ඔබගේ උකුල් පරිගණකය නිසි පරිදි තෝරා ගන්න

 

 

වර්තමානයේ හැමෝම ගන්නේ උකුල් පරිගණක වීම අරුමයක් නොවේය. පහසුව, තත්වයක් ඇතිවීම, ජංගම භාවය ආදී කාරණා නිසා සහ පහසුවෙන් මිලට ගත හැකි වීම (කාලයකට පෙර) හේතු වන්නෝය

මාධවගේ අත්දැකීමට අනුව බොහෝ දෙනා උකුල් පරිගණක මිලට ගන්නෝය. නමුත් ගන්නේ තමාට උවමනා කාරණයට සුදුසු එක නොවන්නේය. ඒ් නිසාම මාධව මේ ගුරුහරුකමක් දෙන්නට සිතන්නේ ආන්න ඒ ගැන ය.

පරිගණක මිලදී ගැනීම දැන් ලෙහෙසි නැත! රටක අධ්‍යාපනය වැටී ඇති තැන පිළිබිඹු වන කැඩපතක් ලෙස එය සැලකික්කට ගත හැකිය. විශාල මුදලක් හෝ ගෙවා ලබා ගන්නා පරිගණකය ක්‍රියා කරවීමේදී සිදුවන අපහසුතා ගොඩ ගැසේ නම් ඔබ විසින් කුණු ගොඩක් මිපට ගෙන ඇති බව මාධව කියන්නේය.

ඒ නිසා මාධව අද කියන්නේ නියමාකාරයෙන් උකුල් පරිගණකයක් නොහොත් LAPTOP පරිගණකයක් මිලදී ගන්නා ආකාරය වන්නේය.

උකුල් පරිගණකයක ක්‍රියාකාරී බව තීරණය වන සාධක කීපයක් ඇත්තේය.

උකුල් පරිගණකයේ ප්‍රොසෙසරයේ (මධ්‍ය සැකසුම් ඒකකය) වේගය, අහඹු මතකය, දෘඩ තැටියේ ප්‍රමාණය, වීඩීයෝ මතකය, Bus Speed, පරිගණක තිරයේ ත්‍රීවතාවය, සිසිලන ක්‍රම, ජාලකරණ තත්වයන් ආදී විවිධ කාරණා වල බලපෑම මත පරිගණකයේ ක්‍රියාකාරීබව තීරණය වනු ඇත.

විවිධ අවශ්‍යතා අනුව අවැසි වන විවිධ කරුණු ඇත. ඒ් අනුව ඔබගේ පරිගණකය කුමක් වේද යන්න සලකා බැලිය යුත්තේ අවශ්‍යතාව සපුරන සාධක මතමය. මුදලට පෙර ඒවා සලකා බැලීමෙන් අවශ්‍යතාවයට සරිලන පරිගණක වර්ගයන් තෝරා ගත හැකිය.

මෙහිදී කිව යුත්තේ දැන් ලංකාවේ තිබෙන්නා වූ සෑම වෙලඳ නාමයක්ම පාහේ සමාන තත්වයන් පෙන්නුම් කරන බවත්, ඒ් ඒ් වෙලඳ නාම වලට අනන්‍ය වූ දෝශ ඇති බවත් ය. ඒ් නිසා කිසිවෙක් පැවසූවාට අහවල් වර්ගය හොඳ යැයි සිතා උපකරණ මිලදී ගැනීමෙන් වලකින්න. ඔබගේ අවශ්‍යතාවය සපුරාලීමට වෙලඳ නාමයට හැකියාවක් නැත. අනිවාර්යයනේම ඔබ විසින් පරිගණයක් මිලදී ගැනීමට ප්‍රථම අන්තර්ජාලයට පිවිස අදාල වෙලඳ නාම වලට (සන්නාම)  අදාල වෙබ් අඩවියට පිවිස පාරිභෝගික අදහස් කියවා බැලීමෙන් අදාල උපකරණ පිලිබදව දල අදහසක් ලබා ගත හැකිය.

ඒසේම youtube හි බොහෝ ඉදිරිපත් කිරීම් ඇති අතර ඒ්වාද විමසා බැලීම ඉතා වටී.

ඉතින් මාධව ඊළගට කියන්නට යන්නේ වැදගත්ම කරුණු ගැනය. නිවැරදිව පරිගණකයක් හෝ උකුල් පරිගණකයක් හෝ වේවා මිලදී ගැනීමට ප්‍රථම සලකා බැලිය යුතු කරුණු මේවාය.

 

 

අංක එක  - ඔබට පරිගණකය උවමනා ඇයි?

