මතකයන්


“අතීතයේ පිය සටහන් මැකී යමින් තිබේ. ඇය තවදුරටත් මාධවගේ සිහිනයේ කුමාරිය නොවනු ඇත”


කලකට ඉහත ලියනු ලැබූ ලිපියක අවසානය මෙසේ සටහන් කරමි. දැන් ලිපිය ආරම්භයේ සිට කියවන්න. ඔබ යලිත් ආදර කතාන්තරයක මුලටම එනු ඇත.

සේව්වන්දියක සෙවූ ජිවිතයක් එය ඉවත දැම්මේ නම් ඒ **ශා නිසා පමණි. අැයට මාධව බොහෝ සේ ආදරය කළේය  මෙම වචන සමුහය . කියවන ඔබට එය වැටහෙනු ඇත. සමහර විට ඔබද එසේ ආදරය කර ඇත්තෙක් විය හැකිය.

එහි රාගය නැත. ආකර්ෂණය නැත. හුදෙක් ඇගේ සුන්දරත්වයට පමණක් කල ආදරයක් නොවේ.
කාන්තාවකගේ ලාලිත්‍යමෙහිදී වැදගත් වුයේ නැත. 

අයගේ කතා බහ, කෙලි කවට කම්, ආදරය පිරුණු බැල්මන් වලට කල ආදරයක් නොවේ.

**ෂා, මාධව ඔබට සැබවින්ම ආදරේ කර ඇත. ඒ මතකය එක පාර්ශවික එකක් වුවත්....

එහි ආදරය පිරි තිබුන හදවතක කතාවක් අඩංගුයි. අවන්කවම........

**ෂා ඔබ දැන් වෙනකෙකු සමග රන් හුයකින් බැඳී ජීවිතය අරඹා ඇත.

එහි ඇති ආදරය මාධවගේ ආදරය පරදවනු ඇත. 

ඔබ කිසිත් නොදන්නා, එමෙන්ම ඔබ කිසි දිනක නොසිතු නමුත් ඔහු සැබවින්ම සිත් පුරා ඔබට පිදු, ඔබ නොදැනුවත්ව හෝ ලැබූ ආදරය, ඒ තමයි මාධවගේ නිහඬ ආදරය.

ඔබේ ජිවිතයේ අසීරු හැම විටම ඔබ ගැන සොයා බැලු ඒ ආදරය.

ඔබේ දහිරියට ගරු කල, ඒ දහිරියට සැබවින්ම ආදරය කල ඒ ආදරවන්තයා ඇද ඔබ දෙස බලා සතුටු වන්නේ සබැවින්මය. 

ඔබ විසින් අවසන් දින ලබා දුන්  තිලිනය  සුරැකිව මාධව ළඟ තවමත් තිබෙන්නේ ඒ ආදරයේ මතකයන් නිසාවෙනි.

ඔබ ඔහු සමග ආරම්භ කරන නව දිවිය, වගකීම් සහිත බැරෑරුම් කටයුත්තකි.
අප තරුණ වියේ කල කෙලි කවටකම් වලට ජීවිතය දිනා දිය නොහැක. සිනහව ඇත්තේ අප අතර බෙදා ගැනීමට පමණි. ඉතින් වෙහෙස වන්න. ජීවිතය දිනන්න. ඔබ එය කරන බව මාධවට විශ්වාසයි.

ඔබේ සිනහව මාධවගේ සීත සැමදා සුවපත් කලේ නිරායාසයෙනි.
නිවුණු ඔබේ සිනහව සැමදා සුන්දරයි.
ඒ සිනහවට තදින් තවමත් ඇලුම් කරමි.

ඉතින් සමු දිය යුතුයි. පතමි සුබාසිරි..
ආදරණිය **ශා
පිය නගන්න දිවි මගේ සතුටින් ඉදිරියටම.
කිසි දිනක ආපසු හැරී නොබලන්න.... ඔබට පෙම් කල  නිහඬ ප්‍රේමවන්තයා දෙස.
නමුත් ඉඩ දෙන්න... බලා සිටින්න ඔහුට ඔබ දෙස....
ඔබේ ලස්සන දිවිය දෙස...
ඔබේ සිනහව දෙස...

ඉතින්,
අතීතයේ පිය සටහන් මැකී යමින් තිබේ. ඇය තවදුරටත් මාධවගේ සිහිනයේ කුමාරිය නොවනු ඇත. 
_________________________________________________________________________

ප. ලි.  -  මෙය **ශාගේ විවාහය දින ලියන ලද්දක් නොවේ. නමුත් සිතුවිලි සත්‍ය විය හැකිය.

ප. ලි.  - සිතුවිලි සත්‍ය වීම කෙසේ වෙතත් හැඟුම් සත්‍ය වීම සිටුවිය හැකිය.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form