මෙහෙමත් ආදරයක්.................................

අද දිනය  “අයියෝ සල්ලි දිනය“ හෙවත් “ආදරවන්තයින්ගේ දිනය“ ලෙස හැදින්වෙන්නේය.


අද දින සියලු පෙම්වතුන්ගේ සාක්කු වලට තට්ටු වෙන දිනයක්ය. ඉතිං ඒ ආදරවන්තයින්ගේ දිනයේදී මාධව විසින් තවත් කතාන්දරයක් මේ ආකාරයට පළ කරන්නේ දිගු කාලයකට පසුවය! ඉතිං කියවන්න! කතාව මේ ලෙසින් ලියවෙනු ඇත!

අපි ආදරය ලබන්නෙමු! ලෝක වාසී සියලුම මිනිසුන් සැමදාම ආදරය ලබන්නේ නැති නමුදු ජීවිතයේදී එක් වරක් හෝ ආදරය විඳ ඇත්තෙමු. අද කතාන්දරය සරලව ආදරය ගැන කෙරෙන තවත් ලියමනක්ය. “මෙහෙමත් ආදරයක්“ යනුවෙන් මෙලෙස ලියවෙනුයේ මාධවගේද ආදර අත්දැකීම් අලලා ලියවෙන කෙටි ලිපියකි! ඉතිං කියවා රස විඳින්න  “මෙහෙමත් ආදරයක්“

 පෙර කී ලෙස අපි සැවොම ආදරය එක් වරක් හෝ විඳ ඇත්තෙමු! මේ කියන ආදරය අර කෙල්ල සහ කොල්ලා අතර සිදුවන්නා වූ අරුම පුදුම ආදරයයි! මේ ආදරය නිසා ඇතැමුන්ට සිය මව පියා පවා දෙවැනි තැනට දැමීමට සිදු වී ඇත! ඇතැම් විට උංගේ අම්මලා තාත්තලා මහලු මඩමේ නවතින වෙලාවල්ද ඇත! මහ පස්ට ආදරයක්ය ඒකනංය! මේක පට්ටාන්දර ආදරයක් ලෙස මාධව දකින්නේ මේ කොලු කෙලි යුවලවල් අතර ඇති වන පුදුමාකාර ආදරය උත්තම යැයි උංම අදහන නිසාය. ඒ ආදරයේ සිදුවන පට්ට කේස් නිසාය.....

මාධවද ආදරය ගැන එහෙම අදහන්න ඉඩ තිබුනේය. නමුත් වාසනාවට මෙන් මාධවට තාමත් ඒ ආදරය එතරම් වැදගත් කමක් නැති ගානය! ඇතැම් විට එය මල වදයක්ය. සිරාය. මාධව කෙල් - ලෙක්ට(ලොන්ට) ආදරය නොකරන ගේ කුරුල්ලෙක් යැයි වරදවා වටහා නොගන්නා මෙයින් බලවත්ව ඉල්ලන්නේය. මාධවද අනෙක් කොල්ලෝ මෙන් ආදරය කරන නමුත් ආදරය ජීවිතය කර නොගන්නේය. ඇතැමුන් ආදරය ජීවිතය කර ගන්නා අතර ආදරය නැතිවීම ජීවිතය හැරදා යාමට ඔවුන්ව පොළඹවන්නේය. නමුත් මාධව තාමත් සිතනුයේ යොවුන් තරුණ තරුණියන් අතර ඇතිවන ආදරය ජීවිතයේදී හමුවන තවත් හැඟීම් ගොන්නෙන් සාමාන්‍ය එකක් පමණක් බවත් එයට මෙතරම් විශේෂ ඉඩක් දීම අනවශ්‍ය බවත්ය. ඒ කියන්නේ ආදරයක් නිසා ජීවිතයට විය යුත්තේ අංක එක ලැබීඹ මිසක් ආදරයක් නිසා ජීවිතය දෙවැනි තැනට නොදැමිය යුතු බවය.

