එක!

 


මලයාලම් සිනමාව අපූරුය. කුමක්දෝ හේතුවක් නිසා මලයාලම් සිනමා බැලීමේදී මේ පුංචි රටට නොහොත් සිරි ලංකාවට හිතේ කොනක හෝ ආලයක් ඇතැයි සිතෙන්නේ ය. ඒ්කට හේතුව ලෙස මාධව සිතන්නේ ඒ්වායේ පෙන්වන පරිසරය ලංකාවේ පරිසරයට බෙහෙවින්ම සමාන නිසාවෙන් ය. වෙන්නප්පු,  පරිසරය ඇත්තටම කුම්බලාන්ගියේ පරිසරයට ද, තවත් සිනමා සිත්තං කීපයක්ම මාධවලාගේ ගම් පියස සහ නුවරඑලියේ පැත්තට සමාන සේ පෙනුනු නිසාම දැනුනේ මේ රටට නහුතෙට කෙලවී ඇති උනත් ආදරය කරන්නට හේතු ඇති බවය. 

කෙසේ වෙතත් ළගදී බැලූ තවත් මලයාලම් සිත්තමක් නිසාම මේ කතාව සරලව කියන්නට සිතුනේය.

ඊටත් පෙර තවත් කතාවක් කිව යුතුය. ලංකාවේදී දේවල් කීපයක් ආපසු ගන්නට බැරිය.

පැවසූ වදන්, ලීක් වූ පොටෝස් සහ ලබා දුන් ජන්දය.

ඔය තුනෙන්ම ලක් වැසියා යටෑදුමත් නැති වන්නටම කෙලවාගෙන ඇති නමුත් පාඩම් උගන්නේ නැත.

ඒ් අස්සේ මේ වාගේ කතාවක් බැලුවාම පාරේ කක්කි දාන ඉන්දියානුවාගේ සමහර පැති කොමඩ්ඩුවේ හිඳ පත්තර බලන ලාංකිකයාට වඩා උසස් යැයි සිතෙන්නේය. විශේෂයෙන් කලාව පැත්තෙන් උන් අතිශය ඉදිරියෙනි. මේ කියන කතාවේ සරලම කෙටිම විස්තරය මෙසේය.

ONE නැමති මලයාලම් සිත්තමට පාදක වන්නේ කේරල මහ ඇමති විසින් ගෙනෙන්නට උත්සහ දරන නීතියක් සම්බන්ධ වය. ඔහු විසින් සම්මත කරන්නට හදන නීතිය ඉතා වැදගත් වන්නේය. ලබා දුන් ජන්දයට වග කීමට හැකි පරිදි තමන් ගේ ජන්දයෙන් පත් වන ජනතා නියෝජිතයාට විරුද්ධව ඔහුට ලබා දුන් ජන්දය ආපසු ගන්නට පුලුවන් ආකාරයේ “rights to recall” නොහොත් ජන්දය ඉල්ලා අස්කර ගැනීමේ අයිතිය යනුවෙන් නීතියක් ගෙන්නට උත්සහ ගන්නේය.

නමුත් විරුද්ධ පාර්ශවයේ බලපෑමෙන් මන්ත්‍රීවරුන්ගේ වැඩි ජන්දයෙන් එම යෝජනාව පරාජයට පත් කරන්නේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ය.

පක්ෂව ජන්ද ලැබෙන්නේ 14ක් පමණක්ය. මේ කේරලයේ තත්වය ය. හැබැයි ඒක සිනමාවේ කල්පිතයක් ය. එසේ පමණක් වුවද විචාරකයින් මත පල කරනුයේ ඉදිරි වසර දහයක් තුල එවැනි නීතියක් අනිවර්යයෙන්ම පැමිණෙනු ඇති බවය. දූෂණය ඒ තරම් උත්කර්ශවත් වී ඇති බවයි පෙනී යන්නේ.

ලංකාවේද ජන්ද පත්‍රිකාවට NOTA යනුවෙන් අයිතමයක් එක්කාසු කර ගැනීමට උත්සහ දැරීමද එවැනි කටයුත්තක් ය. සිවිල් සමාජයෙන් මතු කෙරුනු කරුණක් වුවද එයද පරාජයට පත් විය. මැකෝ ද ඒකට පස්ස ගැහුවේ ය.

ලංකාවේදී අසරණ මාධවලා ඇතුලු පුරවැසියාට තමා විසින් බලාපොරොත්තු සහිතව ලබා දුන් ජන්දය ආපසු ගන්නට පුලුවන් ආකාරයේ වැඩක් අත්‍යවශ්‍ය වන්නේය. අසීමිත දූෂණයට අවශ්‍ය එවැනි පියවර කීපයක් ය. තැන් තැන් වලට කැටි වී හූ කීමෙන් ප්‍රශ්නය විසඳා ගත නොහැකිය. ඒ් මාධවගේ අදහස වන්නේය.

හොයාගෙන ONE බලන්නට කියා මාධව ආරාධනා කරන්නේය. වෙනස්ම විදියේ පොලිටිකල් ත්‍රිලක් ගන්නට ඒකෙන් පුලුවන් ය. ඊළග දවසක ඔබ සැම මාධවගේ දණහිස මත හිඳුවාගෙන සීයා කෙනෙක් මෙන් මලයාලමේ තවත් කතා සහ මාධවගේ තවත් කතා කීපයක් ම කියන්නට මාධව බලාපොරොත්තු වන්නේය.

සැමට සුභ වේවාය. කොරෝනා වලින් ගැලවී අවසන මුව වැසුම් ගැලවී අහසට විසි කර සිනාසෙන දවසක් ගැන සිහින දකිත්වාය. සිහින සැබෑ වේවාය.

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මලයාලම් සිනමාව කියා මෙහේ අපට පෙන්වන්නේ පටන් ගත්ත වෙලාවේ සිට ඉවරවෙනකල් අතින්පයින් හා අවි ආයුධ වලින් ලේ හලා ගන්නා, දකින්නට අප්පිරියා හිතෙන මලකෝලම්ය.

    ReplyDelete
    Replies
    1. ඒ් දමිල සිනමාව මිසක් මලයාලම් සිනමාව නොවේ!! ඔබ පටලවාගෙන!! තෙළිගු සිනමාවත් නොවේ! දමිළ, තෙළිගු සහ හින්දි සිනමාවෙන් ඒහාට ගිය වෙනනම කලාවක් මලයාලමේ තියනවා!!

      Delete
  2. This is like finding fault with Sarath N Silva for allowing MPs to jump to other parties, even after having 2/3 majority two times to correct the law. Wijebahu

    ReplyDelete
    Replies
    1. also kerala politics same like the srilankan politics. but they have no fear for produce the movies like this and show the corruptions of the politics of kerala

      but srilankan still producing " maharaja" type things!!

      Delete
Previous Post Next Post

Contact Form