ලොලීටා................. රතු පාට හැන්දෑව



එක දවසක එක හවසක! මට කතාව එහෙමයි කියන්න හිතෙන්නෙ. මං කතාව එහෙම පටන් ගන්නම්. මාධවගේ හිතේ ඇතිවුන ඇත්තම ආදරයක කතාව ..... 

මමත් සෙව්වන්දියකට පෙම් කලෙමි.......

මේක ආදරය විතරමයි. සිහින මෙතන නෑ. සිතුවිලි පිරුණ ඇත්තම ඇත්ත ආදරයක කතාව. සිතුවිලි හා ඇත්තම සිදුවීම් පෙළක එකතුව.එහෙනම් අහපල්ලා මේ පපුව පිරෙන්න ඒක පාර්ෂ්විකව මවිසින් කලා වූ ආදරයක කතාව.....

උඔලට ඒක දැනේවි! 

මමත් සෙව්වන්දියකට පෙම් කල අරුමය..............

එක දවසක ....  මමත් පුංචි කෙල්ලෙක්ට ආදරේ උනේ අහම්බෙන්. මේ කියන කාලයේ ඒකිට වයස 14ක් විය යුතුයි. ඒකි ලස්සනයි. ගොඩක්. තාම ඉස්කෝලෙ යන චූටි එකියක්. ඒකි දගකාරද මං දන්නෙ නෑ.ඒකි දක්ෂයිද මං දන්නෙ නෑ. ඒකි නපුරුද මං දන්නෙ නෑ. මං කිසි දෙයක් ඒකි ගැන දන්නෙ නෑ. මං ඒකිට ආදරේ වුනා කියලා විතරයි මං දන්නෙ.. මට දැනුනෙ ඒ හැගීම විතරයි.මට හැගීමක් දැනුන. ආදරේද ඒ? මට තේරුන් ගන්න බැරි වුනා. මං ඒ හැගීමට අලුත්. මෙන්න මං එක පාරටම සෙව්වන්දියකට පෙම් කරන්නෙක් වෙලා.......

මට කතාව ඔහේ ගලාගෙන යන්න ඉඩ දෙන්න ඕනි. මගේ පපුව ඇතුලෙන් එන ඇත්ත ලියන්න ඕනි. මං ඒකි ගැන හිතපු හැම දේම. කිසි පිළිවෙලක් නෑ. මං හිතුව හැමදේම මං කියනවා. ඒකි ගැන හිතුව හැම රෙද්දක්ම.  

උඔලට තේරුන් ගන්න පුලුවන්ද? මේක තවත් හදවතක තවත් හැගීමක්! මං තාමත් ඒකිට ආදරේ ඇති. ඒත් දැන් ඒක යටපත් වෙලා. ඒ නිසා ඒක අතීතයක් විතරද? එහෙම වෙන්න දෙන්න බෑ . ඒ අතීතය කතාව මට අමතක කරන්න බෑ. ඒත් මං දැන් මෙහෙම කියන්නම්! ඒක අතීතය නිසාම ...

මමත් සෙව්වන්දියකට පෙම් කලෙමි......................

එහෙනම් අහපල්ලා මේ අසරණ ආදර කතාව. උඹලට මේක තවත් එක් ආදර කතාවක් වුනත් මට එහෙම නෑ. මේක මගේ ආදර කතාව. මගේ පළවෙනි ආදර කතාව. අමු තිත්ත ඇත්තම ඇත්ත කතාව......

අපි හමුවුනා . ඒ වගේම වෙන්වීමක් සිද්ද වුනා. මං එයාගෙ නම විතරයි දන්නෙ. තාමත් ඒ නමට මං කැමතියි. ඒ නම ඇහෙන වාරයක් පාසා මගේ ඇස් එයාව ඉල්ලනවා. ඒ පුංචි සෙව්වන්දිය! ඉතින් මෙන්න අපි වෙන්වී ගිය පසු කතාව .......

මගේ ඇස් එයාව දකින්න පිස්සුවෙන්. ඒ ලස්සන ඇස් වෙනුවෙන්, ඒ ලස්සන සුදුම සුදු කම්බුල් වෙනුවෙන්, මං එයාව හොයනවා, මිනිස්සු අතර. ඒත් එයා නෑ. වෙන්වීම විතරද? එත් ආයෙත් අපි හම්බුවෙයි. මගේ හිත කියනවා. මං එයාව හොයන හැම මොහොතෙම. ආදරේ හිත ඇතුලේ හිර කරගෙන. කොහේ ගියත් මං ඒකිව හොයනවා. ඒක බලාපොරොත්තුව විතරයි. හමුවීමේ බලාපොරොත්තුවක් ඇතිව.. ඒත් අවිශ්වාසය පිරිච්ච හිතින්...

