ඊජීප්තු වැසියන්ගේ කතාන්දරය

 


ළගදී මාධවගේ මතක අලුත් විය. හේතු කාරණා සරලවම සරල එකක්ය. එනම් මාධව දන්නා කියනා අයෙක් මෙහි තවත් ගොදුරක්  වීමය. ඒ් ගොදුරු වීම අදාල නැත. පරණ කතාන්දර ටික ගලපා කතාව කියන්නට පමණක් මාධවට උවමනා කර ඇත්තේය. ගත යුත්ත ගන්නා වූ අය ගත යුතුමය. මේ කියන්නට යන්නේ මාධවලාට අනාගතයක් සැදීමට වෙහෙස වන ඊජිප්තු වැසියන්ගේ කතාන්දරය වන්නේය.

මාධව නන්නත්තාර වී ඇත. මීට පෙරද එසේමය. ඌ නන්නතාර වීම පටන් ගත්තේ උසස් පෙල කෙලවාගත්තායින් පසුවය. ඒ්ක ලංකාවේ සංස්කෘතික අංගයක්ය. අසමත් වූ විභාගයක් නිසා ලාංකික තරුණයින්ගේ තරුණියන්ගේ ජීවිත කෙලවීම ලාංකිකව සංස්කෘතියට බද්ධ වී ඇත. ටෙක් ජීවිතයේ ඇතුලතටම වී ටෙක් එකේ පොරක් වීමට දත කෑම නිසා සමාජයේ පොරක් වීමට මාධවට නොහැකි විය. ඒ් ගැන කිසිදු දුකක් එනමුදු ඔහුට නැත. පොරක් වී ඇතැයි සිතනා උන් අද නන්නත්තාර වී ඇති නිසා සමාජයේ හැංගී සිටීම වාසනාවන් ය. ඒ් නන්නත්තාර වූ ජීවිතයේ එක්තරා කාලයක මාධවට මුල්වරට ඊජිප්තු වැසියෙක් හමු විය.

මේ කියන්නට යන්නේ ආන්න ඒ ආකාරයට අනවසරයෙන් ලංකාවේ වෙසෙන ඊජිප්තු වැසියන් ගැනය.  

ලංකාවේ මහ බැංකුවට අනුව පිරමීඩ ව්‍යාපාර යනු තහනම් ආයෝජන ක්‍රමයක් වන්නේය. ඒ් සම්බන්ධ මහබැංකුව විසින් සම්පාදනය කරන ලද ලිපිය ඔබට ගූගල් සෙවීමකින් සොයා ගන්න පුලුවන් ය. මේ ලිපියේ අවසානයට මාධව එය උඩුගත කිරීමට බලාපොරොත්තු වන්නේය. මේ කියන්නා වූ පිරමීඩ ජාවාරම් අවදානම් වන්නේ මක් නිසාද යත් ආයෝජනය කරන්නා අමාරුවේ වැටෙනකම්ම නොදන්නා ක්‍රමයක් නිසාය. සාමාන්‍ය පෙල පන්ති වල උගන්වන්නා වූ  ගුණෝත්තර ශ්‍රේණි ගණන නියමාකාරව උගත්තෙක් නම් ඉතාම පහසුවෙන් මෙම ජාවාරම් වල ඇති අවධානම නියත වශයෙන්ම ඔනෑ ඒකෙක්ට වැටහෙන්නේය. පුද්ගලයෙකුගේ ඉතා සංවේදී තැනක ඇති ඔබගේ අරමුණු, ඔබගේ අනාගත සිහින මතු කර පෙන්වා, මොල සේදීමෙන් පසු  සිදු කරන මෙම ජාවාරම් වල අත්දැකීමක් මාධවට ලැබුනේ මේන්න මේ කාලයේ දීය. මේ ගැන තවදුරටත් තහවුරු කර ගන්නට මාධව ඇගේ ටෙක් මිතුරියක් වන නාගසාකිට කතා කර තහවුරු කරගත්තේය. මොකද ඒ ජීවියා ඈටද කතා කර සුභ සිහින පෙන්වා මුලා කිරීමට තැත් කර තිබුනේය. මව සමග ආදායමකුත් අහිමිව සරලව ජීවත් වන ඈ ඇගේ දැනුවත් කම නිසා හෝ දුප්පත්කම නිසා හෝ ඒයට හසු වී තිබුනේ නැත. ඒ් කතාව මේකට අමුණා ඇත.

ඉතිං කතාව පටන්ගන්නේ මෙහෙමය.

2013 වසරේ දිනෙක මාධවට දුරකථන ඇමතුමක් ලැබුනේය. මාධවගේ ටෙක් මිතුරියක් වූ “මධූ” නම් මිතුරියක්  මාධවට ඇමතුමක් දුන්නාය. ඒ් දෙබස් ගලා යෑම මෙසේය. හැබැයි ඒ් වන විට මාධව මෙම උගුල ගැන මෙලෝ මල දානයක් නොදන්නා අහිංසකයෙක්ය. පිරමීඩ ජාවාරම් ගැන කියවා තිබුනද මේ එන්නේ උගුල ඇටවීමට යැයි මාධව නොදන්නේය.

මචං වැඩක්ද? දුරබනුවෙන් ඇසුනේය

නෑ බං! ඒ් මාධවගේ උත්තරය වන්නේය.

උඹට ලොකු චාන්ස් එකක් තියනවා පිළිමතලාවෙ අහවල් සම්මන්ත්‍රණ ශාලාවට වරෙං. පොඩි ක්ලාස් එකක් වගේ ඒකක්.

ඒ් මොනාද බං? මාධව ආයෙත් ඇසුවේ කුතුහලය නිසාමය. මේ නහින දෙහින කාලයේ මොන ක්ලාස් දැයි මාධව සිතුවේය. මොකද රැකියාවක්ද සොය සොය නන්නත්තාර වී සිටි මාධවට ආයේ ක්ලාස් වලට සම්බන්ධ වීමට අවශ්‍යතාවයක් තිබුනේම නැත.

