උබන්ටු අලුත් එක - Ubuntu 26.04 LTS

 

 

2026 අප්‍රේල් මාසයේදී උබන්ටු නව සංස්කරණය නිදහස් කරන ලදී. සම්පූර්ණයෙන්ම පාහේ නොමිලේ ලබා දෙන පහසුකම් රැසකින් යුත් උබන්ටු නව සංස්කරණය පරිශීලකයාට සිය අත්දැකීම් ලබා ගැනීම වැඩිදියුණු කර ඇත. ලිනක්ස් කර්නලය 7.0 මත පාදක වී ඇති මෙම පද්ධතිය Gnome 50 සමඟ ක්‍රියාත්මක වේ.

විවිධ සන්නාම විවිධාකාර සංස්කරණ නාමයන් භාවිතා කරනු ලැබේ. ඇන්ඩ්‍රොයිඩ මෙහෙයුම් පද්ධතියට ඇත්තේ ආහාර වල නම් ය. වින්ඩෝස් සඳහා වින්ඩෝස් 7, 10 ආදී ලෙස භාවිතා වේ. උබන්ටු හෙවත් සැමට සියල්ල යන නිදහස් සංකල්පය භාවිතා කරන උබන්ටු මෙහෙයුම් පද්ධතියට  ඇත්තේ විවිධාකාර සත්වයින්ගේ නම් ය.  

 ඒ් අනුව නව සංස්කරණය නම් කර ඇත්තේ Resolute Raccoon යනුවෙනි. 

 

 

 උබන්ටු නව සංස්කරණයේ ලෝගෝව පහත පරිදි වේ 

 

උබන්ටු නව සංස්කරණය වන Ubuntu 26.04 LTS -  Resolute Raccoon ස්ථාපනය කිරීම සඳහා පරිගණකයට පහත පරිදි දෘඩාංග සුදුසුකම් අවශ්‍ය කරන බව ඔවුන් විසින් දන්වයි.

  • ප්‍රොසෙසරය - 64-bit dual/quad-core  හෝ ඉන් ඉහල ප්‍රොසෙසරය (Intel හෝ AMD ද්විත්වයටම ක්‍රියා කරනු ලබයි )
  • රැම් මතකය - 8 GB හෝ ඉන් ඉහල
  • දෘඩ තැටිය - 50 GB හෝ ඉන් ඉහල
  • අන්තර්ජාල පහසුකම් තිබීම වඩාත් සුදුසු ය
  • USB හෝ තැටි ධාවකයක් අවශ්‍ය වේ (පද්ධතිය පිහිටුවීමේ කටයුතු සඳහා) 



උබන්ටු පෙර සංස්කරණය හා නව සංස්කරණයේ සැසඳීම් පහත පරිදි වේ. 

  • නව සංස්කරණයට වඩා පැරණි සංස්කරණය දෘඩාංග සමඟ පලපුරුදු ලෙස ක්‍රියා කරන අතර එම සංස්කරණය -  Ubuntu 24.04 LTS පැරණි දෘඩාංග සහිත පරිගණක වලට සුදුසු වේ. 
  • අතුරු මුහුණතේ විශාල වෙනස්කමක් නොමැති වුවුද සැකසුම් සිදු කිරීමේ Settings හි නව වෙනස්කම් ඇතුලත් කර ඇත - Digital Well-being ඉන් එකකි.
  • File Manager නව සංස්කරණයක් ලබා දි ඇත.
  • පැරණි ආකාරයටම Workstations නිර්මාණය කර ගැනීම එලෙසම පවතී.

නව සංස්කරණයට යාවත්කාලීන කර ගැනීම (ප්‍රවේශමින් සිදු කල යුතු කටයුත්තකි)

උබන්ටු 24.04 LTS හි සිටින පරිශීලකයෙකුට උබන්ටු 26.04 LTS නම් වූ නව සංස්කරණයට
යාවත්කාලීන කර ගැනීම අන්තර්ජාලය සහ Terminal භාවිතා කර පහසුවෙන් සිදු කර ගත
හැකි අතර ඒ් සඳහා පහත පරිදි කටයුතු කරන්න.