මාධව සෙව්වන්දියට ලව් කලේය. ඒත් ඒක සීරියස් ගත්තේ නං අනික් උං වගේම ඒකිගේ පස්සෙන් වැටීමට මාධවටද ඉඩ තිබුනද එසේ නොකලේ නිකං තෙල් පුච්චා ගැනීම අනවශ්‍ය නිසාය. ඊළගට “90*කා“ එක්ක ප්‍රේමයෙන් වෙලීගියද, ඉන්පසු දෙදෙනා නුවර වැව් රවුමේ පාත්තයින් ගණන් කලද, ඒක තුල මාධව සහ “90*කා“ දෙදෙනා කොච්චර ආදරෙන්(අනේ මංදා දැන්නං හිතෙද්දි ඕං) සිටියද මාධවට එය මහා දෙයක් නොවීය! මාධව එයින් අදහස් කලේ ආදරය වැදගත් නමුත් එයට සිය ජීවිතයේ විශේෂ තැනක් ගැනීමට මාධව ඉඩ දුන්නේ නැති බවය. ඊළගට **ෂා හමුවීමෙන් පසු මාධව සිය ශරීරකූඩුවේ ඇති සමස්ථ ප්‍රේම පදාර්ථයම අඞශුවක් නෑරම ඇයට පිදීමට සිත් වුවද එය එසේ නොවී ** ***ට පුද දුන්නද, එහිදීද මාධව සිය ආදරයට ජීවිතය වෙලා ගැනීමට ඉඩ දුන්නේ නැත. මාධව ආදරය කලේය. ඒත් ඒක පොළවේ පය ගසා සිදු කල ආදරයක් මිසක් සිහින ලෝකයේ වීදුරු මාලිගා තනමින් ගෙවූ ආදරයක් නොවීය. එයට උදාහරණයක් ලෙස කීමට පස්ට කතාවක් මාධව සතුව ඇත. මාධව දිනක් නුවර බස් නැවතුමේ ** *** සමඟ කතා කොරමින් සිටින විට මාධවලා සමඟ (එවිට **ෂාද සිටියේය! ඒක වෙනම අවස්ථාවක්ය! එතැන වෙනම කතාවක්ය!)  සිටි ** ***ගේ මිතුරියක් ඇයට කියා ඇත්තේ “මාධව උයාට ආදරේ නෑ වගේනෙ හැසිරෙන්නේ අනේ හුනේ“ වගේ කතා ටිකක්ය! එය එදින රෑ ** *** විසින් මාධවට කීවේය. එවිට මාධව ඇයට දුන්නේ සරල උත්තරයක්ය! පිළිතුර වූයේ “බොළඳ වැඩ මාධව ළග නෑ“ කියාය. ඇය සැබැවින්ම එය තේරුම් ගත්තේදැයි මාධව නොදන්නා නමුත් මාධවගේ උත්තරේ කාට උනත් ඕකය.