අයි ටී වැඩක් වගේ එකක්. ලොකු කම්පැණියක වැඩක්. උඹට හොද චාන්ස් එකක් අනිවා වරෙන්කෝ. ඈ කීවේය. මාධව ද නිහඩවම දුරකථනය විසන්දි කර තමංගේ වැඩක් බලාගත්තේය. ඒ් කම්මැලි කම නිසා මිසක් පිරමිඩ කෙලියක් බව දැනගෙන නොවේය.

දින දෙකකින් තුනකින් ආයෙම කෝල් එකක් ආවේය. ඒ් මාධව පැමිණෙනවාදැයි තහවුරු කර ගැනීම ය. කන්ෆර්මේෂන් කෝල් එකක් ය.

මොන වදයක්ද කියා මාධවද පැමිණීම තහවුරු කලේ ටෙක් මිතුරියකගේ ඉල්ලීමක් නිසාය. ඈව අවිශ්වාස කරන්න හේතුවක් නැත. ඒ් නිසා මාධවද ඔන්න ඔහේ යනවා යැයි තීරණය කර ඇයට වචනය දුන්නේය. 

“එන්නං බං”

මාධව ඒ්කිගේ වදේ නිසාම ඇයට වචනය දුන්නේය. කාලෙකින් නිවසින් දොට්ට බහින්නට වේලාවක් කලාවක් සෙට් උනේද නැත. ඒ් නිසාම ඔන්න ඔහේ නුවර ගිහිං එන්න හිත හදා ගත්තේය. තනි යහනට වී මොන ජාතියේ බුරියානියක් කනවා දැයි කල්පනා කරන ගමන්ම නින්දට ගියේය.

ගෙදර මහ ඇත්තොංගෙං  සල්ලී ඉල්ලාගෙන පසුවදා බසයේ නැගී නුවර ගියේය. කාලෙකින් නුවර යන නිසාම විවිධ සිතුවිලි පහල වන්නේය. ඔරලෝසු කනුව මතක් වීමද සිත කළඹා ඇත. ඒ්ත් නුවර ඔරලොසු කනුව පැත්තේ යෑම පසෙකලා පේරාදෙනිය හන්දියෙන් බැස පිළිමතලාව බසයකට ගොඩ වී ටෙක් ජීවියාට ඇමතුමක් දුන්නේය.

ආ වරෙං වරෙං මම ඉන්නවා.

මේ කියන සම්මන්ත්‍රණ ශාලාව තිබුනේ හරියටම පිළිමතලාවේ රේල් හරස් දුම්රිය මාර්ගය පහලින්ය. මාධව බසයෙන් බැස ඔන්න ඔහේ ඇවිද ඇවිද ගොස් අදාල ස්ථානයට වැටුනේය. ඈ එහි උන්නාය. තවත් උන් එහි රැස් වී උන්නෝය.  මේ ළගදී මාධව ඒ් පැත්තෙන් වාහනය පදවාගෙන යද්දී නවතා පොඩ්ඩක් වෙලා බලාගෙන උන්නේද ඒ් කතාව මතක් වීම නිසාය.

ඈට හරි සතුටුයි ය. මාධව උඹ ආව එක මරු බං. ඈ සතුටින් ඉපිල ගියාය.

මාධව වික්ශිප්තව ඈ සමග කතා කර කර ඇතුලට ගොස් අසුන් ගත්තේය.

නාඩගම පටන් ගැනීමට සියල්ල සූදානම් ය.

නාඩගමේ පසුතලය මේන්න මේම තිබුනේය.

සූර්ය පැනලයක් සහ බල්බ ටිකක්, පෙට්ටියක පියන විවෘත කර රන්පැහැති ඔරලෝසුවක් තබා තිබුනේය. Projector උපකරණයක් සවි කර තිරය මත කොහේදෝ හෝටලයක රූපයක් පුදර්ශනය වීමට සලස්වා තිබුනේය.

මාධව වටේට විවිධ තරාතිරම් වල මිනිසුන් වාඩි වී උන්නෝය. තරුණ මහලු, ස්ර්‍තී පුරුෂ විවිධාකාර මිනිස්සු වාඩි වී කරබාගෙන උන්නේ වික්ශිප්තයෙන්ය. ටයි දමාගත් තරුණ යුවතියන් සහ තරුණයින් විවිධ ආකාරයේ කටයුතු වල නිරත වී උන්නෝය. ඇතැම්හු නම් ලියාගන්නේය. ඇතැමුහු මහා කර්තව්‍යයක භාර දූර බර උසුලන්නෝ සේ කතාබහක නිරත වී උන්නෝය. උං හෙනම පොඩි එවුන් බව පෙනුමෙන්ම පේන්නේය. වයස 18 – 22 වයසේ වගේ පේන්නට තිබුනේය.

ඔහොම වට පිට බල බල ඉන්න මාධවලාට වැඩි වේලාවක් කල් ගත කරන්න සිදු නොවීය.

නාට්‍යය ආරම්භ විය. තිරය විවෘත විය. පිළිවෙලට හැද පැළඳ තරුණයෙක් ටයි පටයක් පවා පැලද කතාන්දර කීමට පටන් ගත්තේය.

ජාලකරණ අලෙවිකරණය (MULTI LEVEL MARKETING) යනුවෙන් හදුන්වා ගන්නා මොවුන්ගේ කපටිකම් සඳහා පැමිණ සිටින්නන්ගේ මනස සෝදාපාලු කරන ක්‍රියාවලිය ආරම්භ වූයේ ඒසේමය. ඒ්ක සැබැවින්ම අපරාධයක්ය. කෙසේ වුවද ඔවුන්ගේ දේශන අත්පුඩි ගගහා අසන පිරිසක්ද එහි වූයේය.

මාධවලාගේ මිතුරිය ඇතුලු වෙනම නඩයක් පිටුපස සිට ඔවුන්ගේ කතාන්දර වලට හුරේ දාන්න සැදී පැහැදී උන්නෝය. පස්සේ දැනගත්තේ උන් ගුලිය කා දිරවාගන්න බැරුව ඉන්න උන් බවය.

