කකන හුවි දෙක



මල් ගොමු ව තුල පිප්පි
ඉම්ඹ නොවැ සුදු චූටි
මල් පිපුණි රොන් සැලුනි
පිප්පි චූටිට බැදුනි

චූටි අද ඉපිලිලා
පළමු වර පිබිදිලා
පිප්පිගේ වද නිසා
පිබිදෙන්නෙ විලි මකා


දෙතොල් ඇගෙ තෙත්බර
පිප්පිටත් සුවබර
පිප්පිගේ දෙතොලට
චූටි දැන් වී බර

චූටිගේ ගවුම පොඩි
රැලි වැටී වෙලා පොඩි
මල් අතර මල සොයා
පිප්පිගේ අත ඇදේ

මකුලු දැල සුදු පැහැති
මල්ගොමුව වැසී ඇති
ඇදී පහලට වුනා
පිප්පිගේ හස්තයෙන්

මල් පදුර තුල කෙරෙන
තුරුණු දග කෙලි අතර
පිප්පිගෙත් කකුලකුත්
ඇවිත් දැන් එලියටම

කෙලි බිමත් සරුය දැන්
ආලයෙත් රාගයෙත්
මුසපත්ව නව යුවල
රගයි රැගුමන් තුටින්

විටින් විට ගැස්සිලා
චූටි ඇහැරෙන නිසා
ආතලුත් කැඩෙද්දි
චූටි චර බර කතා

ගෙලේ රතු පැල්ලමයි
අවුල් වූ කොණ්ඩයයි
පන්තියට යන්න බෑ
දැන් ඉතිං ඈ අඩයි

පිප්පිටත් බය දැනී
කෙල්ලගේ හිත පෙනී
මක්ක කරනූ සිතා
තව තවත් සිප ගනී

මුරකරූ දුර ඉදං
පෙම් කෙලිං හැටි හිටං
බලා ඉන්නා බැවිං
යන්න ඔනෑ ඉතිං‍

ඒ් කියා පිප්පියා
නැගිට්ටා හනිකටා
කකුලකට යටවුනා
පදුරෙ උන් සරුපයා

මල් පදුර තුල සිටී
සරුපයට මල පනී
මොනම මගුලක්ද මේ
කියා චූටිට පනී

හපොයි ගෙරි සරුපයා
චූටි බෙරිහං තියා
ගෝනි පනිනා ලෙසින්
දුවයි වැටෙමින් හඩා

පිප්පිටත් කර කියා
ගන්න නෑ කිසි දෙයක්
උස්සගත්තත් ඉතිං
පාදයක් නිරුවතිං

තනි කකුලෙ කලිසම
ඇදන් දුවනා රග
පොල් කඩන වලල්ල
චූටිගේ දෙකකුල් වල

මල් පදුරෙ පෙම් කෙලී
රසවත්ද මේ හැටී
මල් වත්තෙ රූ සිරී
වැඩෙයි තව සිනහා මැවී

මල් වත්තෙ පෙම් කෙලින
උඹලාට කියන වග
පොල් කඩන වලලු ඇද
යන්නෙපා පදුරකට.......

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. එක කියවන්න ගිහින් පිප්පිය පෑගිලා බිම වැටුනා :D :D

    සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
Previous Post Next Post

Contact Form