දැන් මේ කියන බොළඳ වැඩ ගැන ලියන්නේ මෙහෙමය. ඇතැමුන්ට දුක හිතෙනු ඇත. අපේ ලව් කවියාට මල පනින්නද බැරි නැත. පොරද මේ දිනවල ප්‍රේමයේ අමිහිරි එක්ස්පීරියන්ස් එක ගනිමින් සිටින්නේය. කොහොම උනත් බොළද ලව් වැඩ අතුරින් කොල්ලාගේ අතේ “එල්ලී“ යාම අංක එකය! ඕන කෙල්ලෙක් ඇවිත් මාධවගේ අතේ ඇඟිලි වලින් අල්ලං යං අනේ කමක් නැත!(**ෂා මාධවගේ අතින් අල්ලා ගත් එකම එක් අවස්තාවක වූ ඒ මොහොත වාගේ............. දැනුදු මාධවට එය සිහිවන විට අමුතුම හැඟීමක් දැනුනේය!) ඒත් මාධවගේ අතේ වැලමිටේ සිට එල්ලී යංට ආවොත් නං මාධව ඒවා හරි නැත! දැන් කෙල්ලෝ අතිං අල්ලං ගිහිං ඇති වෙලාද මංදා යන්නේ අතේ එල්ලීගෙනය. අතේ වෙලීගෙනය කෙල්ලෝ හිතන්නේ ඒක “හරි ආදරයෙං මා ළග ඉන්න“ යැයි කීමක් කියාය. ඒත් මාධව කොල්ලාගේ අතේ නං  එල්ලුනු විට “මට බැරි නැහැ හිරි හැර විඳගන්න“ යැයි මාධව කියන්නේ නැත!!! ඒ තරම්ම ඒක පස්ට හිරිහැරයක්ය!

තෑග්ගක් දීම උතුම්ය. ආදරයට තෑග්ගක් දීම වරදක් නැත. ඒ තෑගි අමරණීය ඒවාය! එහෙත් ඒක කොරන්න නං අපේ මල්ලිලා නංගිලා අම්මලාගේ සල්ලි කොටා ගැනීම වැරදිය. මාධවද තෑගි දුන්නේය! මාධවට රැකියා නැති කල කෙල්ලට එකල තෑගි දුන්නේ අම්මලා දුන් පොකැට් මනි වලින් ඉතුරු කොර ගැනීමෙන්ය. එයත් වරදක් බව මාධවගේ හිත හොඳටම එකල මෙන්ම දැන්ද දන්නේය. ඒ නිසා මාධව දැන් තදින් ඉටාගෙන සිටිනුයේ තෑග්ගක් දීමට නං මීට පසු තමා හොර සෙවන් කොපියක් ඉන්ස්ටෝල් කොට ඒ ගාන සොයා ගන්නා නමුත් (කෙටියෙන් කියන්නේ නං පරිඝණක ආශ්‍රිතව හොරකං කිරීමෙං) අම්මලාගේ සල්ලි වලිං කෙල්ලට තෑගි නහී බවය!

ක්ලාස් කට් කොට මල් පඳුරු තුල යොවුන් විය දිය කරන අපේ නංගිලා බහුතරයට උයංටවත් බැරිය! ඒක ඇත්තම ඇත්තක්ය. ඒත් ඒ කෙල්ලෝ කොල්ලෝ ක්ලාස් කට් කොරමින් වනසනුයේ අම්මලා තාත්තලාගේ සල්ලිය. දෙමහල්ලන් මැරි මැරී හම්බ කල සල්ලිය මල්වත්තේ ටිකැට්ටුවට දිය වන්නේ එහෙමය. ඉගෙන ගන්නවා යැයි අම්මලා හිතං ඉන්න කෙල්ල උදැහැනැක්කේ කෙල බේර බේරා නිදිසුව විඳින අතරේ අම්මා උදෑසන නිදිමරා උයා දෙන රස බත් එක තමං උයං ආවා වගේ,හබුං කටයි බත් දෙකටයි කිය කිය සිය පෙම්වතාට ගිල්ලන අපේ නංගිලා 99%කට කුකිං පට්ටෙට පුලුවංය! නමුත් බතක් බෙරි නොවී උයාගන්ට බැරිය. අන්න එහෙම උං කැන්දං ගියාම අපේ උංට කන්න වෙන්නෙත් හැමදාම බෙරිබත් ය.

