුත් ලිපිනයක ආකෘතිය

විද්‍යුත් ලිපිනයක් යැවීමේ ක්‍රම වේදය සහ Attachments

To, CC, BCC පහසුකම් පිලිබඳව

විද්‍යුත් ලිපිනයේ ඇති Folders පිළිබඳව

මාර්ගගත විද්‍යුත් ලිපින සපයන්නන් සහ ඒවායේ වාසි අවාසි


මේ ආකාරයට සැකසී ඇති ප්‍රශ්න පත්‍රයේ බහුවරණ කොටසක් සහ රචනා කොටසක් ඇති අතර ඒවා සඳහා නිලධාරියා ඉල්ලුම් කර ඇති මාධ්‍යයයෙන් පිලිතුරු සැපයීමට අවකාශ ලබා දී ඇත.

අවසාන වශයෙන් මෙම ප්‍රශ්න පත්‍රය සඳහා අනිසි බිය ඇති කර නොගන්නා ලෙසත් හොඳින් පුහුණුවී කටයුතු කිරීමෙන් මෙම ප්‍රශ්න පත්‍රය පහසුවෙන් සමත් වීමට හැකි බවත් කීමට මාධව කැමැත්තේය.

සැමට ජය වේවාය. උපකාර අවැසි ඇත්තෝ වේ නම් මාධවත් සමඟ සම්බන්ධ වන්න යැයි ආරාධනා කරන්නේය

 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form