නෙත්කලු...........

 


එකමත් එක කාලෙක වෙරලබඩ සුන්දර ගමක් තිවුන. හරිම සුන්දරයි. හවසට ඉර බැහැගෙන යනකොට ගමේ මිනිස්සු වැල්ලට එක්කාසු වෙලා සින්දු කියනව. නටනව. කනව බොනව.. හරිම ප්රීතිමත් ගම්මානයක්. හවසට ඉර බැහැගෙන යනකොට රතුපාට ඈත ආකාසෙ පසුබිම් කරගෙන පෙම්වත්තු එකිනෙකාට තුරුල් වෙලා මහ සාගරේ දිහා බලාන හීන මවනව.

ඕන්න ඔහොම කාලය ගෙවුන.....

කාලයක් කාලයක් ගෙවෙනකොට එක්තරා දවසක මහ නෞකාවක් මේ ගම්මානෙ අයිති වෙන මුහුදු තීරෙ ඈතින් ඇදෙන්න උන.. එක පාරටම මහ දුමක් දාගෙන නැව ඇවිලෙනව ගම්මු දැක්ක. නමුත් ගම්මු කලබල උනේ නෑ..

ඒ දිහා ගම්මු කම්පාවෙන් බලාන උන්න. නැව නිවන්න කිසිම කෙනෙක්ට හැකියාවක් නෑ.. මහ දුර ඈත ඇවිලෙන නැවේ දුම් වලාවන් අර ගම්මානයේ සොදුරු රතු හැන්දෑවන් වසාගෙන ඉක්මනින්ම රාත්රිය උදා කරා.

ඒ ගීතමය ආදරණීය මනස්කාන්ත සන්ද්යාවන් තවත් පැවතියේ නැහැ!!!

 
ඔහොම දිගින් දිගටම නැවෙන් දුම් වලාවන් නිකුත් උනා. හදිසි සේවා ගුවනින් නැව කරා ඇදෙනු දුටුවා..

 
ඔහොම ගෙවෙන එක්තරා දවසක වැල්ලට ගිය මනුස්සයෙක්ට හම්බුනා පොඩි පීප්පයක්..
ලස්සනට තීන්ත ගාපු දිලිසෙන රත්තරන් පාට පීප්පයක් .

ඒ මනූස්සයා ඒක අරන් ගෙදට ආවා...

පරෙස්සමින් වඩාගෙන දරුවෙක් වාගෙ ප්රවේසම්න් අඩිය තියමින් ගෙදරට අරං ආව.

සාලෙන් තියල පෙරලෙන්නෙ නැති විදියට ඔහු කල්පනා කරන්නට උනා..

රත්තරං පාට දිලිසෙන මෙම පීප්පෙ සෑහෙන ගණනක් වටිනවා ඇති. හරිම බරසාර පීප්පයක්.. කිලෝ පනහක් පමන බරයි..

ගම්මුන්ට මෙය ආරංචි වෙලා ඔහුගෙ ගෙදරට ආව. ඔහු ආව හැමෝටම නිර්ලෝබීව පීප්පෙ පෙන්නුව..
සමහරු එදාම හවසම වැල්ලෙ පැල් අටෝගෙන රැකවල් දාගෙන උන්න පීප්ප එනකම්ම....

දින දෙක තුනක් ගෙවුනා.. තවත් පීප්ප නෑ.. නැව ගින්න නිවාගෙන යන්න ගියා...ගම්මුත් වැල්ලේ අටවාගත්තු පැල් අත හැර ගම්මානයට ගියා..

කිසිවෙක් ඔහු වාගේ වාසනාවන්ත උනේ නෑ..

එදා මහ මුරුගසං වරුසාවක් ගම්මනය වටකරගෙන වසින්නට උනා.

........................................................................................................................................................

දින සති වලට පෙරලුනා.. සති හතරකින් අමුතු දෙයක් සිද්ද උනා..

ගමේ එක මනුස්සයෙක් විලාප දීගෙන පොලවේ පස් කන්නට උනා.. ගම්මුන් ඔහුව අල්ලා 1990 අමතා රෝහලට ගෙන යන්නට උත්සහ කලද ඔහු විඩාපත්ව නිහඩ උනා..

ඉක්බිති ගම්මුන් ත්රාසයට පත් වූයේ ඔහුගේ මලගිය මුහුණ දැකීම නිසාවෙන්..

ඒ මුහුණේ ඇස් අගුරු සේ කලු වී තිබුනා..

ඔහු වයස විසි හතක පමණ තරුණයෙක්.

තවත් අදුරු දිනක් ගෙවී ගියා.. ඊලග දිනයේ ගම්මානයේ විසූ තවත් පවුලක එවැනිම තරුණයෙක් සහ ඔහුගේ බිරිද ඒ ආකාරයටම අගුරු පැහැ නෙත් ඇතිව මියගියා.. ඔවුන් දෙදෙනා වේදනාවෙන් කල අරගලය ඔවුන් නිදා සිටි කාමරය සිසාරා පෙනෙන්න තිබුනා..

ඔවුන් එකිනෙකාව සපාකාගෙන ඇති බවට ඔවුන්ගේ ශරීර ලක්ශණ ඉගි කර සිටියා.

ඊලග දිනයේ නිහඩවම අරගලයකින් තොරව පීප්පය තබාගෙන උන් ගෘහයේ සියල්ලම මියගොස් සිටියා.. එම නිවසේ උන් නව මස් වියැති බිලදා සම්පූර්ණයෙන්ම අගුරු සේ කර වී වියැලී තිබුනා..

නිරෝගී මිනිසුන් මෙසේ කාලවර්ණ නෙත් ඇතිව මියයාම පරීක්ශකවරුන්ටද මහත් ප්රශ්ණයක් වූවා. ඔවුන් මරණ වලට ව්වෘත තීන්දු ලබා දී භූමදානය කිරීමට අවසර ලබා දුන්නා..

නමුත් වසංගතය තරාතිරම නොබලා පැතිරෙමින් තිබුනා..

කාලවර්ණ නෙත් ඇති මෘත කලේබරයන් ගොඩ ගැසුනා.

ගම්මානයම භීශණයෙන් ඇලලී ගොස් තිබුනා..
.......................................................................................................................................................

කිසිවෙක් හෝ හිමිකම් නොකී රත්තරන් පීප්පය නිසලව රන්වන් පාටින් බැබලුනා...!!

පීප්පය වටා වූ ගම්මානයට ඉක්බිති කිසිදාක රතු පැහැති අහස පෑයූවේ නෑ.....!!

.......................................................................................................................................................

 
පසු කතාව - මීගමු වෙරලේ මිනිසුන් කොරෝනා වස්ගතය අස්සේ නයිට්රික් අම්ලය පුරවාගත් ගිනිගන්නා නැවේ අබලි ඇහිදිමින් සිටිනවා.

මීලග රන් ආලේපිත පීප්පය කිසිවෙකුට හෝ හමුවේවිද...?

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form