උදේ සිට රෑ වනතෙක් අලවාහිනියේ එනං රූපවාහිනියේ හින්දි බඩකඩුත්තු (මාධවලාගේ ගෙදර අය කියන්නේ එහෙමය) නොහොත් හින්දි සිනමා සිත්තං යන්නේය. පට්ටය! කෙල්ල දිනා ගත් පසු ආදරයට ඇතිවන බාධා දකින අපේ ඇතැම් උං එහෙම බාධා අපිට නැති වීම ගැන සතුටු වෙනවා වෙනුවට දුක්වෙන්නේය. සිරාය. ඒවායේ දෙබස් අල්ලාගෙන කොල්ලාට දෙසන්නේ ඇඟට නොදැනීය. මාධවටත් ඔහොම එකක් උනේය! සිරාය! මාධවට ඒක මතක් වී මේ ලියන මොහොතේද මැරෙන්න හිනාගියේය. ඒ කතා වස්තුව මේ මෙහෙමය.


හිටි ගමං මාධවගේ “90*කා“ හිටි ගමං සිය කෙටි පණිවුඩ වල “මං උයාට ආදරේ තරං ඔයා මට ආදරේ නෑ මාධව අයියා“ යනුවෙන් එවන්නට පටන් ගත්තේය! ඒක මාස ගණනක් පුරා ඇයගේ කෙටි පණිවුඩ වල අන්තර්ගතව පැවති වැකියක් විය. “90*කා“ සහ මාධව අතර වලියක් ඇති වූ පසු මාධවට සෑම විටකම ආවේ එහෙම පණිවිඩයක්ය! ඒ අලුත් වැකිය මාධවට එකල හදවත පලාගෙන යන තරං රිදෙව්ව අවස්ථා තිබුනේය. ඒත් මාස කීපයක් ගිය තැන “කොකා කොල්ලා“ මාධවට “ෆනා“ හින්දි බඩකඩුත්තුව දුන්නේය. ඒකේ කාජල්, අමීර්ට “මං උයාට ආදරේ තරං ඔයා මට ආදරේ නෑ “ යන වැකිය (හින්දියෙන්) කියනවා ඇසුනු විට, සිංහලෙන් උපසිරැසි දුටු විට මාධවට මැරෙනකල් හිනාගියේ ඇයගේ උපුටා ගැනීමේ තරම සිහිවීමෙංය!


පට්ටම එක ඉරිසියා කිරීමය! දැන් ඒක ෆැෂන් එකක්ය! පාරේ යන කෙල්ලෙක්ට උදව්වක් කලොත් ඒක යාලුවෙක් ගිහිං කනේ තිබ්බොත්, පණ වගේ ආදරය කරපු එකාට වඩා යාලුවාව විශ්වාස වන්නේය. යාලුවා විශ්වාස කල යුතුය! ඒක වෙනමම කතාවක්ය. ඒත් අනේ මංදාය. දුරකථන ඇමතුමක් වෙයිටිං උනොත් වෙන කෙල්ලෙක්ය. එන්නං කියලා එන්න බැරි උනොත් වෙන කෙල්ලෙක්ය. ෆෝන් එකේ නොදන්න මිස්කෝල් අංකයක් තිබුනොත් වෙන කෙල්ලෙක්ය. කොටින්ම කියතොත් මේ සේරම එකතු වී තැනෙනුයේ සැකය සහ ඉරිසියාවය. දැන් ආදරය කරන්නා වූ එවුන් නොදන්නා දෙයක් ඇත. එනම් ආදරය කිරීමට නම් විශ්වාසය ඉතා වැදගත් බවය.

මේවා පෙනෙද්දී, දකිද්දී, ඇහෙද්දී මාධවලාට කියන්න තියෙන්නේ “ මෙහෙමත් ආදරයක් “ ඇර වෙන කුමක්ද?

ඒවා එසේ උවත් නැවත පෙර ලිපියේ අවසානයට කිවූ අවවාදයම දෙන්නේය! ඔබ හදවතින් ආදරය කරන්න! අවංකව! සත්‍යවාදීව! ඒ ආදරය ඔබේ ජීවිතයට හරි හෝ නරකක් ඇති කරනු ඇත! කෙසේ වුවත් ආදරය මිලට ගත් සිහිවටන තෑගි වලින් පිරවීමට වඩා අර්ථවත් වන්න! එය සැබෑ ආදරයක් වනු ඇත! එය ඔබ ඇයට හෝ ඔබ ඔහුට ලබා දෙන වටිනාම ආදරණීය සිහිවටනය වනු ඇත.

