සුරාන්තයන් හමුවේ පපුව පැලීම

 


අඳුරු කොරිඩෝවක

නෙත් දිලෙන සේයා

යතුරු කවුලුවක් තුල

පිබිදෙනා මායා


සුදිය ලැබ ගන්න නිති

යොමන නෙත් අදුර තුල

යතුරු කට තුලින් ඇති

ලෝකයක සේයාව


අදුරු සෙවනැලි අතර

පිබිදෙනා තිසර තුඩු

හුරු පුරුදු සුසුම් හඩ

රෝස නා දළු දෙතොල


සැරිසරන රතැගිලී

සිප ගැනුම් කෙදිරිලී

ඇදි වතුත් විසි වෙවී

කෙලි බිමක සිරි ඇතී


රමණයේ රංගනය

පිරුණු ආලිංගනය

සයනයේ රස මිහිර

කවුලුවෙන් නෙත් තුලට 


සුරතකින් පියනගමි

දිව්‍ය ලෝකයක් වෙත

සුරලොවට සමීපව

සැරි සරමි සුරත තුල


සුරලොවේ දොරටුවේ

ලගට පා නගන විට 

දැල්වුනා ඇගේ නෙත්

ඔහු සතුව තිබෙන නෙත්


අනියමින් සුව විදින

ප්‍රියාවී දැකගන්න 

සිදු වුනා හිමිකරුට

යතුරු කවුලුවක් තුල


යතුරු සිදුරෙන් ඒබී බලනා

පුරුෂයා ඔහු ඈ දීග ගිය

ඇගේ සුර ලොව සුදිය හමුවේ

පපු කැනැත්තක දිවිය නිමවේ


යතුරු සිදුරෙන් ඒහා ලෝකය

සුරලොවකි තුටු සුසුම් සලනා

යතුරු සිදුරෙන් මෙහා ලෝකය

අමුම අමු සොහොනක්ය දැවෙනා 



2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මොනවාද මේ විකාර?

    ReplyDelete
    Replies
    1. කියවපු කතාන්දරයක් නිසා ලියවුනු පද පෙලක්!!

      Delete
Previous Post Next Post

Contact Form