
ගඟ උතුරන්න ලගයි නේද? එයා ඇහුවම මම හූමිටි තිබ්බ! ටික ටික වෙනදාට වඩා වේලාසනින් අඳුර වැඩි වෙද්දි අපි හෙමින් වටපිට බලලා සිප ගත්තා. ටිකක් දිගත් නෙමෙයි කෙටිත් නෙමෙයි හැබැයි හාදුව, ඒ් උනත් වෙන් වෙන්න ප්රමාණවත් තරමට අපේ දෙ - තොල් පෙඟුනා.ලුණු රසයි!!එහෙම කිව්වහම එයා හිනා උනා! හම්ම්ම්ම්!! ගඟට පනින්න පුලුවන්නම් මම පැනලා මැරෙනවා මං!ඊළගට එහෙමත් කිව්වා!බුදු අම්මියෝ!මේ වතුරට පැන්නොත් මැරෙයිනෙ! මගේ උත්තරය උනේ ඒ්ක!ඉතින් සැපයිනෙකිසි දෙයක් බරපතල විදියට නොගන්න එක ඔයා පුරුද්දට අරන් නෙ. ඒ්ක හදාගන්නෙත් නැ!ඉතින් ඒ් පුරුද්ද එහෙම්ම තියාගන්න! ඊලග මොහොතෙ ඇය ගඟට පැන්න!!දුඹුරු පාට කිරි තේ එකක ඇය ගිලෙද්දි දාඩිය පෙරාගෙන ගැස්සිලා ඇහැරුනාම මං තේරුන් ගත්තා හීනයක පාඩම මොකක්ද කියලා!! මට එහා පැත්තෙන් නිදාගෙන උන්නු ඇත්තිගෙ කියවිලි සහ හැඟම් බරපතල විදියට ගන්න එක හොඳයි කියලා හිතිලා තිබුනෙ ටික කාලෙක ඉඳන්! අමාරුවෙන් නැඟිටලා ඇඟ මැලි කඩලා ඇඳෙන් බැහැපු මං මොහොතක් බලාන හිටියා ඇය නිදාගෙන ඉන්න හැටි. පුංචි කෙස් රැල්ලක් ඇගේ නලල මත තිබුනා. සීතලට වකුටු වෙලා ඇය නිදි!ඇය අවදි නොවෙන්න වගබලාගෙන මම ඇඳෙන් බැහැලා නාන කාමරය පැත්තට පය තිබ්බා. නාන කාමරයේ කණ්නාඩිය ඉස්සරහ හිට ගත්තු මම මූන හෝදන පෝසිලේන් බේසමට අත් බර කරලා කණ්නාඩියෙන් මගේම මූණ බැලුවා. නින්දෙන් අවුල් උන කොණ්ඩය අතින් පිළිවෙලක් කරගත්තා! මගේ එක ඇහැක සුද ඇවිල්ලා වගේ පේනවා. ඒ් තරම් වයසත් නැහැ! "ඇසේ සුද ඉවත් කර ඔබත් අඳුරෙන් එළියට එන්න" දවසක්දා සායනයකට යද්දි ඒ් අසල වාට්ටුවක ගහල තිබ්බ දැන්විම මතක් උනා. සිතුවිලි මවන අතරෙදීම අවුල් වෙච්ච කොණ්ඩෙ අතින් හදාගත්තට මොකද, අවුල් වෙන්න තරම් කොණ්ඩයක් මගේ හිසේ දැන් නැහැ හැබැයි. ඊළගට හිතා ගත්තා! "සීරියස් වෙයං!" ඒතකොට මං දැක්කෙ කණ්නාඩියේ උඩ කෙලවරේ අලවලා තිබුන රෝස පාට පුංචි සටහන් කැබැල්ල! ඒ්කෙත් ලියවිලා තිබුනා"සීරියස් වෙයං!" 2025-08-07 යන දාතම ඒ් කොලයේ අනික් පැත්තෙ ලියවිලා තිබුනා.ඒ් අකුරු මගේ නෙමෙයි! මම ටිකක් වෙලා කල්පනා කරලා ආපහු නිදන කාමරේට එබිලා බැලුවා!මොකද මම දන්නවා මේක හීනයක් නෙමෙයි. හිනෙන් මම ඇහැරුණා! එයා නැඟිටිටද බලන්නයි මට ඔනෑ උනේ! මේක කවුරු ලියලා ඇලෙව්වද කියලා හිතා ගන්න බැහැ නෙ.එයා තාම නැගිටලා නැහැ! ඒතකොට මට මතක් උනා අවුරුද්දක් ගිහින්! කවුරුත් දන්නෙ නැහැ!මගේ කොට්ටයට එහා පැත්තෙ කොට්ටයෙ එයා සැතපිලා ඉන්නවා වකුටු වෙලා නිදියන ඉරියව්වෙන්. කවුරුත් දන්නෙ නැහැ! ඇත්තටම කාලයක් ගත වෙලා උනත් ඇය නිදියන ඉරියව්ව නං වෙනස් වෙලා නැහැ! ඒ්කත් කවුරුත් දන්නෙ නැහැ! කාලයක් ගත වෙලා නිසා දැන් ඇත්තටම මං ගාව නිදාගන්න ඇයගෙ ඉතුරු වෙලා තිබ්බෙ ඇටසැකිලි ටික විතරයි.ආන්න ඒ් කාරණාව, ඒ්ක නං කවුරුත් දැන නොගත්තට කමක් නැහැ!
ගඟ උතුරන්න ලගයි නේද?
