වසර දහයක ඉතිහාසයක්! මාධවගේ කතා!



වසර දහයකට කලියෙං මාධව ආසාවට වැඩක් පටන් ගත්ත! සල්ලි මල්ලි මුකුත් හොයන්න නොවේ! ආසාවට!
දැන් වසර දහයක් ගිහිං! දැන් යූ ටියුබ් සල්ලි හොයන්න වගේ ඒ කාලෙ ලස්ස ගණන් හෙව්වෙ බ්ලොග් අටවගෙන! නමුත් මාධව ඒක කලේ සල්ලි හොයන්න නෙමෙයි!! අතීතෙ දවසක ඒ වැඩේ පටං ගන්න අනුරාධ මල්ලි හුඟක් උදව් කලා! ඌ දැං උගේ බ්ලොග වහල! ඌ මූනුපොතේ ඉන්නවා!! ඇවිද ඇවිද!!

ඉතිං,
වසර දහයක්......
සුලුපටු කාලයක්ද මිත්‍රවරුණි!!


මේ තියන්නේ ඒ අතීත ආවර්ජන සටහන්!

ආරම්භක පෙනුම! 2010- 2011 කාලයේ තිබුනු පෙනුම!

පළමු වැනි කතාන්දරය!


ආදරණීය කතාවක ඇරඹුම!


වර්තමානයේ ලියන ටෙක්නොලොජි කතාන්දර




ආදරණීය කතා! කෙටි කතා! පිස්සු කතා! වැදගත් කතා! ටෙක්නොලොජි කතා! පවුලේ කතා! එකී මෙකී කතා හුඟක් ලියවුනු දිනපොතක් වගේ එකක් තමා මේ අඩවිය!

ඒ වගේම එදත් අදත් මාධවගේ කතා කියවන ඩයි හාඩ් ෆෑන්ස්ල තාමත් ඉන්නවා!!
සමහරු කියෙව්වත් නොකියෙව්ව වගේ ඉන්නවා!
සමහරු කියවලා බනිනවා!
සමහරු ගුණ කියනවා!

කෙසේ වුවත්
මේ සමහර කතා වල එන චරිත සැබැවින්ම ජීවත් වන චරිත බව නොකියම බෑ!

**ෂා! ලේනා මහතා! සෙව්වන්දි! නිදිමාලි! උපාසක සුපුන්! වැඩ බැරි නුවනා! අමිල ටොමියා මහතා! බක චින්තක! ඇපල් චතුරංග! කොකා! දසකැලුමා! නිමන්තිකා! මල් කොල්ලා! ඒ හැමෝම ගෙවෙන ජීවිතේක අහු මුලු වල ඉන්න චරිත!!

ජීවිතේ ගෙවීගෙන යනවා! බ්ලොගත් වයසට යනවා! නමුත් තෘප්තියක් තියෙනවා!
ආසාවට විනෝදෙට ඉඩක් ලැබුන සැනින්ම මොකක් හරි ලියනවා!

නොලියූ කතන්දර මෙන්ම නොලියා පළ කිරීමට නොසිතූ කතාන්දර එමටයි!
සමහර කතාන්දර පල වීම භයානකයි! හරිම පුරාම භයානකයි!


ඉතිං මිත්‍රවරුණි!

සරලව මෙච්චරයි!

මාධවගේ කතා රස විඳින හැමෝටම ගොඩක් ස්තූතියි!!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. සුබ පැතුම් සමගින් තවත් දසවසරක් බ්ලොග් ලියන්නටත් අපට කියවන්නටත් ලැබේවායි පතනවා.

    ReplyDelete
Previous Post Next Post

Contact Form