පළමුව Motivation වැඩසටහනක් ලෙසින් ඇරඹුන වැඩසටහනේ පළමු දේශනය කෙමෙන් කෙමෙන් මුදල් හදල් සෙවීම සහ සිහින හඹා යාම දක්වා ඇදී ගියේය.

ඉන්පසු මල්ටි නැෂනල් සමාගමක් ගැන සහ උන්ගේ මූලස්ථාන ඇති තැන් ගැන කතාව ඇදී ගියේය. ඒසේම මේ මල්ටිනැෂනල් සමාගමට සම්බන්ධ වීමට ඔබට ලද “රත්තරං” අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නැයි ආයේ ආයේ ගිරවා සේ කියෙව්වේය. උං ඒ්කට භාවිතා කරන නම “ගෝල්ඩන් ඔපචුනිටි” කියා එකක්ය. ඒ් අතරින් පතර  විකුණන්න ඇති හෝටල් පැකේජය, සූර්ය කෝෂ පද්ධතිය සහ ඔරලෝසුව ගැන කියවන්නේය. විකුනා ලැබෙන කොමිෂන් එක ගැන ආයේ ආයේ කියවා මුදල් හොයන ආකාරයේ සරල බව කියා දුන්නේ ඒම තරුණයා ය. ඌ බදින ඔරලෝසුව, ඌ දාන බ්‍රේස්ලට් ඒකේ වටිනාකම, ඔරලෝසුවේ වටිනාකම ගැන පම්පෝරිය පටන් ගත්තේ අත්පොලොසන් දෙන මධුලාගේ ඔල්වරසන් නද මැදය.

රත්තරන් වලට ආශාවක්  නැති, ඔරලෝසු වලට ආසාවක් නැති, සල්ලි වලට ආශාවක් ඇති නමුත් පහසුවෙන් සල්ලි හොයන්න බැරි බව දන්නා මාධව ඔහේ ඒ් කනින් රිංගන කුණුහරුප මොල ශෝදන  වදන් අනික් කනින් දොට්ට දමා පාඩුවේ උන්නේය. නුවර යුසුෆියා හි බුරියානි පොඩ්ඩ පොඩ්ඩ මතක් වෙන්න පටන් අරන් තිබුන නිසාම වැඩේ ලේසිය.

අවසානයේ බඩු විකුණන හැටි සහ සල්ලි ගලන හැටි ගණන් හදා පෙන්වීමේදී මාධවට පොල්ලෙන් ගැහුවා සේ සත්‍ය මැවී පෙනෙන්ට විය. ඒ්ක පෙරදාක පත පොතින් කියවූ පරිදි පිරමීඩ ජාවාරමක හැඩරුවමය. උන්‌ගේ බඩුව මිලට ගත් පසු දෙන්නෙක් කැඳවාගෙන එන්න යැයි කීමෙන් කතාව පැහැදිලි විය. පිරමීඩ ජාවාරමක් හදුනා ගත හැකි ලක්ෂණ වලින් එකක් වනුයේ ඔං ඔය “දෙන්නෙක්” කැඳවාගෙන එන්න කීමය.

මේ මාධව කියන කතාවට පසුබිම වන්නේ “ග්ලෝ$ල් ල%කා මාකටිං” නම් වූ සමාගමක (නම දන්නෝ හොඳින් දනිති මිත්‍රවරුනි) මිනිසුන් බිලී බා ගන්නා රැස්වීමකි. මධූ එහි ගොදුරක් වී අවසන් ය. ඇය මාධව ද ගොදුරු කර ගැනීමට උත්සහය මෙසේ දරමින් සිටින්නීය. රු අටදාහක් නොවටිනා සූර්යය පැනවලයේ මිල තවමත් මාධවට මතකය. ඒ්ක ඒ් කාලයේ  රු 89000ක් වූයේය.

ඉතිං ඔං පැටකට පමණ පසු පලමු එකාගේ කතාව ඉවර විය. දෙවැනියට ආවේ අමුතු ඒකෙක්ය. පළවෙනි එකා දෙවැනි ඒකාට අම්මාට තාත්තාටත් වඩා ආදරෙන් කතා කර දෙපා නමැද සිප වැළද පිලිගත්තේ මාර අත්පුඩි තලන ඝෝෂාවක් මැද්දේය. මැරයෙකත් මෙන් වූ ඒ්කා තඩි බඩක් ඇති උස් කටහඩක් ඇති අයෙක් ය. අතේ බ්‍රේස්ලට් රොත්තක් ය. ඇත්තච නැත්තච කියා මාධව දන්නේ නැත. කලු හොර ගෙඩියෙක් වගේමය. ඌ කතා කරද්දී හොර පෙනුම මතුවීගෙන එන්නේ නිකම්මය. පෙනුමෙන් පිරමීඩ කාරයින්ව විනිශ්චය කරාට මාධව කිසිත් කියන්නේ නැත.

ඉතිං ඒ්කා කතා කලේම හම්බ කරන සල්ලි කන්දරාව ගැනය. ඌ ඉදිරියේදී ගන්න ඉන්න වාහන ද හදන්නට ඉන්න ගෙවල්ද  ඒ්වා ගේ පොටෝ අර තිරම මත දමමින් හුස්ම අල්ලාගෙන මාර දේශනයක් වගේ එකක් මාධවලාට  කලේය. වැඩි දුර ආශාවන් නැති මාධව ඒ්වා ද කලින් එකාගේ මෙන්ම ඒ් කනින් ඇතුල් වී මේ කනින් පිට කරමින් නුවර යුසුෆීයා ඒකේ බුරියානියේ රස මතක් කරමින් කල් මරමින් උන්නේය. මධූ ගැන කේන්තියක් ද ආවේය. බුරියානියේ කුකුල් කකුල මධූ ගැන කේන්තිය මදක් අඩු කිරීම ද සිදු වූයේය. 

කෙසේ වුවත් ඒ් දිනයේ ඉදිරිපත් කිරීම සිදු කල එකෙක් අදටත් යූ ටියුබ් හි සිය රැවටීම් සිදු කරගෙන යහතින් වැජබෙන්නේය. ලංකාවේ මහ බැංකුව ඌ ඉදිරියේ නිදි ය.

