ග්‍රීස් යක්කු ගැන තවත් කතා..........






















(මේ කියන්නා වූ සියලූම කතාවන්ගේ සත්‍ය අසත්‍ය බව සම්බන්ධව ලියුමකරුගේ හෝ මේ අදාල චරිත වල කිසිදු වගකීමක් නොමැති අතර ඒ සියල්ල මෙම ලියුම් කරු හට හා මෙම චරිත වලට අසන්නට ලැබුනු කට කතා පමණක් බව සලකන්න)



මෙන්න තවත් යක්ෂ කතා.. අහිංසක ග්‍රීස් යක්කුන්ගේ කතා. මේ කතා ඇහෙද්දි මට හිතෙන එක දෙයක් තියනවා. ඒ තමයි ලංකාවේ මේ තරම් පිස්සෝ ඉන්නවද කියන එක??? ඇත්තටම එහෙම පිස්සෝ ගොඩක් ඉන්නවනම් මේක මල විකාර සමාජ ප්‍රශ්නයක් වේවි! අපොයි.... ග්‍රීස් යක්ෂ සංචිතයක් ඇති වෙලා වගේ  බලන් යද්දි. ඒ තරම්ම යක්කු.........

මට මේ පෝස්ට් එක දාන්න හිතුනෙ අපේ සුරංගි, චතූ, හිරෝ සහ අපේ අම්මා මට කිව්ව කතා ටිකක් නිසාමයි...

මං පටන් ගන්නම් අපේ අම්මා මට කිව්ව කතාවකින්ම.
අපේ අම්මා වැඩ කරන ඔෆිස් එක තියෙන්නෙ එක්තරා උසාවියකට අල්ලපු වැටේ. මොකද අපේ අම්මලටත් උසාවි එක්ක වැඩ කරන්න වෙන නිසා. ඉතින් ගිය සතියේ එතන මහා කලබලයක් තිබ්බලු. මිනිස්සු එකතු වෙලා කැ ගහල එහෙම. බලද්දි මේ කියන ජාතියෙන් එකෙක් අල්ලන් උසාවි දාන්න ගෙනත්! ඒ කොල්ලගෙ අල්ලපු ගමේ එවුන් ඌට නෙලන්න තමයි උසාවිය ලගට ඇවිත් තියෙන්නෙ.
පසුව දැන ගත් පරිදි ඒ යකා, යකෙක් නොව හොර ගෙඩියෙක් බව ( අහිංසක ග්‍රීස් යක්කුන්ගේ නම විකුණා හොරකම් කරපු ) හෙළිදරව් වූ අතර මවිසින් ඒ බව මාගේ මවට පවසා ඒ පුවත නිවැරදි නිරවුල් එකක් බවට පත් කලෙමි.
------------------------------------------------------------------
මෙන්න තවත් යක්ෂ කතා -  අහිංසක ග්‍රීස් කතා -  කටකතා බව සලකන්න..

අපේ හිරෝ මට අද  -  මේ කතාව ලියන්නා වූ දවසේ එස් එම් එස් එකක් එවලා තිබ්බා " මාධව ඔයාලගෙ පැත්තෙ අරුන් ඉන්නවද? අපේ පැත්තෙ 2ක් අල්ලලා "  කියලා.

මං කිව්වා " අපේ පැත්තෙ ඉන්න එකා මේ ටිකේ බ්ලොග් ලියනවා. මොකද ඌ අසනීපෙන්. රෑට රෑට තියන පින්න සීතලයිනෙ " කියලා...........

------------------------------------------------------------------
ඒ අතරේ ගිය අගහරුවාදා මට නුවරදි හම්බුනා අපේ සුරා නොහොත් සුරංගි. සුරංගිගෙ කොන්ඩේ ගැනත් ලියන්නම් මෙතනම. ලස්සන දිගම දිග කොන්ඩයක් තියනවා අපේ සුරාට! මට මතකයි මමයි අසංකයයි ටෙක් එකේ ඉන්න අතරෙ දවසක් ඒ කොන්ඩෙ ලෙහලා ආපහු තරගෙට කරල් දෙකට ගොතපු හැටිත්. ලස්සන දිග කොන්ඩයක්! දැන් සුරාගෙ කතාව කියන්නම්! මෙන්න මේකයි කතාව.

මෙයාලගෙ ගෙවල් පැත්තෙ හරියට ඉන්නවලු මේ කියන යක්ෂ පැටව්! උන් ගෙදර දොරවල් වලට තඩි බාලා කෙලගෙන දුවනවලු. සුරාගෙ ගෙදරට දවසක් එකෙක් තඩි බාද්දි පොරගෙ තාත්තා උඩ තට්ටුවට නැගලා බලන්න මොකාද මේකා කියලා. ගෙදර ලයිට් එකක් වත් දාලා නැති වෙලාවක් රෑ 10ට විතරලු. ඒ උඩට නගින තත්පර දෙක තුනට මේං අර යක්ෂයා කෙලගෙන දුවනවලු පාර දිගේ.......



ගමේ කට්ටිය එකතු වෙලා කීප සැරයක්ම හෙව්වත් මුං තාම අහුවෙලා නෑ කියලා සුරා කිව්වා. උං ඉක්මණට අල්ලගන්න ලැබේවා කියලා මං සුරාට සුභ පතන්න අමතක කලේ නෑ ඉතින්.

------------------------------------------------------------------


මෙන්න චතුගෙ කතාව  -

අපේ චතූයි එයාගෙ අම්මයි ඊයෙ වේලපහින්ම අත්තම්මලගෙ ගෙදර යන ගමන් කියලා චතූ මට එස් එම් එස් එකක් දාලා තිබ්බා! කලින් මෙයාලා එහෙ යන්නෙ රෑ 7, 8 වුනාම කියලා මං දැනන් හිටියා. ඉතින් මට ඊයේ හෙන පුදුමයි මොකක්ද යකෝ මේ අරුමේ කියලා? ඉතින් මං හැරෙන එස් එම් එස් එකෙන් අහලා යැවුවා " මොකද මේ කලින්ම යන්නෙ? තව රෑ වෙලා නෑනේ " කියලා.

මෙන්න උත්තරේ........

" අර ග්‍රීස් යක්කු ඉන්නවනේ අනේ ඒ නිසා අද කලින් ගිහින් එනවා "

මං ආයෙ ඇහුවා මෙහෙම - 

" පොලීසියට කිව්වෙ නැද්ද? "

මෙන්න රිප්ලයි එක - 

" පොලීසියට කිව්වම කියනවා අනේ, යකාව අල්ලලා කතා කරන්නකො! අපි එතකොට එන්නම් කියලා "  

වැඩක හැටි ඉතින්..............................


------------------------------------------------------------------


 මං මේ පෝස්ට් එකේම දාන්න කැමතියි රිවිර පත්තරේ තිබ්බ ග්‍රීස් යක්කු ගැන ලියුම කියවන්න කියලා! මං අර කලින් පෝස්ට් එකේ කියපු මානසික ව්‍යාධිය ගැන ඒකෙත් තියනවා! මතක් කරලා ඒකත් බලන්න මෙන්න ලින්ක් එක!

rivira newspaper  - online














තවත් යක්ෂ කතාවක් එක්ක ආයෙත් එන්නම්! සැමටම සුබ රාත්‍රියක්..!!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form