මුණගැසේවිද?

 


නිල් අහස යට මහනුවරදි

පිය නගන වීදි අතරෙදි

හමුවෙයිදෝ

කාලෙකින් ඈ

පුදුම වන දෑස්

කියාවිද කතාන්දර

පෙරදා දිනෙක සන්ධ්‍යාවේදී

නොකියා ගොලුවුනු

 

මෘදු මදහස නැවුම් කල දවසම

නිරාශාව පිරුණු හැඟුම් පිරි

ආයෙමත් පෙනෙන්නට

ඇවිද ඒවිද ඈත ඉඳන්

 

මතක අලුත් කරගෙනම

විස්මිත වූ දෑසින් සුභපතා

පෙරදා සේම වැලඳ ගනීවිද

මෘදු වූ ඒ මිහිරි වැලඳ ගැනීම ලෙසින්ම 


සෞම්‍ය හිරු රැස් මැද

මහනුවර මායාවේ රැස්

නුඹගෙන් විහිදී ඇවිදින්

හදවතේ දැවටේවිද..............     

 

ඉතින් ආයෙමත්

මුණගැසේවිද?

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.
    අපගේ සින්ඩියේ පලකොට ඇට්zහි පෝස්ටුවක වැඩි විස්තර දැක්වේ. පිවිස කියවන්න!

    ReplyDelete
Previous Post Next Post

Contact Form