භයානක නිහඩතාවය!!! - කරුණාකර නිහඩ වන්න! සාමකාමී වන්න! නිවෙසට වී සිටින්න!!

 

 
මිත්‍රවරුණි 

පොලිස් ලොක්කෙක් ආරස්සාවක් නැතුව ගුටි කන්නෙ ඇයි?

ඇමතිලා සද්ද නැතුව නිහඬව ඉන්නෙ ඇයි?

සමාජ මාධ්‍ය තාම අවහිර වෙලා නැත්තෙ ඇයි?

මිනිස්සු කුපිත වෙන දේවල් මාධ්‍ය වලින් තවමත් පෙන්නන්නෙ ඇයි?

යමක් සිද්ද වෙනවා. හොඳටම පැහැදිලියි.

මාධව හැමදාම කියනවා.නිහඬ කම හරිම භයානකයි. ආවේගය වගේම භයානකයි. කල්මැරීමෙන් පාලකයෝ සහ ආරක්ශාව භාර මහ උන්ට අවශ්‍ය වන්නේ කුමක්ද?

ඒ නිසා මේ ගුප්ත නිහඬ කම අස්සෙ අපි නිහඬ වෙන්නම ඕනි..

ඒ නිසා කිසිම කෙනෙක් පාරට බහින්නෙපා.

කවුරුන් හෝ ඔබට අපරාධයකට, ගෙවල් ගිනි තියන්නට කථා කලොත්, පොලීසියට පහර දෙන්නට කථා කලොත්, අනිවාර්යයෙන්ම පොලීසියට දැනුම් දෙන්න. පුද්ගයාගේ විස්තර සමඟම.

නැති නම් 119 අමතා නම ගම සමඟම ලබා දෙන්න.

ඔබගේ ආවේග පාලනය කරගෙන පවුලේ උදවිය සමඟ නිවෙසට වී සිටින්න.

පාලකයින්ගේ උවමනාවන්ට හිස නැමූ කාලය ඇති.

පාලකයින්ගේ සහ ඇතැම් පුද්ගලයින්ගේ අවශ්‍යතාවලට හිස නොනමමු.

ස්වාධීන වෙමු. නිරායුධ, නිර්පාක්ශික සහ සාමකාමී වෙමු.

එනයින් අරගලය දිනමු.

පාදඩ සංස්කෘතිය නිම කොට ආදරණීය ලංකාවක් බිහි කරමු.

එකතු වෙමු. ශ්‍රී ලංකාව යලි ගොඩ ගම්මු.

සේරටම කලින් නිවෙමු!!!
(ෆොටෝ එක දැම්මෙ අවධානය ගන්න ලේසිම ක්‍රමේ ඒක නිසා. ඒකට කියන්නෙ  strategy for get attention )

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form