ඔබ මිලදී ගන්නා උපකරණයෙන් ඔබ‌ගේ අවශ්‍යතාවය ඉටු නොවන්නේ නම් සිදු වන්නේ අගතියකි. එසේ හෙයින් ඔබගේ අවශ්‍යතාවය හඳුනා ගැනීමට ඔබට හැකි විය යුතුයත ඒසේත් නැතිනම් මාධව වැනි වෘත්තිකයෙකු‌ගෙන් අසා දැන ගැනීම වඩාත් ඵලදායී වනු ඇත. ලෙඩට බේත මෙන් මාධවලා කරුණු කාරණා දැනගත් පසු නිර්දේශ කරනු ඇත්තේ ඔබට සුදුසුම සහ මිලදී ගත හැකි ප්‍රමාණයේ එකක් වීමට බොහෝ දුරට ඉඩ ඇත.

ඒ් නිසා ඔබගේ අවශ්‍යතාවය නිවැරදිව සහ ප්‍රමාණාත්මකව හඳුනාගෙන උපකරණය මිලදී ගැනීමෙන් අපහසුතා මඟහරවා ගනිමින් ඔබගේ කාර්යයන් සඵල කර ගැනීමට හැකි වනු ඇත.

මෙහිදී මාධව අවශ්‍යතා යනුවෙන් සඳහන් කර ඇත්තේ පහත දක්වා ඇති ආකාරයේ කාරණාවන්ය. ඇතැමෙකුට කාරණා කීපයක අවශ්‍යතාවය සඳහා එක් උපකරණයක් මිලදී ගැනීමට අවශ්‍ය වනු ඇත. එබැවින් ඔබට පරිගණකයක් අවශ්‍ය කුමණ කාරනාවට දැයි පැහැදිලිව හඳුනා ගැනීම අතිශයින්ම වැදගත් ය

 

සාමාන්‍ය කාර්යාලයීය ලිපි ගොනු නිර්මාණය සහ පවත්වාගෙන යාම

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා  - මාර්ගගත අධ්‍යාපනය සඳහා

තාක්ෂණවේදියෙකු ලෙස අධ්‍යාපනය ලැබීමට සහ කටයුතු කිරීමට

පරිගණක ක්‍රීඩා කිරීමට

පරිගණක ආශ්‍රිත නිර්මාණකරණයන් සඳහා - Graphic Design, Photo Editing

සිවිල් ඉන්ජිනේරු කටයුතු සඳහා - සැලසුම් ඇඳීම, ප්‍රමාණ සමීක්ෂණ කටයුතු වලදී භාවිතයට

මෘදුකාංග නිර් මානය  කිරීමට

විනෝදාස්වාදය සඳහා

 

මේ ආකාරයට විවිධාකාර වූ තවත් බොහෝ අවශ්‍යතා සඳහා පරිගණකය උවමනා වනු ඇති බැවින් ඔබගේ මූලිකම ප්‍රමුඛතම අවශ්‍යතාව හඳුනා ගැනීම වැදගත් වන්නේය.

උදාහරණ ලෙසට ඔබට අධ්‍යයන කටයුතු කියූ විට කුමනාකාරයේ අධ්‍යයනය කටයුත්තක් දැයි අවබොධයක් තිබීම වැදගත්ය. දේශපාලන විද්‍යා උපාධියක් හදාරණ. මාර්ගගගත අධ්‍යාපනය ලබන පුද්ලගයෙකු හට අවැසි වන සරල පරිගණකය ඉන්ජිනේරු විද්‍යාවන් හදාරන සිසුවාට කොහෙත්ම නොගැලපෙන අතර එවැනි සිසුන් පරිගණකයෙන් කරන කාර්යයන් අනුව ඉතා ඉහල ක්‍රියාකාරී තත්වයන් ඇති පරිගණයක් මිලදී ගත යුතුමය.

ඉන්ජිනේරුවා විසින් දේශපාලන විද්‍යාව හදාරණ සිසුවාගේ පරිගණකය ඉල්ලාගෙන සැලසුම් නිර්මාණය කිරීමට යාමෙන් සියල්ල උඩු යටිකුරු වනු ඇත. ආන්න එවැනි කාරණා නිසා අවශ්‍යතාවය හඳුනා ගැනීම අතිශයින්ම වැදගත් ය.

 

අංක දෙක   - ඔබට වැය කල හැකි මුදල කොපමණද?