ඉතිං  උගේ ලෙක්චරය පුරාම ද මොල සුද්ද කිරීම නොඅඩුව තිබුනේය. මාධව වැඩි දුරටත් එහි මනස රඳවා නොසිටි නමුත් අවබෝධ වූ කරුණක් විය.

මුදල් ආයෝජනයට ලබා ගැනීම අතේ මාට්ටු වන නිසා ඒ් කටයුතු නවතා විවිධ නොවටිනා භාණ්ඩ පිරමීඩ ආකාරයට ඉහල මිලකට අලෙවි කර සාමාජිකයින් බඳවා ගනිමින් මුන් මේ කරන්නේ පරණ ජාවාරමම බව මාධවට වැටහී ගියේය. උං මහ කාළකණ්නි ඊජිප්තු වැසියෝය. අමුම අමු කාළකණ්නි ය.

මාධවලාගේ අනාගතය ගොඩ දාන්න උන්ට ඇති උවමනාව, මධුලාට ඇති උවමනාව මේ මාධවලාගේ දුප්පත් අම්මා තාත්තාටද නැත. ඒ් තරම් උන් හරි ආදරේය. මධූ ඒදා භාවිතා කලේ මාධව පෙළන විරැකියාව නම් තත්වය ය. එකිනෙකාගේ විවිධ තත්වයන් හදුනාගෙන දැල එලීම උන්ගේ ක්‍රියාවලියේ මූලිකම එකක්ය.

ලෙක්චරය අහවර වූ පසු මදූලා මාධවලාව වට කරගෙන මාර හීන ගැන කතා කරන්නේය. මධූගේ පෙම්වතා යැයි පවසන සුදු මහත තඩියෙක් ද ඇවිත් උගේ  ජංගමයෙන් බී ඇම් වර්ගයේ රථයක්ද පෙන්වා ඊළග මාසයේ ගේනවා කියා පම්පෝරිය අරින්නට ගත්තේය. මාධවට හිනාය. උං බී ඇම් එක ගෙනාවද කියා මාධව අදටත් දන්නේ නැත. හැබැයි මධු දැන් “එයට යෙදවූ  මුදල් හදල්” අහිමි කරගෙන රජයේ ආයතනයක රැකියාවක් කරගෙන ඉන්නා බව නම් මාධව දන්නේය.  

අවසන උන්ගේ හීන උන්ටම තියා ගන්න යැයි නොකියා කියා මාධව එතනින් ගැලවී යුසූෆීයා එකට ගොස් පර තම්බින්ගේ රසවත්ම රසවත් කුකුල් මස් බුරියානියකට මුදල් ආයෝජනය කලේය. අඩුම ඒ්ක දිවට හෝ ආයෝජනයක්ය. තව රු 60ක් ආයෝජනය කර වටලප්පමක් ද කෑවේය. ඒ් සේරටම ගියේ රු 250ක් වගේ සුලු මුදලක් ය. දැන් රු 250ට කන්න බුරියානියක් මේ රාජ්‍යයේ නැත.

දැන් ගේම පැහැදිලි වී ඇත. මුදල් වෙනුවට බඩු විකුණා මෙම පාහර ජාවාරම් තවමත් කෙරෙද්දී නිතිය කුමන ආකාරයෙන් හැසිරෙන්නේ දැයි මාධව කුකුල් අඩුව හප හපා යුසුෆියා ඒක තුලදී කල්පනා කර කර බුරියානිය රස වින්දේය. ඉක්බිති  ගමට ගියේය. මධු සමග සම්බන්ධය ද එයින් පසු සීමාකර දැම්මේය. ඒ් නුවර පිළිමතලාවේ ය. මධු මාතලේ බැවින් මාතලේද ජාවාරම පැතිර ඇති බව සුවර් ය.

පිරමීඩ කතාවේ පළමු කොටස මෙයින් නිම වන්නේය.

කාලය ගත විය. 2015 කාලය වන විට දිමුතුවා කොළඹ රටේය. අවිවාහකයාය. ඌ නැවතී උන්නේ දෙහිවල නැදිමාල හන්දියේ බෝඩිමකය. මරු පොට් එකය. එහෙන් බෙල්ලන්විල පන්සලය. තව පැත්තක හවසට කොලඹ රටේ සුදු කෙල්ලෝ ශරීරය නඩත්තුව උදෙසා දුවන ජොගින් ට්‍රැක් එකක්ය. අනික් පැත්තෙන් දෙහිවල ස්ටේෂම හා වැල්ලය.  දුර ඈත ඉන්දියන් සාගරය දිලෙන්නේය. බිල්ඩිමේ උඩම තට්ටුවට මුළු කොලඹම පේන්නේය. සඳ පායා ඇති රෑක කොන්ක්‍රීට් වහලය මත වැතිරී ආකාසය දෙස බලාගෙන සිහින මැවීම අපූරුය. මරු ය. දෙහිවල සිරියාව එසේ ය.

මාධව කොලඹ රටේ ඉන්ටවීව් වලට යද්දී නෑ බෑ නොකියා පිහිට වන්නේ මේ දිමුතුවා ය. උගේ බෝඩිමේ පුංචි ඇඳේ මාධවයාත් දිමුතුවාත් “පුරුෂ පති දම් නොබිඳ” ආදරයෙන් නිදාගත් දවස් කීපයක්ම තිබුනේය. ඒ් වගේ බොක්කක් කියලා දැන් ආයේ ඉතුරු වෙලා ඉන්නේ අසංකයාය. ඌත් එක්ක ගත්ත ආතල් වෙනමම කිව යුතු කතාන්දර බැවින් ඒ්වා පස්සට කියන්නේය.

ඉතින් ඒ් 2015 කාලයේ මාධව දිනක් දිමුතුවාට කතා කලේය. ඉන්ටවීව් එහෙකට යන්නට අවශ්‍ය නිසා බෝඩිමට එන්නද යැයි මාධව ඇසුවේය. ඌ ආ වරෙං කියා කිව්වේය. ඉතිං ඒදා රෑ ඌගේ කාමරයට ගොස්  කයි කතාවක ඉද්දි මේ පිරමීඩ කතාව මාධව ඌටද කිව්වේ උගේත් ආරක්ෂාව උදෙසාය.

