වෘත්තිකයින්ට සහ වෘත්තීයභාවය වෙනුවෙන් Linked in

 


මිත්‍රවරුණි,

හැමදෙනාම සමාජ මාධ්‍යය භාවිතා කරනවා. නිදහස අගයන කිහිප දෙනෙක් ඇරෙන්නට සහ මුදල් හදල් නැති අයවලුන් හැරෙන්නට ලංකාවේ බොහෝ අය ද මෙම සමාජ මාධ්‍ය භාවිතා කරනවා කියලා කිව්වැ හැකි.

Facebook, Instagram වැනි විනෝදාස්වාදය සහ Twitter වැනි බ්ලොගින් සේවා ලබා දෙන සමාජ මාධ්‍ය අඩවි වලින් වෙනස් ආරකට නිර්මාණය කෙරුණු Linked in කියන්නෙ තනිකරම වෘත්තිකයින් ගැන හිතන විවිධ ක්ෂේත්‍ර වල වෘත්තිකයින් සඳහාම නිර්මාණය වුනු සමාජ මාධ්‍ය අඩවියක්.

වර්තමානය වන විට මෙබයිල් යෙදුමක් (App) ලෙස දියුණු වී ඇති Linked in ගැන කතා කරන්නට මාධව අද බලාපොරොත්තු වෙනවා.

 

අයිකනය - 

වෙබ් අඩවිය - https://www.linkedin.com/

සරලවම විවිධ ක්ෂේත්‍ර වල විවිධ පුද්ගලයින් විවිධ රටවල් වල සේවය කරනවා. විවිධ සේවාවන් වල නිරත පුද්ගලයින් රට රටවල් වල, සමාගම් සමාගම් අතර සිය වෘත්තීය හැකියාවන් අලෙවි කරනවා. එවැනි කටයුතු සඳහා මෙම Linked in ඉතා හොඳ වේදිකාවක් වර්තමානය වන විට සකසා අවසන්.

අතීතයේදී අයදුම්පත් කැඳවා තමන්ට අවශ්‍ය සේවකයින් සොයා ගන්නා බොහො සමාගම් දැන් ඒ කටයුත්ත සඳහා යොදා ගන්නේ මෙම Linked in අඩවියයි. නිවැරදිව මෙහි ෆ්‍රොෆයිලය (පැතිකඩ) නිර්මාණය කර ගත් පසු එය CV  - ජීව දත්ත පත්‍රිකාව මෙන් විස්තරාත්මක වෙන බැවින් වෘත්තිකයෙකුගේ සියලු විස්තර පහසුවෙන් දැනගැනීමට හැකියාව මෙහි තිබෙනවා.

2003 දී මුල්වරට එලිදැක්වුනු මෙම අපූරු සමාජ මාධ්‍යය අඩවියේ හිමිකාරීත්වය microsoft ආයතනය විසින් දරන අතර මේ වන විට පරිශීලකයින් මිලියන 870ක් 875ක් පමණ පිරිසක් සම්බන්ධ වී අවසන්. Linked in වෙත පරිශීලකයෙක් විසින් එක් කරනු ලැබූ පෝස්ටුවකට මුහුණු පොත හෙවත් facebook මෙන්ම like කිරීමට, සුභ පැතුම් එක්ක කිරීමට  සහ වෙනත් ප්‍රතිචාර දැක්වීමට හැකියාව ඇත. වඩාත් වැදගත් වන්නේ මෙහි ඇති වෘත්තීය භාවයයි. විවිධ පුද්ගලයින් වෘත්තීය වශයෙන් සිය ඉලක්ක සපුරාගැනීමේ අගනා ප්‍රීතිජනක අවස්ථාවන් (නව රැකියාවකට ඇතුලත් වීම, උසස් අධ්‍යාපන කටයුතු වල සාර්ථක බව, උසස්වීමක් ලබා ගැනීම, නව සමාගමක් ආරම්භ කිරීම ආදී.....) මෙහි පලකිරීමට යොමු වී සිටිනවා. 