අදාල අවශ්‍යතාවට සරිලන පරිගණක ඇතැම් විට ඉතා විශාල මුදලක් වැය කර මිලට ගැනීමට සිදු වීම සාමාන්‍ය කාරණාවක් ය. ඒසේ මුදල් නැත යැයි කියා ක්‍රියාකාරී තත්වයක් අවම පරිගණකයක් මිලට ගෙන කටයුතු කරන්නට යාමෙන් ඔබට පරිගණක ක්ෂේත්‍රයම අප්‍රසන්න වනු ඇත. ඒ් නිසා අනිවාර්යයෙන්ම එහිදී වෘත්තිකයෙකුගේ නිර්දේශ මත පරිගණක මිලදී ගැනීම වඩාත් සුදුසු වන්නේය. ඒසේත් නොමැති නම් වෙලඳපලේ තිබූ පලියට මිලට ගෙන ඉක්බිති ඔහේ විසිකර දැමීම අපරාධයක්මය.  

ඒ් නිසාවෙන් මිලදී ගැනීමට හැකියාව තිබූ පලියට අඩු මිලට මිලදී ගැනීමෙන් වලකින්න

 

අංක තුන -  වගකීම් කාලය ?

වර්තමානයේ ඇති බොහෝ උපාංග සැබැවින්ම කුජීතය. ඇතැම්වා මිලදී ගෙන සතියෙන් දෙකෙන් විවිධ ලෙඩා පැමිණෙනු මාධවට ද අත්දැකීම් ඇත. ඒ නිසාවෙන් වගකීම් කාලය වසර තුනක් වත් ඇති උපකරණ මිලදී ගැනීම වැදගත් ය.

 

අංක හතර   - දෘඩාංග (HARDWARE) වල තත්වයන් සහ ඒ්වා upgrade කර ගැනීමට ඇති හැකියාව විමසා බැලීම

එනම් ඔබ මිලදී ගන්නා පරිගණකය අනාගතයේදී අවශ්‍ය පරිදි දෘඩාංග වලින් නව්‍යකරණයට ලක් කල හැකි දැයි විමසා බැලීම වටිනවාය. උදාහරණ ලෙස ඔබ මිලදී ගන්නා උකුල් පරිගණකයේ අහඹු මතකය දැනට ඇත්තේ 8 GB නම් ඉදිරියේදී ඒය 16 GB කර ගැනීමට ඇති හැකියාව විමසා බැලිය යුතුය. නැතිනම් ඔබට හැමදාම 8 GB ප්‍රමාණයනේම සෑහීමට පත්වීමට සිදු වනු ඇත. මෙහි අවාසිය වන්නේ වසරින් වසර වැඩි දියුණු වන මෘදුකාංග සංස්කරණයන් භාවිතා කිරීමට නම් බොහෝ විට අහඹු මතක ප්‍රමාණය වැඩි වීමය. මෙහෙයුම් පද්ධති ද ඒසේමය. එසේම බැටරිය පිලිබදව විමසා බැලීම ද වැදගත්ය. විශේෂයෙන් ඔබගේ කටයුතු වලදී විදුලි බලය ඇති ස්ථාන වලින් බැහැරව කටයුතු සිදු වන්නේ නම් අනිවාර්යයෙන්ම බැටරියේ පැවැත්ම දිගුකාලීන වන උපකරණයක් මිලදී ගත යුතුය.

ඒ් නිසා දෘඩාංග වැඩිදියුණු කරගැනීම සම්බන්ධව විමසා බැලීම ඉතා අගනේය. ඒසේ නොහැකි උපකරණ මිලදී ගැනීමෙන් වැලකී සිටින තරමට ඔබගේ මුදල් ඉතුරු වීමට ඉඩ ප්‍රස්ථාව වැඩි වනු ඇත්තේය.

 

අංක පහ  - මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග  වල තත්වයන් සහ ඒ්වා upgrade කර ගැනීමට ඇති හැකියාව විමසා බැලීම

වර්ෂ 2015න් පසු පැමිණි බොහෝ පරිගණක windows 10 වලින් නැවතී ඇති අතර windows 11 සඳහා බොහෝ විට සහය නොදක්වයි. ඒසේම zoom වැනි මාර්ගගත රැස්වීම් පවත්වන මෘදුකාංග windows 8 වලට පහල (windows xp, 7) වැනි මෙහෙයුම් පද්ධති සමග නිසි පරිදි ක්‍රියා නොකරයි. Whatsapp වැනි මෘදුකාංග භාවිතා කිරීමට windows 10 හෝ ඉහල මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය වේ.

 

ඇතැම් IBM වැනි පරිගණක සඳහා linux මෙහෙයුම් පද්ධති සහ විවෘත මෘදුකාංග install කල නොහැක. ඇතැම් laptop පරිගණක වලට Linux මෙහෙයුම් පද්ධති සඳහා දෘඩාංග සහාය නොව්. උදාහරණ ලෙස ubuntu යෙදූ ඇතැම් උකුල් පරිගණක වල wifi ක්‍රියාත්මක නොවන්නේ wifi adapter හි driver මෘදුකාංග ලිනක්ස් වලට සහය නොදක්වන නිසාය. මේ ආදී ලෙස ගැටලු ඇති වීම නිසා පරිගණකයක් මිලදී ගැනීමේදී ඉහත කී පරිදි දෘඩාංග මෙන්ම මෘදුකාංග වලට සහාය දැක්වීම ද බැලිය යුතු ය.