අහෝ බේදයක්ය. යකෝ ඊට පෙර දිම්මා ටොපිය කාලාය. ඌ උද්‍යයෝගය වැඩි කමට සූර්ය කෝෂ දෙකක්ම මිලදී ගෙන තිබුනේය. දිම්මා වගේ උගතෙක් ද අසු කර ගත්තාය කියන්නේ උන් අල්ලන නිලයේ සැර කම හිතා ගන්නට පුලුවන්ය. මේ පරිච්ජේදයට අයත් වන්නේ දෙහිවල ය.

පිරමීඩ කතාවේ ඒ් කොටසත් ඉවරයි ය.  

පසු කලෙක නාගසාකී සමග දුරබනුවෙන් කයි කතාන්දර කිය කිය ඉන්නා විට මධු ගැන කතාව මාධව ඇයට කිව්වේය. ඒවිට ඈ කියූ කතාවට මාධවට මෙම පාරාවෝ කාළකන්ණින් ගැන පුදුමාකාර කේන්තියක් උපන්නේය. නාගසාකියේ පියා නැත. වත්තෙන් ලැබෙනා ආදායමින් මව සමග දුකසේ ජීවනෝපාය ගැට ගසා ගන්නා නාගසාකී දිරිය කෙල්ලක් ය. මාධවට ඈ ගැන අදහසක්ද සිත තුල නොතිබුනා නොව්ය. නමුත් තනිවම ඇගේ මව වෙනුවෙන් කැපවෙන  ඇගේ තත්වය දන්නා නිසා මාධව ඇය සම්බන්ධ සිතුම් පැතුම් වලදා කල් ගෙව්වද මිතුදම් ආරක්සා කර තියා ගත්තේය. ඒසේ දුකසේ කල් ගෙවනා නාගසාකී වැන්නියකගෙන් දැන දැනම සල්ලි කඩා ගැනීමට උත්සහ දැරීම අමන වැඩක්ය. ඔවුන් ඈවද පෙර දා මාධව ව කැඳවාගෙන ගිය ආකාරයේ වැඩසටහනකට කැඳවාගෙන තිබුනේය. නැති බැරි අයවලුන්ගේ මුදල් කඩා ගැනීම කාළකණ්නි කමක්ය.  ඒ් නිසාම මාධවට උන් ගැන තිබූ පිළිකුල තවත් වැඩි විය. ඒදා පටන් මේ ව්‍යසනයෙන් දන්නෝ මුදවා ගැනීමට මාධව තරයේ අදිටන් කර ගත්තේය. නාගසාකි උන්නේ ගම්පොල පැත්තේය. ඔවුන්ව කැඳවා තිබුනේ ගම්පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දැන් තිබෙන sapahire උත්සව ශාලාවට ය.

මේ පරිච්ජේදයට ගම්පොල අයත්ය.

මාධව ඔයින් මෙයින් ඇතුල්කොට්ටේ කොන්තරාත්තු සමාගමට බැදුනේය. ඒ් සමාගමට බැදුනු දිග පලල මනින බිල් දාන ලස්සන කෙල්ල නදී සමග උන්ගේ ගෙවල් පැත්තේ ටුවර් ඒකක් යාමට මාධවට අවස්තාවක් ආවේය. ඈ Quantity surveyor කෙනෙක් ය.  ලස්සන කෙල්ලෙක් ය. නිරහංකාර අව්‍යාජ කෙල්ලෙක් ය. ඇගේ ගම මාතරය! “මාධව අයියා ඔහේලා හබුං කැවෙයි” කියා ඇසූ පළවැනි දවසේම මාධව ඇගේ සුන්දරකමට යටින් තිබූ ගැමි කෙල්ල දුටුවේය. කොළඹ හතේ පෙනුම ඇති නදීගේ මුඛයෙන් වදන් ගලා එන විට කොළඹ හතේ කෙල්ල පලා ගොස් ගමේ කෙල්ල මතුවන්නේය. නදී සමග කල තක්කඩිකම් තවත් දිනෙක අනිවාර්යයෙන්ම මෙහි ලියවෙනු ඇත. ගිහාන් මලයා ඒ්වාට නදීට සමාව දෙනු ඇත.

මාතර කිව්වාට ඒයැයි වැලිගම පැත්තේය. හැබැයි මරු පැත්තක් ය. ඇවිදින්නට කියාපු පැත්තය . මාතර සිට ගාල්ල පැත්තට නදීගේ මිතුරු සගයෙක්ගේ හොන්ඩා රාජයෙක් තුලට වී මහ වැස්සේම ගිය ගමන වෙනමම ආතල් එකක් ය. ඒ් ගැන පසුව ලිවීමට මාධව ඉටාගෙන ඉන්නේය.

ඉතිං ඇගේ ගමේ නිවස වෙත මහ රෑ ළගා වූ මාධවට ඇගේ නිවසේ කුස්සියේ කොනක බැබලි බැබලී තිබූ එක්තරා දිනෙක නුවර පිළිමතලාවේදී දුටු ආකාරයේම කාළකන්නි පෙනුමක් ඇති  සූර්ය පැනලයක් දක්නට ලැබුනේය. මාධවට පහල වූ මහ සිනහව දුටු නදී සහ ඇගේ මව මාධවගෙන් තතු විචාල විට මාධව මේ කතාන්දරය ඔවුන්ට කීවේය. ඒ් වන විට ඔවුන් ටොපිය කා අවසන් ය. ඒ් පිරමීඩ කාරයෝ ගැන මාධව  දැනගත් මාතර වැලිගම කතාවය.

