එක පෙන් එකයි බූටබල් කතා ගොඩයි



වර්තමානයේ පරිගණක අලුත්වැඩියා කිරීමේදී සීඩී ධාවක භාවිතා කරමින් Boot කිරීම සිදු නොකරන තරම් ය. ඒ සඳහා භාවිතා කරනුයේ Boot-able Pen Drives ය. නමුත්  මෙහෙයුම් පද්ධති කීපයක් සඳහා පෙන් ධාවක කීපයක් භාවිතා කරමින් බූටබල් ඩිවයිස් තබා ගැනීම වෙනුවට විසඳුම වෙන්ටෝයි මගින් තනි උපකරණයක් තුල මෙහෙයුම් පද්ධති කීපයක් තබා ගැනීම වන අතර ඒ ගැන මාධවගේ කතාව මේකය.

 

ඒ සඳහා පළමුව කල යුත්තේ  සුදුසු පෙන් ධාවකයක් තෝරා ගැනීම සහ ඔබගේ පෙන් ධාවකයේ තත්ත්වය සකසා ගැනීමය.

පෙන් ධාවකය තෝරා ගැනීමේදී 32 GB  ප්‍රමාණය එකක් භාවිතා කිරීම සුදුසු වේ. එමෙන්ම වගකීමක් සහිත ගුණාත්මක පෙන් ධාවකයක් මිලදී ගැනීම සුදුසු ය.

ඉන් පසු එහි වැදගත් දත්ත තිබේ නම් ඒවා උපස්ථ තබාගෙන (Backup) පෙන් ධාවකය Format කර ගැනීම ය.

ඉන් පසු කල යුත්තේ ඔබට අවශ්‍ය මෙහෙයුම් පද්ධතීන් තෝරා ගැනීමය.  එසේම අදාල නිල වෙබ් අඩවි වෙතින් ඔබට අවශ්‍ය මෙහෙයුම් පද්ධති වල  ISO ගොනු භාගත කර ගැනීමය.  

මාධව නිතරම භාවිතා කරනුයේ Windows 7, Windows 10 සහ Ubuntu බැවින් ඒ මෙහෙයුම් පද්ධති තුනට අදාල ISO ගොනු අදාල වෙබ් අඩවි වලින් භාගත කරගෙන තිබේ.

උබන්ටු සඳහා පමණක් සබැඳිය ලබා දී ඇත

- උබන්ටු බාගත කර ගන්න  - 

Windows මෙහෙයුම් පද්ධති මුදල් ගෙවා බාගත කල යුතු බැවින් ඒවාට අදාල සබැඳි ලබා දී නැත. වැදගත් කාරණාව වන්නේ ඔභට අවශ්‍ය ඔනෑම මෙහෙයුම් පද්ධතියකට අදාල ISO ගොනුව බාගත කර ගැනීම ය.

 - - - - - - - - - - - - - - - - - - - - - -

ඉන් පසු මෙම පෙන් ධාවකය අදාල multiboot device  ලෙස සැකසීමට අවශ්‍ය වන මෘදුකාංගය වන Ventoy භාගත කරගන්න! 

https://www.ventoy.net/en/download.html 

 

මෙම වෙන්ටෝයි භාගත කර ගෙන එය පරිගණකයේ ස්ථාපනය කර ගැනීමෙන් පසු එය විවෘත කර ගන්න. එවිට පහත පරිදි අතුරු මුහුණත ලැබේ

 

 

ඉන්පසු ඔබගේ පෙන් ධාවකය පරිගණකයට සම්බන්ධ කරන්න
එවිට පෙන් ධාවකය Device යන කොටසෙන් පෙන්වනු ඇත

 

 

ඉන් පසු වම් ඉහල කෙරවලේ මෙනුවෙන් Option තෝරා එහි පහත පරිදි සැකසුම් කරන්න

Partition style: GPT

Secure Boot Support: Enabled

ඉන් පසු Install ක්ලික් කරන්න. මඳවේලාවකින් සාර්ථක බවට පණිවුඩය දිස් වේ. 

ඉන් පසු Ventoy Close කර දමා පෙර කී බාගත කර ගන් ISO ගොනු මෙම පෙන් ධාවකය තුලට කොපි කරන්න

Select ALl ISO Files - Copy   - Paste

ඉන් පසු පරිගණකයක සාමාන්‍ය බූට් කරන ආකාරයට පෙන් ධාවකයෙන් බූට් කර බලන්න
එහිදී බූට් කර ගැනීමට හැකි පරිදි අදාල කොපි කරන ලද මෙහෙයුම් පද්ධති සහිත මෙනුවක් දිස් වේ.


 

මෙම ජායාරූපය අන්තර් ජාලයෙන් ලබා ගත් එකකි.

 

මෙම Ventoy මගින් නිර්මාණය කරගත් මෙම Multiboot  පෙන් ධාවකය මගින් පරිගණක තාක්ෂණවේදීන්ට සිය කටයුතු බොහෝ පහසුවෙන් සිදු කරගැනීමට හැකියාව ඇති බව මාධව සඳහන් කරන්නේ සතුටිනි.....

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form