මයිනාගේ ඉල්ලා අස්වීම


මාධව ජීවත් වන රටේ පපුවට දෙකක් ගහගනිමින් ගෝරිල්ලා සේ ගොරවන මයිනෙක් ඉන්නවාය. ඒ මයිනා එක්ක කපුටෙක් සහ පඹයෙක් ඉන්නෝය. රට පාලනය කරන්නේ මේ මයිනා ඇතුලු පවුලය. උන්ගේ පවුලේ අවුලක් නිසා මයිනාගේ සහෝදරයා කපුටෙක් ලෙසත් අනික් සහෝදරයා පඹයෙක් ලෙසත් ඉන්නෝය.
 
මේ කියන්නේ ඒ මයිනාගේ ඉල්ලා අස්වීම ගැන අනාවැකියක් ය
 
 
ඒ අනාවැකිය වරදීයාමටත් ඉඩ ඇත. මෙහි නං ගං මනක්කල්පිතයක් කියා සිතාගැනීම ඔබට භාර කරන්නේය.
රටේ හුදී ජනයා විසින් මාධවලා එපා කියද්දි කරතියාන ඇවිත් පඹයෙක් පලමු පුරවැසියා කලේය. ඒ පඹයා ගැන විශ්වාසය තබා නොව පඹයාගේ අයියා මයිනාගේ වචනය නිසාය.
 
 
මයිනා කීවොත් අසූචිත් සුවඳයි කියනා අඥාන බයියෝ විසින් ඔසවා තැබූ පඹයා පඹයෙක්ටත් අන්ත එකෙක් බව පෙනී යාමට වැඩි කල් ගියේ නැත. හැම නියෝගයම ආපසු ගන්නේය. මරණ දඩුවම දී හිස සිඳලූ පසු මරණ දණ්ඩණය ඉවත ලා මැරූ එකාට මහපති සමාව දෙන ජාතියේ ගොන් පඹයෙක් ය. මාධවගේ යෝජනාව පරිදි නම් කල ජංගිමේන්තුවට ගොන් පඹයාගේ අයියා මයිනාවද, කපුටාවද, මයිනාගේ ලොකු පුතා නොහොත් හොර අද්වකාත් උන්නැහේද යැව්වේද මේ බයි ජනතාවමය.
 
ඒ නයින් පඹයාගේ පාලනයට තුනෙන් දෙකක් ලැබුනේය.
 
මාධව හිතන්නේ මේ රටේ ඉතිහාසයේ ඒ වාගේ ගොන්කමක් සිදු වී නැති බවමය.ඉක්බිති රිවස් වූ නියෝග මතින් කාලය ගෙවී ගියේය. පඹයා ෆේල් විය. මයිනා ද ෆේල් විය. උන්ගේ සුරතල් දඩ බල්ලොන්ගේ කර මතින් වැජඹෙමින් යෙහෙකින් වසර දෙකක් ඇදගත්තේය. දැන් තවදුරටත් ඒ වාගෙ මජර පාලනයක් ගෙන යාමට පඹයාට නොහැකිය.
 
මාධවගේ රටේ විඳවනා පීඩිත පුරවැසියෝ පාරට බැස පඹයාට සහ මයිනාට ගෙදර යන ලෙසත් සියලු දෑ විගණනයට සහ පරීක්ශණය ලක් කොට ජනතා මුදල් ආපසු ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින්නේ එක හඬින් ය.
තවමත් නිධන් වී සිටින බයි ජනයා කෙදිරිල්ලක් සේ කියන්නේ මුන් තව තවත් සොරා කෑවාට කම් නැති බවය. අරගලය වැල්ලේ සාදයක් බවය. තමන්ගේ දරුවන් සහ අම්මලාට රමණය කලාට කමක් නැතැයි බයියෝ එක හඬින් මුරගා කියන්නේය.
 
එකාතකට මයිනෙක් තමන්ගේ අප්පච්චී කියා හිතං ඉන්නා උන්ගෙන් ඔයිට වඩා දෙයක් මාධව අපේක්ශා නොකරන්නේය. ඒ උන්ගේ සුවාධීන නොවූ නූගත් කමය.එයින් පෙනෙන්නෙ රටේ සාක්ශරතාවය සම්බන්ධ නිල දත්ත සහ සංඛ්යාලේඛන අමු පල් සාවද්ය ඒවා බවය. කෙසේ වෙතත් එල්ලවූ පීඩනයන් හමුවේ සියඹලා ඇටේ එහෙට මෙහෙට කස කසා උන් මයිනා අද නිවේදනය කර ඇත්තේ ඉල්ලා අස් වන බවය.
 
