විජයව මැරුවෙ නන්නාදුනන තුවක්කුකරුවෝ විසින්.
ඒක බැර උනේ ජෙප්පොන්ගේ ගිණුමට. මාධව අහල තියෙන්නෙත් ඒ්මයි.
කාලය ගෙවුන. කාලයත් එක්ක මාර දේවල් හුඟක් සිද්ද උනා.
මේ සිදුවුන කලබගෑනි අස්සෙම ඒ මිනීමරපු වරදට සමාව දුන්නේ චන්ද්‍රිකා. 2004 දි ජෙප්පො එක්කලා සන්ධානය හදල. ඒ් කියන්නෙ බුලත් කොලේ! මලගිය සැමියට වඩා බලය උවමනා උන වෙලාව නෙව! පස්සෙ මාලිගාවට බෝම්බ තියපු උන්ව පක්ෂෙ ලේකම් කෙනෙක් කලෙත් ආන්න එහෙම බලය උවමනා උන නිසා! ඒක නම් චන්ද්‍රිකා නෝනගෙ වැඩක් නෙමෙයි නෙව! කෝම හරි ඒ්කෙන් ජෙප්පොන්ට කෘතීම බලයක් විදියට මාධවට මතක හැටියට ආසන 13ක් වගේ ගාණක් අල්ලගන්න පුලුවන් උනා පාර්ලිමේන්තුවේ.
කෝම උනත් විජයව මැරුවෙ ජපේපො නෙමෙයි කියලා ඊට පස්සෙ කතාව හැදුනා!
ඉතින් ජෙප්පොන්ගෙ ඒ අඳුරු අතීතය වල දාලා ඉතිහාසය අමතක කරෝලා නව ආකාරයකට රටේ ඉතිහාසය ලියන්න තවත් අඩිතාලමක් දැම්මේ අපේ මහින්ද මහත්තයා. මොකද එතුමව කරේ තියාන දිව්වෙ දිනෙව්වෙ ජෙප්පො. චන්ද්‍රිකා නෝන අදිමදි කරද්දි ජෙප්පො බර ඇදපු එකට මහින්ද මාත්තයා දුන්නා කලගුණ සලකලා ඇමතිකම්. අනුරයියා ඇතුලු කාණ්ඩයක් ගිහින් කාලයක් ඇමතිකම් කරලා ආවේ ඒම!
දැන් කාලය ගෙවිලා ගිහින් ජෙප්පෝ මහින්ද මහත්තයට දේශපාලනිකව පහර දෙද්දි විජයගෙ ඇටකටුත් නැති මිනී වල ආයෙම හාරන බවයි පෙනී යන්නෙ. ඒ ජෙප්පො ඔලුව උස්සන බව පේන නිසා. ඉතින් තමන්ගෙ අම්මට අප්පටවත් නැති විදියට විජය ගැන පුදුම අනුකම්පාවක් තියෙන්නෙ සමහර මිනිස්සුන්ට. විජයගෙ බිරින්දෑටත් නැති කැක්කුමක් පෝට්ටු බයියොන්ට තියන බව පේනවා. මාධව ඒම කියන්නේ මූනු පොතේ බයි පුරුක් කීපයක් විසින් විජය ඝාතනය ගැන ලියපු කතාන්දර දැකපු නිසා.
දැක්ක වගේ ලියලා තියෙන්නෙ ආයුබෝවංඩ, හැබැහිං දැක්ක වගේ!
කුණු දේශපාලනේ හැටි ඒමයි. අවශ්‍ය විටදි මලකුණු ගොඩ ගන්නත් මලකුණු වලලන්නත් ලංකාවේ දේශපාලකයෝ හරි දක්ශයි. කාලයක් මාධව කියවලා තියන විදියට චන්ද්‍රිකා නෝනා සූරියකන්ද හාරලා මිනී ගොඩ දැම්මා! යහපාලනේ වාහනේ හැප්පිලා උන්නු තාජුදීන්ව ගොඩ ගත්තා! ඉතිං මලමිනී වල ඕජස් ගදට මුලා වෙලා ඉන්නෙ මහජනතාව. දැන් විජය අදාලම නොවුනට මාධව මාධවටම අදාල කතාවක් කියන්න හිතුනෙ මේ කුණු දේශපාලනය මිනිස්සුන්ට කොච්චර කා වද්දලාද, මිනිස්සු කොච්චර නිර්වින්දනය කරලද කියන්නයි. මාධව කාලෙක ඉඳන් කියන්න හිතුන කතාන්දරයක් මේන්න මේම අකුරු කරන්නෙ ආන් ඒකයි.
විජය දැකලවත් නැති මාධවට විජය මලාට වඩා දුකක් තියනවා ගමේ කලු ආත මැරුණ එකට. මොකද විජය කරපු දෙයක් මාධව දන්නෙ නෑ. ඒකට හරියන්න ගමේ පිරිතක් හරි කියන්න මූලික උනේ කලු අත්ත. කෝම වෙතත් එක එක්කෙනාට විවිධ කථා කිව්ව හැකි නෙව.
දේශපාලනිකව සහ සමාජයීය වශයෙන් හිරි වැටුනු ස්ත්‍රී සහ පුරුෂ ලිංග වල නියෝජනය ගැන කියන්න. විජය ගැන නෙමෙයි.
මාධවලගේ ගමේ සහ අවට ගම් වල තලත්තෑනි උන්දලගෙන් හැදුන කණ්ඩායමක් උන්නා. සංගීත කණ්ඩායම් වගේම අපූරු කණ්ඩායමක්. උන්දලත් කලේ සංගීත කණ්ඩායම් වගේ මිනිස්සුන්ව පිනවපු එක තමයි. මොකද ඒ්කත් කලාවක්. ඒ් කලාවේ පිකාසෝලා කීපයක්ම මේ අහල පහල ගං වල උන්නා. ඒයින් මූලිකම චරිතෙ තමයි කළු අත්තා!
උන්දැ සහ අනිකුත් උන්දලගෙ සමාගමෙන් කලේ පිරිත් කියන එක. ඒ් ඇත්තෝ ගිහි පිරිත් කණ්ඩායමක්.
ඉතිං මේ කතාව ආන්න ඒ් ඇත්තොන්ගෙ මහ තැන ගැන!
කළු අත්තා ගැන.....................................!!!