"ගුරු ගෝල සව්දම!

 


"ගුරු ගෝල සව්දම!
 
සබඳ
දිසාපාමොක් නුඹය, නුඹ මගේය
සියල්ල දත් දැනුම් කඳය
සසල නොවන පහන් සිළුව ය
ඒ්ත් මාගේ නෙත් අ‌ඳුන් මතදී
ඔබ සසල වන්නේය
------------------------------------
තුරුණී,
නුඹ හරිම අපූරු කුසුමකි
පිපෙන්නට වෙර දරන
යෞවනෝදය උතුරන නෙතගින්
නොබලන්න ඔය ලෙසින්
වියපත් වූ පැණි කුරුල්ලෙකු දෙස"
 
--------------------------------------
 
පින්තූරය - ඇගේ ඇස අග (අශෝක හඳගම මහතාගේ සිනමා සිත්තම #ashokahandagama)
 
මෙතන දෙබස මෙහෙම
 
professor -
මේක භයානක සෙල්ලමක්
you should stop this
i have a family
you should have a future
 
යකෝ ඒ් වගේ බැල්මක් දාන නාඹර කෙල්ලෙක් එක්ක කාමරේක තට්ට තනි වෙලා, අඩියක් වත් දුරක් නැතුව ළගටම ලං වෙලා ඉන්න කෙල්ලෙක්ගේ හුස්ම පොද මූනට වදිිද්දි ඔය වගේ බණ කියන්න පුළුවන් නම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ!
 
මහාචාර්ය වරයෙක්ම තමයි...............
 
සිතින් සුව විදින ගත නොව මනස සුවපත් කර ගන්න මනසින් දියුණු මිනිස්සු!
 
------------------------------------------------
සිනමා සිතුවම ගැන කියනවනම් - අශෝක හඳගම ඒ් ඇල්ලුවේ මාර නිලයක්!! 
 
එච්චරයි!!
 
කවිය මාධවගේ! 
 
ස්තූතියි!

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. දැනුමෙන් පිරිපුන්
    මිනිහෙකු වුණු මුත්
    හැඟුමන් අබියස
    වෙයිද හිමගිරක්?

    ReplyDelete
    Replies
    1. වෙනව නේද නිදී!

      සමහර මිනිස්සු පුදුම පාලනයකින් ඉන්නවා!! 

      Delete
Previous Post Next Post

Contact Form