මචන්................

 

මචන්.............
 
අපේ එකෙක් තමයි උඹත්
රටවිරුවෙක් වෙලා හිදින
පුරවැසියෙක් ලෙස දෙන්නම්
ඔවදන් මේ ලෙසින් උඹට
 
උඹේ දිනුම උඹට අහිමි
වේවි ආයෙ මෙහි ආවොත්
ඒක නිසා හනික හිතා
කරපන් එක දෙයක් මිතුර
 
වෙන දුරු රටකට පලයන්
මව් පිය දරු බිරිද අරන්
උතුම් රටක් තමයි මෙරට
වචනයකට සීමා වූ
 
උරා බොන්න උඹෙ රුධිරය
බලා ඉන්න තක්කඩි රැල
දැනටත් උන් අපේ රීරි
උරා බොමින් යහතින් ඇත
 
උඹ ආවොත් එක එක බදු
ඇති කරවයි හනිකට උන්
කාලකන්නි කම් සදහා
උන් නිරතුරු පෙල ගැසේවි
 
ඒක නිසා මා මිතුරේ
එන්න එපා යලි කිසිදින
කෙලවාගත් හෙල දෙරණට
මියගොස් ඇති ලක් දෙරණට......

 

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form