පරිගණක වලදී "SCREENSHOT" ලබා ගැනීම.

අද මාධව කියන්නේ දැනුම ලබා දෙන තාක්ෂණික කාරණාවක් ගැනය. වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය මෙන්ම අත්‍යවශ්‍ය වන screenshots ලබා ගැනීම ජංගම දුරකථනයෙන් බොහෝ පහසු වුවද පරිගණකයෙන් සිදු කිරීමේදී බොහෝ අය තවමත් කළුවරේ අත පත ගාන්නේය.

ඒ් නිසා මාධව අද ඒ් ගැන කියන්නේය. මේවා අදාල වන්නේ windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ඇති පරිගණක උදෙසාය. ලිනක්ස් පිලිබඳව වෙනත් දිනෙක කියවෙනු ඇත.

සාමාන්‍ය වින්ඩෝස් පරිගණක වල screenshots ලබා ගැනීම පහසුවෙන් කල හැක්කේය. ඒ් සඳහා ක්‍රම කීපයක් ඇත්තේය.

වින්ඩෝස් වල අතීතයේ සිට පැවත එන ක්‍රමය වන්නේ යතුරු පුවරුවේ Print Screen (Prt Scr / Pnt Scr /  Print Scrn වැනි නම් වලින් යතුරුපුවරුවේ දක්නට ඇති යතුර) ඔබා screenshot එක ජායාරූපයක් ලෙස Save කර ගැනීමය


 

ඒ් මෙසේය,

ඔබට screenshots ලබා ගැනීමට අවශ්‍ය වන දෑ පරිගණක තිරයේ දිස් වීමට සලසා, යතුරු පුවරුවේ Print Screen (Prt Scr / Pnt Scr /  Print Scrn වැනි නම් වලින් යතුරුපුවරුවේ දක්නට ඇති යතුර) ඔබා Paint, Word, හෝ එවැනි සමාන මෘදුකාංගයක් විවෘත කර Paste කර ගැනීම මගින් අදාල screenshot ලබා ගැනීමය. 

මෙහිදී ජායාරූපයක් ලෙස අදාල screenshots, Save කර ගැනීමට නම් Paint හෝ GIMP වැනි මෘදුකාංගයක් භාවිතයෙන් සිදු කර ගැනීම ඵලදායී වන්නේය.

ඒසේත් නැතිනම් අදාල ගොනුව මතට උවද ඔබට අවශ්‍ය screenshotsලබා ගැනීමට හැකියාව ඇත. ‌මෙහිදී ඔබගේ අරමුණ අනුව මෙම screenshots ලබා ගැනීමේදී කටයුතු කල යුතු වන්නේය

ඒසේම වැදගත් වන්නේ ඇතැම් පරිගණක වන මෙම Prt Scr බටනය තෙරපීම යතුරු පුවරුවේ Fn බටනය සමග සිදු කල යුතුව ඇත. ඒසේම Alt බටනය සමග මෙම Prt Scr බටනය එකවර තෙරපීම මගින් සම්පූර්ණ තිරයම නොව ඒ් මොහොතේ පරිශීලකයා විසින් ක්‍රියාකරමින් සිටින ක්‍රියාකාරී යෙදුමේ ජායාරූපයක් පමණක් ලැබේ. සාමාන්‍යයෙන් Prt Scr බටනය පමණක් හෝ Fn බටනය සමග  Prt Scr බටනය තෙරපීම මගින් සෑම විටම ලැබෙන්නේ සමස්ථ තිරයේම ජායාරූපයයි.

-----------------------------------------------------------------------------------------------------------------

දෙවැනි ක්‍රමය වන්නේ Snipping Tool වන්නේය. windows මෙහෙයුම් පද්ධතියේ ලැබෙන පහසුකමක් ලෙස මෙම Snipping Tool ස්ථාපනය කර ඇති අතර එයට ප්‍රවේශ වීමට Start  - Type " Snipping"  ටයිප් කර අදාල මෙනුවේ Snipping Tool  ලෙස දිස්වන අයිකනය ක්ලික් කිරීම ප්‍රමාණවත් ය.