 

linkedin අතුරුමුහුණත





 

වෘත්තීයම භාවය අගය කරනා බොහෝ පරිශීලකයින් සිටිනා මෙම Linked in මගින් රැකියා අවස්ථාවන් සොයාගන්නෝ බොහෝ ඇති බව මාධවට කිව හැකියි. මාධවට ද සිය සුදුසුකම් අනුව විවිධ රැකියා අවස්ථාවන් සඳහා ආරාධනා හිමිවී ඇති බව සතුටින් කිව හැකියි. නිවැරදිව සත්‍ය තොරතුරු ඇතුලත් කිරීම මගින් සාර්ථක පැතිකඩක් (Profile) නිර්මාණය කර ගන්නා පරිශීලකයාට මෙරට හෝ එතෙර රැකියාවක් වුවද සොයා ගැනීමට වර්තමානයේ අවකාශ ඇති බව නොබියව ප්‍රකාශ කිරීමට මාධව කැමතියි.

ඒසේම මෙම Linked in  හි ඇති Skill Test මගින් පරිශීලක ඔබගේ වෘත්තීය දැනුම සත්‍යාපනය කිරීමට ද අවස්ථාවක් ලබා දී ඇති අතර ඒ මගින් පරිශීලකයාගේ තත්වය මැනගැනීමක් සිදු වනවා. Linked in මගින් රැකියා අපේක්ෂා කරනා අයවලුන්ට එම Skill Test මගින් තව වටිනාකමක් එක්කාසු වනවා.උදාහරණ ලෙස ඔබට පරිගණක ක්ෂේත්‍රයේ MS excel පිලිබඳව දැනුම තිබේ නම් මෙම Linked in හි ඇති Skill Test සිදු කිරීමෙන් පසු එය සමත් වූ පසු එවා ඔබගේ Profile වෙන එකතු වනවා. ඔබගේ Profile  පරීක්ෂා කරනා අයවලුන්ට ඒ මගින් ඔබගේ MS excel පිලිබඳව ඇති හැකියාවන් පහසුවෙන් පෙනෙනවා.

මොබයිල් යෙදුමේ අතුරුමුහුණත

 

මුහුණු පොතේ මෙන් දේශපාලනික, කලාවට හෝ විනෝදයට බර වීම අඩු බැවින් බොහෝ දෙනා පරිශීලනය නොකරන Linked in  මගින් නිවැරදි ප්‍රයෝජනයක් ලබා ගැනීම සිදු කරන්නාට නම් පාඩුවක් නොමැති බවයි මාධවගේ අදහස. ලංකාවේ ද පුද්ගලික ක්ෂේත්‍රයේ ඇතැම් සම්මුඛ පරීක්ෂණ වලදීද මෙම Linked in  Profile ඇත්දැයි විමසන බව මාධව අසා තිබෙනවා. ඒ බැවින් මාධව රැකියාවක් සොයන සහ දැනට යම් වෘත්තීයක නිරත වන රටවැසියන්ට පවසන්නේ අනිවාර්යයෙන්ම Linked in   ගිණුමක් නිර්මාණය කර ගන්නා ලෙසයි.

Linked in  ගැන කතාන්දර ඔපමණය.

ඉහතින් ලබා දී ඇති සබැඳියෙන් පිවිස ඔබගේ ගිණුම නිර්මාණය කර ගන්නා ලෙස අවසාන වශයෙන් මාධව ඔබට ආරාධනා කරන අතර 2009දී එක්තරා දුරකථන සමාගමේ කල් ගෙවද්දී Linked in  ගිණුමක් නිර්මාණය කර ගැනීමට මාධව ව යොමු කල ආදරණීය කුකුලා මිත්‍රයා ව මාධව මේ මොහෝතේ සිහිපත් කරන්නට කැමැත්තේය.

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මෙවැනි ගිණුමක් සදා ගැනීමට කීයක් යනවද සර්?

    ReplyDelete
Previous Post Next Post

Contact Form