ඔබගේ වටිනා දත්ත සියල්ල උපස්ථ තබා ගන්න. (Backup)
අන්තර්ජාලය ස්ථාවර බවට වග බලාගන්න (Hotspot, USB tethering වැනි ක්‍රම සුදුසු නොවේ)
විදුලි බලය බිඳ නොවැටෙන බවට වග බලාගන්න (UPS භාවිතා කරන්න)

ටර්මිනල් විවෘත කර ඔබ භාවිතා කරන සංස්කරණය කුමක්ද යන්න විමසන්න. විධානය -

lsb_release -a


එහිදී ඔබගේ පවතින සංස්කරණය

Ubuntu 24.04 LTS


Ubuntu 25.10

යන සංස්කරණයන් නම් පමණක් නව සංස්කරණය වෙත මෙහෙයුම් පද්ධතිය Upgrade කිරීමට
ටර්මිනල් භාවිතා කල හැකිය. ඒසේ නොමැති නම් USB ධාවකයක් හෝ සී ඩී / ඩීවීඩී තැටියක්
මගින් නව සංස්කරණය ස්ථාපනය කිරීම වඩාත් සුදුසු බව මාධවගේ යෝජනාවයි.

ඉන්පසු

sudo apt update විධානය ලබා දෙන්න

ඉන් පසු
sudo apt upgrade විධානය ලබා දෙන්න

ඉන් පසු
sudo apt full-upgrade විධානය ලබා දෙන්න

අදාල ගොනු බාගත වූ පසු සහ ටර්මිනල් මගින් විටින් විට අසන ප්‍රශ්න වලට Y තෝරා ඉදිරියට
යන්න

ඉන් පසු
sudo apt autoremove ලබා දෙන්න

අවසානයේ පරිගණකය restart කරන්න
ඒ් සඳහා පහත විධානය ලබා දෙන්න

sudo reboot

පරිගණකය restart වූ පසු ටර්මිනල් විවෘත කර පහත විධානයන් ලබා දෙන්න
sudo apt install update-manager-core

උසස් කිරීම (upgrade) සම්පූර්ණ කිරීමට පහත විධානය ලබා දෙන්න
sudo do-release-upgrade

විශේෂ දෝශ නොමැතිනම් පරිගණකය නව මෙහෙයුම් පද්ධතියට යාවත්කාලීන වනු ඇත.

සැලකිය යුතුයි -

දෘඩ තැටියේ දෝශ, File Systems, Boot Methods (Secure, Legacy) ආදී කාරණා මත
මෙම යාවත්කාලීණ කිරිම් අසාර්ථක විය හැකිය. ඔබට තාක්ෂණවේදී සහය අවශ්‍ය විට ලබා
ගන්න.

මාධවගේ නිර්දේශය වනුවේ අන්තර්ජාලය සහ ටර්මිනල් මගින් නොව USB හෝ DVD මාධ්‍ය
භාවිතා කර Clean Install කර ගැනීම ඉතා පහසු සහ ආරක්ෂිත බවයි.


- යාවත්කාලීන කිරීම අවසාන වූ පසු terminal මගින් පහත විධානය ලබා දී Version පරික්ෂා කරන්න
සියල්ල නිවැරදිව සිදු වී ඇත්නම්

lsb_release - a මගින් විධානය ලබා දුන් විට නව සංස්කරණය Ubuntu 26.04 LTS ලෙස ටර්මිනල් හි
පෙන්වයි

------------------------------------------------

උබන්ටු නව සංස්කරණය පිලිබඳව තවත් කාරණා

උබන්ටු වලට නව පරිශීලකයෙක් නම් Virtual Box වැනි මෘදුකාංගයක් තුල මෙම මෙහෙයුම්
පද්ධතිය පිහිටුවා පරීක්ෂා කර බැලීම ඉතා සුදුසු ය.

Windows වලින් උබන්ටු වෙත මාරු වන පරිශිලකයින් Dual Boot වැනි ක්‍රමයක් භාවිතා කිරීම
ඔබට ඇතිවිය හැකි යම් අපහසුතා මඟහරවාගැනීමට රුකුලක් වනු ඇත.

අන්තර්ජාලය හා බැඳී පවතින නිසා Drivers ගැටලු ඇති වීම අවම වී ඇත.

 

බාගත කිරීම - 

උබන්ටු බාගත කිරීමට මෙම සබැඳිය ක්ලික් කරන්න

වාණිජකරණය වෙමින් පවතින පරිගණක ලෝකය තුල නිදහසේ සැරිසැරීමට විසඳුමක් ලෙස
විවෘත මෘදුකාංග වෙත පිවිසීමට බලාපොරොත්තු වන උබන්ටු නව සංස්කරණය උදව්වක් වෙනු
ඇත යන්න මාධවගේ විශ්වාසයයි.





 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form