ලොලීටා................. රතු පාට හැන්දෑව



එක දවසක එක හවසක! මාධවට කතාව එහෙමයි කියන්න හිතෙන්නෙ. කතාව එහෙම පටන් ගන්නම්. මාධවගේ හිතේ ඇතිවුන ඇත්තම ආදරයක කතාව ..... 


මාධව සෙව්වන්දියකට පෙම් කිරීම.......

මේක ආදරය විතරමයි. සිහින මෙතන නෑ. සිතුවිලි පිරුණ ඇත්තම ඇත්ත ආදරයක කතාව. සිතුවිලි හා ඇත්තම සිදුවීම් පෙළක එකතුව.එහෙනම් අහපල්ලා මේ පපුව පිරෙන්න ඒක පාර්ෂ්විකව මාධව විසින් කලා වූ ආදරයක කතාව.....

උඔලට ඒක දැනේවි! 

මාධව සෙව්වන්දියට පෙම් කල අරුමය..............

එක දවසක ....  මාධව පුංචි කෙල්ලෙක්ට ආදරේ උනේ අහම්බෙන්. මේ කියන කාලයේ ඒකිට වයස 14ක් විය යුතුයි. ඒකි ලස්සනයි. ගොඩක්. තාම ඉස්කෝලෙ යන චූටි එකියක්. ඒකි දගකාරද මාධව දන්නෙ නෑ.ඒකි දක්ෂයිද ඒත් මාධව දන්නෙ නෑ. ඒකි නපුරුද මාධව දන්නෙ නෑ. ඔහු කිසි දෙයක් ඒකි ගැන දන්නෙ නෑ.  ඒකිට ආදරේ වුනා කියලා විතරයි ඔහු දන්නෙ.. ඔහුට දැනුනෙ ඒ හැගීම විතරයි.එක සැරේටම ලස්සන හැගීමක් දැනුන. ආදරේද ඒ? මාධවට තේරුන් ගන්න බැරි වුනා. ඔහු ඒ හැගීමට අලුත්. මෙන්න මාධව එක පාරටම සෙව්වන්දියකට පෙම් කරන්නෙක් වෙලා.......

මාධවට කතාව ඔහේ ගලාගෙන යන්න ඉඩ දෙන්න ඕනි. ඔහුගේ පපුව ඇතුලෙන් එන ඇත්ත ලියන්න ඕනි.  ඒකි ගැන හිතපු හැම දේම. කිසි පිළිවෙලක් නෑ. ඔහු හිතුව හැමදේම ඔහු විසින්ම කියනවා. ඒකි ගැන හිතුව හැම රෙද්දක්ම.  

උඔලට තේරුන් ගන්න පුලුවන්ද? මේක තවත් හදවතක තවත් හැගීමක්! මාධව තාමත් ඒකිට ආදරේ ඇති. ඒත් දැන් ඒක යටපත් වෙලා. ඒ නිසා ඒක අතීතයක් විතරද? එහෙම වෙන්න දෙන්න බෑ . ඒ අතීතය කතාව කවදාවත් අමතක කරන්න බෑ. ඒත් මාධව දැන් මෙහෙම කියනවා එක කතාන්දරයක්! ඒක අතීතය නිසාම ...

මාධව වන ඔහු සෙව්වන්දියකට පෙම් කලා වූ කතාන්දරය......................

එහෙනම් අහපල්ලා මේ අසරණ ආදර කතාව. උඹලට මේක තවත් එක් ආදර කතාවක් වුනත් මාධවට එහෙම නෑ. මේක ඔහුගේ ආදර කතාව. මාධවගේ පළවෙනි ආදර කතාව. අමු තිත්ත ඇත්තම ඇත්ත කතාව......

ඔවුන් හමුවුනා . ඒ වගේම වෙන්වීමක් සිද්ද වුනා. මාධව දැනට එයාගෙ නම විතරයි දන්නෙ. තාමත් ඒ නමට ඔහු හුඟක් කැමතියි. ඒ නම ඇහෙන වාරයක් පාසා ඔහුගේ  ඇස් එයාව ඉල්ලනවා. ඒ පුංචි සෙව්වන්දිය! ඉතින් මෙන්න දෙදෙනා වෙන්වී ගිය පසු කතාව .......

ඔහුගේ ඇස් එයාව දකින්න පිස්සුවෙන්. ඒ ලස්සන ඇස් වෙනුවෙන්, ඒ ලස්සන සුදුම සුදු කම්බුල් වෙනුවෙන්, මාධව එයාව හොයනවා, මිනිස්සු අතර. ඒත් එයා නෑ. වෙන්වීම විතරද? එත් ආයෙත් අපි හම්බුවෙයි. මාධවගේ හිත කියනවා.  එයාව හොයන හැම මොහොතෙම. ආදරේ හිත ඇතුලේ හිර කරගෙන. කොහේ ගියත් මාධව ඒකිව හොයනවා. ඒක බලාපොරොත්තුව විතරයි. හමුවීමේ බලාපොරොත්තුවක් ඇතිව.. ඒත් අවිශ්වාසය පිරිච්ච හිතින්...