 

දැන් නගර කීපයක නිදැල්ලේ පිරමීඩ කාරයෝ මේ කරනා අවලං ව්‍යාපාරය ආසන්න දිනකදී මාධවගේ ඥාතියෙක්ව ගොදුරු කරගෙන ඇත්තේය. ඌ ඥාතියාගේ ඔලුව කා අවසන් නිසා මාධවට කල හැකි දෙයක් නැත. කාළකණ්නි කමට බේත් නැත. හැබැයි මාධව මූනු පොතේ කව්ද මේකා කියා පොටෝවක්ම දමා සෙවීමක් කලේය. ඒයින් මිනිත්තු පහක් ගිය තැන මාධවට ඇමතුම ආවේ බත්තරමුල්ලෙන් ය.

මේ කතාවට බත්තරමුල්ල ද සම්බන්ධ වුනේ ඒ්මය. එක්තරා රක්ෂණ සමාගමක කටයුතු කරනා මාධවගේ පාසලේ ආදි සිසුවෙක් මාධවට කතා කලේය. ඒ් සහෝදරයා මාධවලාට වඩා හුගක් වැඩිමල් ය.  මල්ලි ඌ අහවලා යැයි විස්තර කියාගෙන ගියේය. ඌ මටත් කතා කලා මල්ලි යැයි ඌ කීවේය. මාකටිං කරන ඒ් සහෝදරයා හසු නොවී බේරී තිබුනේය. ඒ් අනුව මාධවට බත්තරමුල්ලෙන් ද පිරමීඩ වලට ගෑවුන අයෙක් හමු විය.

මෙම මුනු පොතේ පෝස්ටුව ගැන ආරංචි වූ  පිරමීඩකාරයා මාධවගේ ඥාතියාගෙන් මාධව ගැන විමසා තිබුනේය. මාධවගේ දුරකථන අංකය ඉල්ලා තිබුනේය. මම ඒයාට කියලා දෙන්නං කියලා කියා තිබුනේය. මාධව ද අංකය දුන්නේය. කතා කරන්න කීවේය. ඌ කිසිම වේලාවක මාධවට කතා කලේ නැත.

හැබැයි උගේ කතාව දැන ගන්නට අවශ්‍ය නිසා දින කීපයකට පසු මාධව ඌට කතා කලේය. අකුරක් නෑර පටිගත කරන ලද දුරකථන ඇමතුම මාධව සතුව ඇත. ඉංජිනේරුවෙක් යැයි කියාගන්නා ඒ් ඊජීප්තු වැසියා මාධවට ද මාර ලෙක්චරයක් දුන්නේය. හැබැයි ඒ් ලෙක්චරය එදා 2013 දී අර කාළකන්නියෝ ටික දුන් ලෙක්චරයෙන් වෙනස් උනේ කඩ්ඩෙන් සිද්ධ උනු දෙබස් කීපය නිසා පමණක්ය. ඌ මාධවගේ ඥාතියාව බාගෙන අවසන් බව මාධව තේරුං අරගත්තේ ඌ කිව්ව එක්තරා වැකියක් නිසාය.

“මමයි එයයි ලක්ෂ ගාණක බිස්නස් කරන්නේ පුතා. අද ඊයෙක ඉදන් නම් නෙමෙයි.....”

ඒ් කතාව එතනින් නිමා කරන්න මාධව තීරණය කලේය. තමංගේ උන්ව හෝ තමං දන්න උන්ව හෝ මෙම කෙහෙම්මල් ජාවාරම් වලින් ගලවා ගැනීමට වඩා තමන් පමණක් ගැලවී සිටීම පහසු බව මාධව එදා තේරුං ගත්තේය.

තවදුරටත්  මාධව දැන් තේරුං අරන් ඉන්නේ මිනිසුන්ගේ ඉහ මොල සූරං කන්නා පිරමීඩකාරයෝ ඔහේ නිදැල්ලේ නීතියේ සිදුරු වලින් රිංගා මේ සිරි ලංකාව තුල සිය කටයුතු මනාව සිදු කරනා බවය. උන්ට කිසි බයක් සැකක් නැති බවය. 

ලංකාවේ උංගේ තියන පුදුමාකාර වස්තු තන්හාව නිසාම පිරමීඩ කාරයොන්ට කිසිදාක හෝ කිසිදු ආකාරයේ  අහේනියක් සිදු වී නොමැති බවද මාධව දැනගෙන ඇත්තේය!!

ඉතිං පිරමීඩ ජාවාරම් සම්බන්ධ මාධවගේ කතාවේ පරිච්ජේද කීපයක එකතුව මේක ය.

දැනට ඔපමණය. 

 

පිරමීඩ ජාවාරම් සම්බන්ධ මහ බැංකුව විසින් සම්පාදනය කර ඇති ලිපිය!!!

 https://tinyurl.com/2p9hwhx8 

 

 

13 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. යනඑනමං නැති නන්නත්තාර ආර්ථිකයට හීන වෑල්ඩිං කරාම කරගන්න බැරි දෙයක් නෑ! ස්තූතියි පෝස්ට් එකට.

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝදරයා! දුර්වල තැන උන් අල්ලන්නේ

      Delete
  2. ලැජ්ජාවෙන් උනත් කියන්න වෙන්නේ වසර 2001 හෝ 2002 අතර කාලයේදී රන් කාසි සෙල්ලම් කරන ඊජිප්තුකාරයෙක්ට අහුඋනා. නැව් රස්සාවෙ ගිහින් එනකොට ඒකට මහ බැංකුවෙන් ලෙඩක් වැටිලා කරපු උන් ලොවෙත් නෑ. පස්සේ කාලෙක 2009 දී මාධවට උනාවාගේ දහම් පාසලේදි එකට ඉගෙන ගත්තු කෙල්ලෙක් කතාකලා ගල්කිස්සේ පරනගල්වල පාරේ තියෙන බිල්ඩින් එකක පොට් එකකට. එකෙන් කරන්නේ කොස්මැටික් බෙහෙත් පෙත්තක් පිරමිඩක් ක්‍රමයට විකුනන එක. කෙල්ලගෙන් බේරෙන්න බැරිතැන ඔෆිසියේ ක්ලාක් ඇන්ට්ට කියලා මගේ බිරිදවාගේ කොල් එකට ආන්සර් කරලා හොදවයින් තේරුම් කරලා ඒකෙන් ගැලවුනා...රෑ වැටුන වලේ දවල් වැටෙන්න ඕනේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. නියම උපාය! කෝම හරි කඩා ගන්නයි බලන්නේ! සමහරුන්ට කියනවා අම්මගෙ මාලෙ තියලා සල්ලි දෙන්නකියලා!!

