ඉතින් ඉක්මණට එන්න........

 


උණුසුම් උඹේ හාදුවක්
හිමිවෙයි
කීරි ගැහෙයි
හිත් පොඩ්ඩ ක්ශණිකව
අවදි වෙයි සිහිනයෙන්


රුධිර නාලිකා වල පවා
උඹේ රස ගැබ් වී
දැනෙද්දී
සිහිනෙන් වූවත්
සැබෑ උණුසුම
කෙසේ දැනෙන්නේද
කෙල්ලේ........


රැයෙහිම එන්නේ කිමද
අවුලා දමා හැර යන්නේ කිමද
උකහා ගන්න
මගේ සාරවත් ප්‍රේම තරලයන්
තෙමාගෙන වැතිරෙන්න
සතුටු කෙදිරිල්ලත් එක්ක
ගෙන යමි නුඹව
දිව්‍ය ලෝකයේ කෙලවරටම
සැබැවින්ම එන්න
වැතිරෙන්න
පසෙකින්
පසක් වේවි
ආදරයේ ප්‍රභල භාවය............

ඉතින් ඉක්මණට එන්න........

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form