අතැඟිලි බැඳුනු අරුමයක..........



අමතන නොවන දවසක
ලංවූ අපේ අතැඟිලි
එකිනෙක පැටැලුනේ නම්
විඳින්නට ඉඩ තිබුනි “ආදරය“
එහෙත් එය එසේ නොම විය



කාලය ගෙවුනු තැන
තව එක්තරා දිනෙක
අපි දෙදෙන නොසිතුමුත්
එකම එක මොහොතකදි
එය එසේ සිදුවිය

අපටම හොරෙන් අපි
අපේම සිත් කියවූ අයුරු
සිතාගත නොහැකි මොහොතක
එක්වරම අපේ අතැගිලි
එකට බැඳුනු අරුමය

එයම ඇති සැනසෙන්න
සදාකාලික මතකයේ ඉතිරිවූ
“ආදරය“ නොකී මුත්
මම නුඹට හෝ නුඹ මා හට
අපි “අපව“ හැඳිනූවා යැයි
සිතුනු ඒ නිමේෂය............................

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form