      Delete
  3. මේවා අපිද කියන්නෝන!? සත්තකින්ම මෙවාට බොහෝ රාජ්‍ය නිළ්ධාරීන් මෙන්ම දේශපාලකයිනුත් සම්බන්ධයි කියා තමයි ආරංචිය! මමනම් නිකිම ද්ජවසක "වාසනාව" කියන ෆැක්ටර් එක ගැන විශ්වාසය තිබ්බේ; ප්‍රායෝගිකව කලහැකි සියල්ලම, ඔව් සියල්ලම සිදු කලාට පසුව! එහෙම නොකලානම් මම මැරිච්ච තැන් වල පැල කරපු පොල්ගස් වල රිලව් කුරුම්ම්බා කනවා! ඒ නිසාම ඔවැනි ජාල, චෙන් දම් වැල් පිළිබඳව මා විශ්වාස තියන්නේ බල්ලන් ගැට ගහන දම්වැල් හා බයිසිකල් වල තියෙන දම් වැල් පිළිබඳව විතරයි!
    සමහර දවස් වලට අර ඩිරෙක්ට් මාකර්ටිං කොල්ලෝ කෙල්ලෝ ටයි පොලු එල්ලගෙන අපේ ගෙවල් වලට එනවා. සමහර දාට එන්නේ කෙල්ලෝ දෙන්නෙක්! අපි උන්න හරියේ මොකෙක් හරි ගේ ඇතුලකට ඇදලා ගත්තා නම් සොරිම තමයි! උං ආවාම උන්ගේ ගිරා පෝතක බර බරය අහලා මං දෙතුන් වතාවක් අහලා තියෙනවා "රස්සාවක් හොයලා දෙන්නද?" කියලා! අම්මට හුඩු එත කොට උං අපිට දෙන ටෝක්ස්!?

    ReplyDelete
    Replies
    1. තට්ට මාමා මොකද හැබෑට මේ කොමෙන්ට් හැට හුට හමාරක් විතර දාලා😂

      Direct sale කරන උන් ගැන ගෙනාපු විවේචනය තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද?

      Delete
  4. මේවා අපිද කියන්නෝන!? සත්තකින්ම මෙවාට බොහෝ රාජ්‍ය නිළ්ධාරීන් මෙන්ම දේශපාලකයිනුත් සම්බන්ධයි කියා තමයි ආරංචිය! මමනම් නිකිම ද්ජවසක "වාසනාව" කියන ෆැක්ටර් එක ගැන විශ්වාසය තිබ්බේ; ප්‍රායෝගිකව කලහැකි සියල්ලම, ඔව් සියල්ලම සිදු කලාට පසුව! එහෙම නොකලානම් මම මැරිච්ච තැන් වල පැල කරපු පොල්ගස් වල රිලව් කුරුම්ම්බා කනවා! ඒ නිසාම ඔවැනි ජාල, චෙන් දම් වැල් පිළිබඳව මා විශ්වාස තියන්නේ බල්ලන් ගැට ගහන දම්වැල් හා බයිසිකල් වල තියෙන දම් වැල් පිළිබඳව විතරයි!
    සමහර දවස් වලට අර ඩිරෙක්ට් මාකර්ටිං කොල්ලෝ කෙල්ලෝ ටයි පොලු එල්ලගෙන අපේ ගෙවල් වලට එනවා. සමහර දාට එන්නේ කෙල්ලෝ දෙන්නෙක්! අපි උන්න හරියේ මොකෙක් හරි ගේ ඇතුලකට ඇදලා ගත්තා නම් සොරිම තමයි! උං ආවාම උන්ගේ ගිරා පෝතක බර බරය අහලා මං දෙතුන් වතාවක් අහලා තියෙනවා "රස්සාවක් හොයලා දෙන්නද?" කියලා! අම්මට හුඩු එත කොට උං අපිට දෙන ටෝක්ස්!?

    ReplyDelete
  5. මේවා අපිද කියන්නෝන!? සත්තකින්ම මෙවාට බොහෝ රාජ්‍ය නිළ්ධාරීන් මෙන්ම දේශපාලකයිනුත් සම්බන්ධයි කියා තමයි ආරංචිය! මමනම් නිකිම ද්ජවසක "වාසනාව" කියන ෆැක්ටර් එක ගැන විශ්වාසය තිබ්බේ; ප්‍රායෝගිකව කලහැකි සියල්ලම, ඔව් සියල්ලම සිදු කලාට පසුව! එහෙම නොකලානම් මම මැරිච්ච තැන් වල පැල කරපු පොල්ගස් වල රිලව් කුරුම්ම්බා කනවා! ඒ නිසාම ඔවැනි ජාල, චෙන් දම් වැල් පිළිබඳව මා විශ්වාස තියන්නේ බල්ලන් ගැට ගහන දම්වැල් හා බයිසිකල් වල තියෙන දම් වැල් පිළිබඳව විතරයි!
    සමහර දවස් වලට අර ඩිරෙක්ට් මාකර්ටිං කොල්ලෝ කෙල්ලෝ ටයි පොලු එල්ලගෙන අපේ ගෙවල් වලට එනවා. සමහර දාට එන්නේ කෙල්ලෝ දෙන්නෙක්! අපි උන්න හරියේ මොකෙක් හරි ගේ ඇතුලකට ඇදලා ගත්තා නම් සොරිම තමයි! උං ආවාම උන්ගේ ගිරා පෝතක බර බරය අහලා මං දෙතුන් වතාවක් අහලා තියෙනවා "රස්සාවක් හොයලා දෙන්නද?" කියලා! අම්මට හුඩු එත කොට උං අපිට දෙන ටෝක්ස්!?