මේ සම්බන්ධ ව දැනුම බොහෝ විට ඇත්තේ වෘත්තීය පරිගණක තාක්ෂණ වේදීන් සතුව වන අතර ඔවුන්ගෙ අසා දැන ගැනීම ඔබට හිතකර වන්නේය.

ඒබැවින් උකුල් පරිගණක මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ මේවා යැයි මාධව විශ්වාස කරන්නේය. ඔබගේ දැනුමට මෙසේ ලියා පලකරන්නේය. තව කරුණු ඇත්නම් හෝ මාධවට මඟ හැරී ඇත්නම් කාරුණිකව මාධවයා වෙත දැනුම් දෙන ලෙස ද කියා සිටින්නේය.

විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ සිසුවෙක් සඳහා පරිගණයක් මිලදී ගැනීමේදී ඒය සලකා බලා ඇති අයුරු මාධව පහත දක්වන්නේ ඔබට දැන ගැනීම පිණිසය.

 

කාරණා

අවශ්‍යතාවයන්

නිර්දේශය

ඉන්ජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබන සිසුවෙක්

දත්ත ගබඩා කිරීමට සහ වේගයෙන් දත්ත පරීක්ෂා කර කාර්යයන් සිදු කිරීම අවශයයි.

ඉහල ප්‍රොසෙසරයක් සහිත වූද,  දෘඩ තැටිය ඉහල ධාරිතාවයකින් සහ වේගයෙන් ක්‍රියා කරන්නා වූද, අහඹු මතකය (  RAM) 16 GB වැනි ඉහල අගයක් සහිත වූද, ඉහල වීඩියෝ මතකයක් සහිත වූද, ඉර ඒලියේදී ද දීප්තිමත්ව ක්‍රියා කරන තිරයක් සහිත, බැටරියේ පැවැත්ම පැය 5ක් පමණ පවතින, ආසන්නම නිපැයුම මිලදී ගැනීම නිර්දේශ කරමු.

Solid work, Autocad වැනි ඉහල ධාරිතාවන් අවශ්‍ය වන මෘදුකාංග භාවිතා වේ

අහඹු මතකය, වීඩියෝ මතකය ඉහල පුමාණ වලින් අවශ්‍ය වේ.

ඇතැම් විට ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට සිදු වනු ඇත

බැටරි බලය ඉහල තත්වයෙන් අවශ්‍ය වේ

කාලගුණික තත්වයන් වල කටයුතු කිරීමට සිදු වනු ඇත

දැඩි විය යුතුය. රළු තත්වයන් වලට සුදසු විය යුතුය

මූලික වශයෙන් වසර පහක පමණ දිගු කාලීනව උපකරණය උවමනා වේ

ඉහල තත්වයේ දෘඩාංග සහ වසර ගණනාවක් ඉදිරියට නිර්මානය වන මෘදුකාංග සංස්කරණයන් සඳහා භාවිතා කල හැකි විය යුතුය

 

ඒ් අනුව අදාල වේගයන් සහ අනෙකුත් තොරතුරු මත පදනම්ව නිර්මාණය කර ගත් පිරිවිතර (Specification) වලට සමාන හෝ ආසන්න වන අතැති මුදලට මිලදී ගත හැකි  වෙලඳපලේ පවතින උපකරණයක් මිලදී ගැනීම සුදුසුය. ඇතැම් විට අදාල උපකරණය සඳහා ඔබ සතු මුදල ප්‍රමාණවත් නොවන්නේ නම් අවශ්‍යතාවට සරිලන උපකරණය නොව අතේ ඇති මුදල වැය කොට අවශ්‍යතාව සපුරාලීමට නොහැකි නුසුදුසු උපකරණයක් මිලදී ගෙන මුදල් නාස්කි කර නොගන්නා ලෙස මාධව තරයේ කියන්නේය.

 

සුභ රාත්‍රියක් ය.

 

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. ඔබතුමා පරිගණක උපාංග අලෙවි කරන වෙළදසැලක වෙළද සේවක මහතෙක්ද?

    ReplyDelete
    Replies
    1. නැත. මාධව යනු පරිගණක ක්ෂේත්‍රයේ තවත් එක් වෘත්තිකයෙකි.

      Delete
Previous Post Next Post

Contact Form