මල් පෙත්ත තිබුනෙ බිම
වේලිච්ච කොට්ටම්බා කොලයකට යට වෙලා..
කොට්ටම්බා කොල වලට පෑගිලා තියන අහිංසක පාට හං උන වියලීගෙනයන මල් පෙත්තක්, සමණල්ලු කිසිදාක හොයන්නෙ නැති මල්.පෙත්තක් අරගෙන ගෙදර ගෙනිහින් තියාගෙන
පරණ පොතක් අස්සෙ දාලා පරෙස්සම් කරන්න හේතුවක් හොයන්න ඕනිද..
මල් පෙත්තට එච්චර ආදරයක්?
මැරිල පරවෙන මල් පෙත්තකට ජීවිතය දෙන්න බැරි උනත්, පරෙස්සමින් බලාගන්න හරි පුලුවන් නෙව..
තවත් මල් පෙති හම්බවෙයි. හැබැයි ගෙදර ගෙනිහින් පොත අස්සෙ දාගන්න කලින්ටිකක් හිතයි.
මොකද කාලෙකට පස්සෙ පොත දිග ඇරල බලද්දි මල් පෙත්ත කුණු වෙලා පොතේ පිටු වල අකුරු වෙලා තියන කවිත් බොඳ කරගෙන කුණුවෙලා..
මල් පෙත්ත ලස්සන උන පලියට තමන්ගෙ කරගන්න එපා..
පුලුවන් නම් මලක්ම තමන්ගෙ කරගන්න. කෑලි වලට කැඩුනු මලක මල් පෙත්තක් කිසිදාක එපා..
නරක් වෙන්න වෙනව... ඒකාන්තයෙන්ම....