    ReplyDelete
  6. මේවා අපිද කියන්නෝන!? සත්තකින්ම මෙවාට බොහෝ රාජ්ය නිළ්ධාරීන් මෙන්ම දේශපාලකයිනුත් සම්බන්ධයි කියා තමයි ආරංචිය! මමනම් නිකිම ද්ජවසක "වාසනාව" කියන ෆැක්ටර් එක ගැන විශ්වාසය තිබ්බේ; ප්රායෝගිකව කලහැකි සියල්ලම, ඔව් සියල්ලම සිදු කලාට පසුව! එහෙම නොකලානම් මම මැරිච්ච තැන් වල පැල කරපු පොල්ගස් වල රිලව් කුරුම්ම්බා කනවා! ඒ නිසාම ඔවැනි ජාල, චෙන් දම් වැල් පිළිබඳව මා විශ්වාස තියන්නේ බල්ලන් ගැට ගහන දම්වැල් හා බයිසිකල් වල තියෙන දම් වැල් පිළිබඳව විතරයි!
    සමහර දවස් වලට අර ඩිරෙක්ට් මාකර්ටිං කොල්ලෝ කෙල්ලෝ ටයි පොලු එල්ලගෙන අපේ ගෙවල් වලට එනවා. සමහර දාට එන්නේ කෙල්ලෝ දෙන්නෙක්! අපි උන්න හරියේ මොකෙක් හරි ගේ ඇතුලකට ඇදලා ගත්තා නම් සොරිම තමයි! උං ආවාම උන්ගේ ගිරා පෝතක බර බරය අහලා මං දෙතුන් වතාවක් අහලා තියෙනවා "රස්සාවක් හොයලා දෙන්නද?" කියලා! අම්මට හුඩු එත කොට උං අපිට දෙන ටෝක්ස්!?

    ReplyDelete
  7. ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ දක්වා ඇත. අපගේ සිඩිය දැනට මෙරට පවතින වඩාතම විශාල බ්ලොග් සංඛ්‍යාවකට ගොඩවිය හැකි සින්ඩියයි. බ්ලොග් 1140 කට වැඩි සංක්‍යාවකට ඒ තුලින් පිවිසිය හැක! වරක් ගොඩවී බලන්න. අපගේ සින්ඩියට ඔබගේ බ්ලොගය තුලින් ප්‍රචාරනයක් ලබාදීමට කටයුතු කරණ්න!

    ReplyDelete
  8. බොහොම වටින ලිපියක්. දන්න විදිහට, මේකෙ නිර්මාතෘ Charles Ponzi, ඉතාලි-ඇමරිකානුවෙක්. 1920 ගණන්වල හිටං කෙරෙන, මංකොල්ලයක්.
    https://en.wikipedia.org/wiki/Ponzi_scheme
    https://en.wikipedia.org/wiki/Ponzi_scheme

    කාළෙන්, කාළෙට මේක නොයක් මුහුණුවරින් කරළියට එනවා. කාළයක් ආවා කෝමාරිකා විකුණන්න, ආයෙ වතාවක් කතෝලික ආගමට සම්බන්ධ කරලා සැටිපිකට් එකකුයි, මෙඩල් එකකුයි වික්කා. මමත් උත්සහ කරල තියනවා, සමහරුන්ව බේරගන්න. ඒත් හැමතිස්සෙම හරියන්නෙ නෑ. නෑ, නෑ මේක කලින් එව්වා වගේ නෙමෙයි කියනවා. ඒ කතාකරන්න, මිනිස්සුන්ගෙ, අතුලෙ හැංගිලා තියෙන තන්හාව. ඒකට බේත් නෑ. කියන්න ගියාම අපේ ඇඟට ගොඩ වෙනවා.

    ReplyDelete
  9. සහතික ඇත්ත. මම ඒත් මුලින් බැලුවා මොකාද යකෝ ඊජිප්තුකාරයා කියලා. පස්සෙ තමයි මීටර් උනෙ. වැඩි තණ්හාසෙ විනාසෙට මුල කියනවනෙ.

    ඔය කියන සෝල පැනල් එක 2013, 14 වගේ කාලේ 60 දාස් ගානකට තිබුනෙ. පස්සෙ එකපාරම 80 දාස් ගනක් කරා, දැන් 1යි 20 ගානක්.

    තව ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා ඉතින්. කිසිම දෙයක් හිතල තේරුම් ගන්න බැරි බබාලා වගයක් මේ අධ්‍යාපන සිස්ටම් එකෙන් හදනවනෙ. ඉතින් උගත් කියල මේවට අහු නොවී තියෙන්නෙ නෑ.

    මාකටිං කරන මොකා උනත් කරන්නෙ මිනිහගෙ තියෙන හොඳම නිල වලට කෙලින එක. අහු වුනා කියල දැනෙන්නෙවත් නෑ.

    අහු උන උන් තේරුම් ගන්නෙත් නෑ. උන්ට කියන්න ගියාම උන් හිතන්නෙ උන්ට කෙලින්න අපිට උන් ගැන තියෙන ඊරිසියාවට කියනවා කියල.

    මන් අහපු කතාවක් තමා මිනිස්සු වැරදි පාරක යනවා නම් හරි පාරට ගන්න හදන්න එපා, එයාලා යන පාර හොඳට කාපට් කරලා දෙන්න කියලා. මේක ඇහුවෙ නම් 3mana.com එකෙන්

    දැන් තව අලුත් එකක් තියෙනවා cryptocurrency use කරලා කරන ඒවත්.

    මහ බැංකුව කියන්නෙ එයාලට නීතිය ක්‍රියාත්මක කරන්න වගකීමක් නෑ දැනුවත් කරන්න විතරයි කියලා. මොකද මහ බැංකුව ඉන්නෙ ඊජිප්තු කාරයො අල්ලන්න නෙමේනෙ.

    ඩොනල්ඩ් ට්‍රම්ප් කාරයත් මුලින් මේ multilevel marketing කරපු හාදයෙක්. ඉතින් හිතන්නකො ගේම ගහන උන්ගෙ තත්ත්වෙ.

    ReplyDelete
  10. අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!

    මේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!

    අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!

    ReplyDelete
Previous Post Next Post

Contact Form