එනම් ඔබ සැබෑ ලෝකයේදී ආදරය කරන්න! එයයි සැබෑ ආදරය! එයයි ආදරයේ සැබෑ වටිනාකම!

---------------------------------------------------------------

පලි -  ආදරය කල යුතුය! මෙහිදී මාධවගේ සිතුවිලි ප්‍රකාශ කිරීම මිසක් කිසිවෙකුට අපහාස කිරීමට අදහසක් මෙහි නැත.

------------------------------------------------------------------

“ ආදරය කිරීමට නම් විශ්වාසය ඉතා වැදගත් “ බව මාධව මුල සිටම දැන සිටි නමුත් මාධව අතින් කෙනෙක්ට ඉතා බලවත් ලෙස විශ්වාසය කඩ වීමක් සිදු විය. ඇත්තෙන්ම ඒ ගැන මාධව මෙයින්ද සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරන්නේය. සමාව ඉල්ලා සිටින්නේය!

එමෙන්ම මේ කතාන්දරය ලියන්නා වූ මේ ආදරණීය පෙම්වතුන්ගේ දිනය උදා වූ 00.00 පැයේදීම ඉහත සමාව ඇයදූ තරුණිය සමඟ තිබූ මාධවගේ දෙවන  ආදර කතාන්දරයද නිමාවට පත් විය. ඒ සම්බන්ධයෙන් කිරීමට මාධවට කිසිත් නැත. එය සිදු වූයේ සමාජ වරදකින් මිසක් අප දෙදෙනාගේ වරදින් නොවන බව මාධව තරයේ ප්‍රකාශ කරන්නේය. ඉතිං  ඇයගේ නව ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මාධව ඉත සිතින්ම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේය.

එසේම අවසාන වශයෙන් ඇයට කීමට මාධවට ඇත්තේ මෙපමණක්ය!

“ඉතිං ** ***! අපි සමුගනිමු! ඒ ප්‍රේමයෙන් පමණයි! ඔබ මා මිතුදම සදා පවතිනු ඇත! “
---------------------------------------------------------------

මේක “මාධවගේ මඩ කතා“ යනුවෙන් නම් කිරීමට යෝජනා කල මිතුරාට මාධවගේ උපහාසයට, ආ වැරදුනා සමාවෙන්න, උපහාරයට ඉක්මණින් ලක්විමට අවස්ථාව සැලසෙනු ඇත!

6 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මාධව මලේ නියම කතාව මරු තමා.. අපිනං මේ දවසට කිව්වේ වැලට අයින දවස කියලයි..
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. thankx for the comment bro! wadak na me dawasa gana kiyala bn! wadak na!

      Delete
  2. වැලංටයිං ආදර ගැනනන්ම් කතා කරල වැඩක් නෑ අප්ප... සිරාවට ආදරේ කරන එවුන්ටනම් ඕක තව එක දවසක් විතරයි....

    ReplyDelete
    Replies
    1. හම්! ඒක නං ඇත්ත! ඒ දවස කියන්නෙ ඒක ලව් මාකටිං වලට තියන දවසනේ!

      Delete
  3. පට්ට මගෙ අයියා.... ශේප් එකේ මගේ බෙල්ල කපා තීබීම ගැන මම සතුටු වෙනවා>>> :D

    ReplyDelete
    Replies
    1. උඹ ගැන කිව්ව කතාව බොරුවක් නෙමෙයිනේ මලේ! ස්තූතියි කොමෙන්ටුවට!

      Delete
Previous Post Next Post

Contact Form