පහත රූපය අනුව කටයුතු කරන්න


එලෙස ක්ලික් කර පසු ඔබට පහත රූපයේ පරිදි අතුරු මුහුනතක් සහිත මෘදුකාංගයක් ලැබේ.එහිදී පරිගණක තිරයේ දිස් වන දෑ ඔබට අවැසි පරිදි කපාකොටා ගැනීමට සුදුසු ලෙස අවස්ථාවන් ලබා දී ඇත. රූප බලන්න

 

Snipping Tool අතුරුමුහුණත 

ආකාර 04කට පරිගණකයේ තිරය කපා ගැනීමට අවකාශ ලබා දී ඇත.

ඉන්පසු කෙලින්ම මෙය රූපයක් ලෙස save කර ගැනීමට හෝ copy කර ගැනීමට අවකාශ ද මෙහි අඩංගුය. එසේම විද්‍යුත් තැපෑල මගින් බෙදා ගැනීම, යම් වේලාවකින් පසු තිරය ජායාරූපකරණය වීම ආදී පහසුකම් ද අඩංගුය. 

රූප බලන්න.

Snipping Tools හි




ටූලය මගින් නව Screenshot එකක් ලබා ගැනීම ඇරඹීම ද, ටූලය මගින් Screenshot එක සේව් කර ගැනීම ද  ටූලය මගින් Screenshot එක පිටපත් කර ගැනීම ද,ටූල්ස් මගින් ලබා Screenshot එක මත සටහන් තැබීම, සලකුණු කිරීම හා ඒවා මකා දැමීම සිදුකල හැකිය. 

 ---------------------------------------------------------------------------------------------------------------

තුන්වැනි ක්‍රමයක් ලෙස windows 10 හීදී  Shift + Windows key + S යන යතුරු ත්‍රිත්වය එකවර තෙරපීම මගින් ද සාර්ථක ලෙස Screenshot ලබා ගැනීමට හැකි බව ප්‍රකාශ කල හැකිය. එහිදී අදාල යතුරු තුන තෙරපීමෙන් Snipping Tool හි මෙන්ම තිරය crop කර ගැනීමට හැකිය. ඉන් පසු Snipping Tools මෙන්ම විවිධ වැඩ කෑලි දැමීමට පුලුවන් ය.


 

SHIFT + WINDOWS KEY + S යතුරු ත්‍රිත්වය තෙරපීමෙන් පසු ලැබෙන වින්ඩෝව.

-----------------------------------------------------------------------------------------------------------------

හතරවැන්න WINDOWS GAMEBAR ය

WINDOWS KEY + G යතුරු දෙක එකවර තෙරපීමෙන් මෙම  WINDOWS GAMEBAR ලබා ගත හැකි අතර ඒ් පිළිබදව සම්පූර්ණ විස්තරයක් වෙනමම ලිපියකින් ගෙන ඒමට බලාපොරොත්තු වන බැවින් වැඩි විස්තර මෙහි පල නොකරන බව සලකන්න. දැනට WINDOWS KEY + G යතුරු දෙක එකවර තෙරපීමෙන් ලැබෙන WINDOWS GAME BAR හි රූපයක් මෙහි දක්වා ඇත.

WINDOWS KEY + G යතුරු දෙක එකවර තෙරපීමෙන් ලැබෙන WINDOWS GAME BAR යනු වෙනමම කතා කල යුතු මාතෘකාවකි. Xbox සහ Game Streaming කටයුතු සඳහාද මෙම WINDOWS GAME BAR භාවිතා කරන බැවින් WINDOWS GAME BAR  යනු වෙනමම කතා කල යුතු මාතෘකාවක් ලෙස මාධව සලකන්නේය.

එසේ හෙයින් තාක්ෂණික කතාව අදට නිම කරන්නේය.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form