මාධව නං කියන්නේ ඕකා ලෝක අණ්ඩපාල මයිනෙක් කියාලාමය!
 
ඉක්බිති සඳුදා ඕකා මෙසේ කියන්නට බැරි නැති බව මාධව කැට තබා කියන්නේය.
 
ඒ මෙසේය.. මේවා අශූචිදේව හෝ කිංස්ලී නැමති මයිනාවාසල කවටයොන්ගේ වදන් නොව මාධවගේම අනුමානයන් ය.
 
"අපේ හාංදුරුවලේ
 
රටේ මහජලතාව ඉල්ලන ඒ ප්රජාචන්චවාදයට ගලු කොට 

මා මේ රාජ්යයේ දෙවැනි මහලොකු කමින් ඉල්ලා අස්වන බව මෙසේ ප්‍රකාශ කරමි"  සහ තවත් පල් හෑලි කියවනු ඇත.
ඉක්බිති ඔබට "තෙරුවන් සරණයිහ්" කියාද කියනු ඇත.
 
ඇතැම් විට ඒ ඉල්ලා ඉවත්වීමෙන් පසු බහුතරයක් බයියෝ ඒ ගැන මෙසේ කියනු ඇත.
 
සිංහයා අඩියක් පස්සට ගන්නේ අඩි දෙකක් ඉස්සරහට යන්නයි
 
අපේ අප්පච්චි අපේ ගෙදර එන්න.
 
සිංහල මයිනොන්ගේ අවසානය
 
මයිනපච්චි අපි ඔබ සමඟයි
 
මේ ආදී ලෙස පල් හෑලි පල් බයියොන්ගේ මුවගින් තෙපලෙනු ඇත.
 
නමුත් ඉක්බිති ජංගිමේන්තු රැස්වීමේදී ජංගිමේන්තුවේ ලංකට්ලා රැලගේ බහුතර කැමැත්ත මත නැවත දෙවැනි මහපුටුවට පත් වීමට මයිනාට හැකිවනු ඇත.එසේත් නැතිනම් මයිනාට ලේසියෙන් නැටවිය හැකි ලංකට් පනුවෙක්ව දෙවැනි මහකමට පත් කරගනු ඇත. 

ඉන්පසු ඌව නටවමින් පරණ සෙල්ලමම සෙල්ලම් කිරීමට ඉඩ ඇත.
 
මේ මාධවගේ ඇනලිසිස් ය.මේ අර අඳින්නේ ඒකටය. 

ජංගිමේන්තුවේ ජංගිනායක සහ අනිකුත් ලංකට්ලා අටවන කුප්ප සෙල්ලම් උගුල් වලින් මේකත් තවෙකක් විතරමය.
 
මිත්රවරුණි,
මාධව සහ ඔබලා මේවාට අහුවිය යුතු නොවන්නේය.
 
මේ ලංකට්ලා, මයිනා, කපුටා සහ මහ පඹයා අල්ලාගෙන උන්ගේ ධාතු වල පවා ඇති මහජන ධනය ආපසු ලබාගෙන මිස නොනැවතිය යුතුය.
 
මයිනා සහ ජංගිමේන්තුවේ ලංකට්ලාගේ සෙල්ලම් වලට හසුවන බයියෝ සුරාන්තයට පත්වී ධාතු මදක් පිටකර ගැනීම ඒ තරම් ගනන් ගත යුතු නැත.
 
අවශ්ය වන්නේ අරමුණ වෙතම රැඳී සිටීමය.
 
තක්කඩි පඹයා, මයිනා, කපුටා සහ අනෙකුත් එවුන් පන්නා මේ රට දිනවීමේ සටන එක අරමුණෙන් ඉදිරියට යා යුතුමය.
 
අරමුණ #GoHomeGota2022 ම පමණක් ය.
 
 ___________________________________________________________________
ප.ලි.
මේ ලිපිය මාධවගේ කතා හි පලවීමට ප්රථම මයිනා කාර්යාලයේ නිවේදනයක් නිකුත්වූ අතර, එහි දැක්වෙන්නේ මයිනා ඉල්ලා අස්වීමට කිසිදු සූජානමක් නොමැති බවය.
 
ඒ අනුව මාධව සහ නුඹලා තේරුන් ගතයුත්තේ මයිනා සහ පවුලේ සැම ජංගිමේන්තු ලංකට්ලා සමඟ මේ කෙලින්නේ භයානක සූදුවක්ම බවය.
 
එහි ඔට්ටු තැබෙන්නේ මාධවගේත්, නුඹගේත්, නුඹලාගේත්, බයියන්ගේත් මෙන්ම මේ සැමගේ උපන් නූපන් දරුවන්ගේත් ජීවිතයන් ය.

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form