එයා ඇහුවම මම හූමිටි තිබ්බ!
ටික ටික වෙනදාට වඩා වේලාසනින් අඳුර වැඩි වෙද්දි අපි හෙමින් වටපිට බලලා සිප ගත්තා. ටිකක් දිගත් නෙමෙයි කෙටිත් නෙමෙයි හැබැයි හාදුව, ඒ් උනත් වෙන් වෙන්න ප්රමාණවත් තරමට අපේ දෙ - තොල් පෙඟුනා.
ලුණු රසයි!!
එහෙම කිව්වහම එයා හිනා උනා! හම්ම්ම්ම්!!
ගඟට පනින්න පුලුවන්නම් මම පැනලා මැරෙනවා මං!
ඊළගට එහෙමත් කිව්වා!
බුදු අම්මියෝ!
මේ වතුරට පැන්නොත් මැරෙයිනෙ! මගේ උත්තරය උනේ ඒ්ක!
ඉතින් සැපයිනෙ
කිසි දෙයක් බරපතල විදියට නොගන්න එක ඔයා පුරුද්දට අරන් නෙ. ඒ්ක හදාගන්නෙත් නැ!
ඉතින් ඒ් පුරුද්ද එහෙම්ම තියාගන්න!
ඊලග මොහොතෙ ඇය ගඟට පැන්න!!
දුඹුරු පාට කිරි තේ එකක ඇය ගිලෙද්දි දාඩිය පෙරාගෙන ගැස්සිලා ඇහැරුනාම මං තේරුන් ගත්තා හීනයක පාඩම මොකක්ද කියලා!!
මට එහා පැත්තෙන් නිදාගෙන උන්නු ඇත්තිගෙ කියවිලි සහ හැඟම් බරපතල විදියට ගන්න එක හොඳයි කියලා හිතිලා තිබුනෙ ටික කාලෙක ඉඳන්!
අමාරුවෙන් නැඟිටලා ඇඟ මැලි කඩලා ඇඳෙන් බැහැපු මං මොහොතක් බලාන හිටියා ඇය නිදාගෙන ඉන්න හැටි.
පුංචි කෙස් රැල්ලක් ඇගේ නලල මත තිබුනා. සීතලට වකුටු වෙලා ඇය නිදි!
ඇය අවදි නොවෙන්න වගබලාගෙන මම ඇඳෙන් බැහැලා නාන කාමරය පැත්තට පය තිබ්බා.
නාන කාමරයේ කණ්නාඩිය ඉස්සරහ හිට ගත්තු මම මූන හෝදන පෝසිලේන් බේසමට අත් බර කරලා කණ්නාඩියෙන් මගේම මූණ බැලුවා. නින්දෙන් අවුල් උන කොණ්ඩය අතින් පිළිවෙලක් කරගත්තා! මගේ එක ඇහැක සුද ඇවිල්ලා වගේ පේනවා. ඒ් තරම් වයසත් නැහැ!
"ඇසේ සුද ඉවත් කර ඔබත් අඳුරෙන් එළියට එන්න"
දවසක්දා සායනයකට යද්දි ඒ් අසල වාට්ටුවක ගහල තිබ්බ දැන්විම මතක් උනා.
සිතුවිලි මවන අතරෙදීම අවුල් වෙච්ච කොණ්ඩෙ අතින් හදාගත්තට මොකද, අවුල් වෙන්න තරම් කොණ්ඩයක් මගේ හිසේ දැන් නැහැ හැබැයි.
ඊළගට හිතා ගත්තා!
"සීරියස් වෙයං!"
ඒතකොට මං දැක්කෙ කණ්නාඩියේ උඩ කෙලවරේ අලවලා තිබුන රෝස පාට පුංචි සටහන් කැබැල්ල!
ඒ්කෙත් ලියවිලා තිබුනා
"සීරියස් වෙයං!"
2025-08-07 යන දාතම ඒ් කොලයේ අනික් පැත්තෙ ලියවිලා තිබුනා.
ඒ් අකුරු මගේ නෙමෙයි!
මම ටිකක් වෙලා කල්පනා කරලා ආපහු නිදන කාමරේට එබිලා බැලුවා!
මොකද මම දන්නවා මේක හීනයක් නෙමෙයි.
හිනෙන් මම ඇහැරුණා!
එයා නැඟිටිටද බලන්නයි මට ඔනෑ උනේ! මේක කවුරු ලියලා ඇලෙව්වද කියලා හිතා ගන්න බැහැ නෙ.
එයා තාම නැගිටලා නැහැ!
ඒතකොට මට මතක් උනා
අවුරුද්දක් ගිහින්! කවුරුත් දන්නෙ නැහැ!
මගේ කොට්ටයට එහා පැත්තෙ කොට්ටයෙ එයා සැතපිලා ඉන්නවා වකුටු වෙලා නිදියන ඉරියව්වෙන්. කවුරුත් දන්නෙ නැහැ!
ඇත්තටම කාලයක් ගත වෙලා උනත් ඇය නිදියන ඉරියව්ව නං වෙනස් වෙලා නැහැ! ඒ්කත් කවුරුත් දන්නෙ නැහැ!
කාලයක් ගත වෙලා නිසා දැන් ඇත්තටම මං ගාව නිදාගන්න ඇයගෙ ඉතුරු වෙලා තිබ්බෙ ඇටසැකිලි ටික විතරයි.
ආන්න ඒ් කාරණාව, ඒ්ක නං කවුරුත් දැන නොගත්තට කමක් නැහැ!