අම්මාට විහිලු කිරීම

 


අද උන් දියවන්නාවේ ඌරු ගාලේ කලේ ඒකය. වගකීම් රහිත බව පෙන්වා ඇත්තේය.දියවන්නාවේ ඌරු ගාලේ උන් 225ම අද කලේ උන්ගේ අම්මාව විහිලුවට ගැනීමය.
 
උන් කලේ අම්මාගේ ආර්ථිකය විහිලුවට ගැනීමය. 

උන් කලේ අම්මාගේ රටේ මහජනතාවගේ දුක විහිලුවට ගැනීමය.
 
උන් කලේ අම්මාගෙ රටේ කිරිදරුවාගේ කිරි බිංදුව විහිලුවට ගැනීමය.
 
උන් කලේ අම්මාගේ දරුවන්ගේ තරුණ ජවය විහිලුවට ගැනීමය.
 
උන් නම් සැබෑවින්ම අධමයෝමය. අධමයෝ යන් මේ කාළකණ්නියෝ රැලමය.
 
මාධව මේ කියන්නට යන්නේ අධමයෝ අම්මාව අපචාරයට ලක් කර විහිලුවට ලක් කිරීම ගැනය.
තමන්ගේ අම්මාව වුවද විහිලුවට ගන්නා අධම පිම්පියෝ රැල ගැන මාධවගේ අවංක විචාරයෙන් බිඳක් වන්නේ මේවාය.
 
ඊයේ පෙරේදා මහ ලොකුවට බණක් වගේ එකක් කියූ සියඹලා ඇටයක් එදා ඉල්ලා අස්වී,අද දහවල් ආයෙමත් තුප්පහි පිම්පියෝ රැලකගේ ජන්දයෙන් පත්වී ආයේමත් අම්මාව විහිලුවට ගත්තෝය. 
 
මේ අම්මාගේ අනික් දරුවෝ පාටට බැස අම්මාව නොමරන් කියා කෑ මොරදෙද්දි දැන් කොහේවත් නැති ජනබලයක් ගැන කියමින් අම්මාව මඬවමින්, උන් අම්මාව විහිලුවට ගන්නෝය.
 
මේ අම්මාගේ දරුවෝ සාදාරණ ඉල්ලීම් ඉල්ලා සිටිමින් මහ රෑ නිදි වරද්දී ඒ අම්මාගේ රීරි මාංස උරා කා බී මහ සුව මැදුරු මැද රැකවල් ලාගෙන ඒ අම්මා එක්ක රමණය කරමින් ඒ අම්මාව විහිලුවට ගන්නෝය.
 
ඌරු කාලේ දිනකට කෙරෙන ලක්ශ ගණනක් වූ අම්මාගේ මුදල් කාබාසිනියා කරමින්, නිකන් ලැබෙනා පින් බත ගිලමින්, රටට පේන්නට කුණුහරුප කියාගනිමින් රටට අවශ්ය නොවන මල නාඩගම් නටමින, සැබෑ උවමනාවන් යට ගසමින් මේ අම්මාව විහිලුවට ගන්නෝය.
 
පාරවල් වසා, විනාස කර අම්මාට ඖශධ මිලදී ගැනීමට ලද ණය වියදම් කර මිලදී ගන්නා බට වලින් බැරැක්ක අදින කාලකණ්නි අධමයෝ අම්මාගේ හිඟමනට වැටී දුක්විදීම විහිලුවට ගන්නෝය.
 
ඌරු ගාලේ වරප්රසාද වලට මුවාවී අම්මාව දූශණය කරමින් ළිපට ගින්දර නොමැතිව හඬා වැටෙන අම්මාව විහිලුවට ගන්නෝය.
 
විදේශ සංචිත හිග බවත්, කාබනික පොහොර තීරණය වැරදී බවත්, සපුගස්කන්ද පිරිපහදුව වැසීම වැරදි බවත් ආදී නේකාකාර ලෙස ගත් උද්දච්ච තීන්දු ලබාගනිමින් අම්මා සමග රමණය කර ඈව දූශණය කිරීම වරදි බව දැන් කියා පාමින් ඈව විහිලුවට ගන්නෝය.
 
කොටින්ම කිව්වොත් ලක්ශ සංඛ්යාත මහජනතාවගේ ගිනිගන්නා දිවිය පිලිබඳව කඳුලු සලනා ලක් අම්මාගේ කදුලු මෙම කාළකණ්නි පාඩදයින් විසින් විහිලුවට ලක් කරන්නෝය.
 
සරලවම අම්මාගේ කිරි බී වැඩුනු දේශපාලකයා දැන් අම්මාව අමු අමුවේ දූෂණය කර ඒ් ආදරණීය අම්මාගේ මස්ද කඩාගෙන කන අමුම අමු තිරිසන් කාළකණ්නි ජීවියෝ ය.


2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අපියි මෝඩයෝ උන්ගෙන් පතන මුතු
    උන් ඌරන්ය කති පුරවැසි අපෙ කැවුතු
    පත් කරගත් නිසා මේ බේසික් පුත්තු
    ඉලපතකින් තමා අපටම තැලිය යුතු!

    ReplyDelete
  2. කතාව ඇත්ත. උන් අපිවත් විහිලුවකට අරන්
    කොළොම්පුරේ - අසංග

    ReplyDelete
Previous Post Next Post

Contact Form