ඔහොම ගෙවෙන එක හැන්දෑවක මං පාර අයිනේ. තවත් එක දවසක හවසක, රුපියල් 15ක දුර ගෙවාගෙන ආපහු ගෙදර එන්න ඉන්නවා.  එදා අහස ලස්සනයි.... රතු තැඹිලි කහ පාට පිරුණු හවස අහසක්! මං ඇත්තටම ඒ අහසේ ලස්සනට වශී උනා. ඒ අහසෙ පාට පිරිලා. මගේ හිතේ හැගීම් වගේම... සෙව්වන්දියක ගැන ආදරය වගේම ලස්සනයි එදා ඒ ලස්සන අහසත්......

මං උඩ බලාගෙන හිටියේ ඇයි? අහසට වශී වෙලාද? වෙන්න ඇති. මං සෙව්වන්දිය දිහා බලන් ඉන්න ඇත්තෙත් එහෙමයි. මට දැනුනා හැගීම. ඇය මා ළග වගේ. ඇත්තමයි. මට ඒ හැගීම ඉන් පසු කවදාවත් දැනිලා නැතුව ඇති. මට දැනුනා..... උඹලා විශ්වාස කරපල්ලා. මට එදා ඒක දැනුනා. බලාපොරොත්තුවේ හැගීම් අවදි උනා. ඇත්තමයි මේ කියන්නෙ..

ක්ෂණික මොහොතක් කොල්ලනේ, කෙල්ලනේ. ඒක මට දැනුනා නැතිවුනා. ඒත් මං බලාපොරොත්තු වුනා. උඹලත් ඒ අහස දිහා බැලුවනම් උඹලට දැනේවි. අපොයි ඒ හැගීම. මං ඒ හැගීම ආයේ කවදාවත් විදින එකක් නෑ. මගේ හිත අමුතු වුනා. 

ඒත් ඒ හැගීම ඇත්තම එකක් උනා. මෙන්න ඈ මං ලග. මට අඩි දෙක තුනක් එහායින්. මාව උනුසුම් උනා. මගේ ඇස් වලින් මං ඇයව ඇයව ඇයව...... මට කිසි දෙයක් මතක නෑ. මං අතරමං වෙලාද? මාව ගල් ගැහුනා. මං ගලක් වුනා. හැගීම් පිරිච්ච ගලක් වුනා. අපොයි මේ ආදරේ................

ඉතින්, මේ ආදර කතාව දිගටම ඇදන් යන්නයි ඕනි මට. අහෝ මං සෙව්වන්දියකට ලොලීටා යැයි පැවසු ආදර කතාව.......... මේ කොමාවක් පමණයි. නැවතුමට තව දුර යා යුතුයි. මේ කතාව දැන්ම ඉවර කරන්න මට බෑ. මට ආයෙත් මේ ආදරයට ලං වෙන්න ඕනි වෙලා වෙන්න ඇති......

සෙව්වන්දියකට පෙම් කල කතාව.........

කොල්ලනේ, කෙල්ලනේ. අපි ඉක්මනින්ම නැවත හමුවෙමු. සිහිනයක් වූ ඇත්ත ආදර කතාවත් එක්ක!!
ලොලීටා.................................






Comments

  1. සේව්වන්දියකට පෙම් බැන්ද, ආශා දහසක් රස වින්ද ? හි.......හි....ඉතුරු ටික කෝ ?

    ReplyDelete
  2. කතාව ගලාගෙන යනවා දිගටම බලන්න! ස්තූතියි සනෝජ් කමෙන්ට් වලට!

    ReplyDelete
  3. matath ohoma wela thiyenawa machan.eka maha kiya ganda bari deyak.marenakalma mama e kellata adare karanawa.thaniyama mage hithen ......... kawadawath kiyaganda bari una adarayak....

    ReplyDelete
  4. අපි ගැනැ හිතන්නෙ නැති කෙනෙක් අපිව නිකමටවත් මතක් වෙන්නෙ නැති කෙනකුට අපි වෙනුවෙන් අඩන්නෙ නැති කෙනෙකුට,අපිට අයිති නැති කෙනෙකුට ආදරය කරල වැඩැක් නැහැ මචන්...
    අපි එහෙම පිස්සුවෙන් වාගේ ආදරය කරොත් අපිට ලැබෙන්නෙ....දුකක් විතරයි...
    ඕවා ගනන් ගන්න එපා.....ලැබැන්න තියන දෙයක් නම් කවදා හරි ලැබෙයි...
    -anuradhax2@gmail.com-

    ReplyDelete

Post a Comment

Your Comments / ඔබේ ප්‍රතිචාර

Popular posts from this blog

ඔහොම තමයි දුවේ ඔය කාලෙට.........................!! (18 + කස්ටියට පමණක් නම් ඉතා සුදුසුයි.....!)

නිවැරදිව සොලවා හොල්මනක් පොටෝ ගමු!

school stories! පාසල් කතා! ලස්සනයි! සුන්දරයි!