ඔහොම ගෙවෙන එක හැන්දෑවක මාධව පාර අයිනේ. තවත් එක දවසක හවසක, රුපියල් 15ක දුර ගෙවාගෙන ආපහු ගෙදර එන්න ඉන්නවා.  එදා අහස ලස්සනයි.... රතු තැඹිලි කහ පාට පිරුණු හවස අහසක්! මාධව ඇත්තටම ඒ අහසේ ලස්සනට වශී උනා. ඒ අහසෙ පාට පිරිලා. ඒ මාධවගේ හිතේ හැගීම් වගේම... සෙව්වන්දියක ගැන ආදරය වගේම ලස්සනයි එදා ඒ ලස්සන අහසත්......

මාධව හිතනවා! මං උඩ බලාගෙන හිටියේ ඇයි? අහසට වශී වෙලාද? වෙන්න ඇති. මාධව සෙව්වන්දිය දිහා බලන් ඉන්න ඇත්තෙත් එහෙමයි. ඔහුට දැනුනා හැගීම. ඇය ඔහු ළග වගේ. ඇත්තමයි. මාධවටට හිතෙනවා ඔහුට ඒ වාගේ හැගීමක් ඉන් පසු කවදාවත් දැනිලා නැතුව ඇති. ඔහුට දැනුනා..... උඹලා විශ්වාස කරපල්ලා මිත්‍රවරුණි. ඔහුට එදා ඒක දැනුනා. බලාපොරොත්තුවේ හැගීම් අවදි උනා. ඇත්තමයි මේ කියන්නෙ..

ක්ෂණික මොහොතක් කොල්ලනේ, කෙල්ලනේ. ඒක මාධවට දැනුනා නැතිවුනා. ඒත් මාධව බලාපොරොත්තු වුනා. උඹලත් ඒ අහස දිහා බැලුවනම් උඹලට දැනේවි. අපොයි ඒ හැගීම. ඒ හැගීම ආයේ කවදාවත් විදින එකක් නෑ. ඔහුගේ හිත අමුතු වුනා. 

ඒත් ඒ හැඟීම ඇත්තම එකක් උනා. මෙන්න ඈ මාධව ලග. ඔහුට අඩි දෙක තුනක් එහායින්. ඔහුව උනුසුම් උනා. මාධව ඔහුගේ ඇස් වලින් ඇයව ඇයව ඇයව...... ඔහුට ඒ මොහොතේ කිසි දෙයක් මතක නෑ. ඔහු අතරමං වෙලාද? මාධවව ගල් ගැහුනා. ඔහු ගලක් වුනා. හැගීම් පිරිච්ච ගලක් වුනා. අපොයි මේ ආදරේ................

ඉතින්, මේ ආදර කතාව දිගටම ඇදන් යන්නයි ඕනි . අහෝ ඔහු සෙව්වන්දියකට ලොලීටා යැයි පැවසු ආදර කතාව.......... මේ කොමාවක් පමණයි. නැවතුමට තව දුර යා යුතුයි. මේ කතාව දැන්ම ඉවර කරන්න මාධවට බෑ. ඔහුට ආයෙත් මේ ආදරයට ලං වෙන්න ඕනි වෙලා වෙන්න ඇති......

සෙව්වන්දියකට පෙම් කල කතාව.........

කොල්ලනේ, කෙල්ලනේ. ඊළග කොටසින් ඉක්මනින්ම නැවත හමුවෙමු. සිහිනයක් වූ ඇත්ත ආදර කතාවත් එක්ක!!
ලොලීටා.................................

5 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. සේව්වන්දියකට පෙම් බැන්ද, ආශා දහසක් රස වින්ද ? හි.......හි....ඉතුරු ටික කෝ ?

    ReplyDelete
  2. කතාව ගලාගෙන යනවා දිගටම බලන්න! ස්තූතියි සනෝජ් කමෙන්ට් වලට!

    ReplyDelete
  3. matath ohoma wela thiyenawa machan.eka maha kiya ganda bari deyak.marenakalma mama e kellata adare karanawa.thaniyama mage hithen ......... kawadawath kiyaganda bari una adarayak....

    ReplyDelete
  4. අපි ගැනැ හිතන්නෙ නැති කෙනෙක් අපිව නිකමටවත් මතක් වෙන්නෙ නැති කෙනකුට අපි වෙනුවෙන් අඩන්නෙ නැති කෙනෙකුට,අපිට අයිති නැති කෙනෙකුට ආදරය කරල වැඩැක් නැහැ මචන්...
    අපි එහෙම පිස්සුවෙන් වාගේ ආදරය කරොත් අපිට ලැබෙන්නෙ....දුකක් විතරයි...
    ඕවා ගනන් ගන්න එපා.....ලැබැන්න තියන දෙයක් නම් කවදා හරි ලැබෙයි...
    -anuradhax2@gmail.com-

    ReplyDelete
Previous Post Next Post

Contact Form