ඇය ඇවිල්ල තිබුනා
භූමිකා!!!
මාධවගෙ අසලට ඇවිල්ල හිට ගත්ත!
ඒතකොටම මල් වැස්සත් වැටුනා!
වැස්සෙන් බේරෙන්න එයා ඉහලපු කුඩේම කෙලවරකට ඇතුල්වූ මාධවට එක පාරටම ඒ්ක දැනුනා.
ඇයගෙ අපූරුම සුවඳ දැනුනා.
ඒ්ක නහය කඩාගෙන යන එකක් නෙමෙයි.
කාන්තිමත් හැබැයි රාගය අවුස්සන සුවඳක්...
ප්‍රසන්න නමුත් තුරුල් කරන් ඉඹින්න හිතෙන සුවඳක්
ඇත්තටම ලැවැන්ඩර් මල් පඳුරු ගණනාවක් මැඳ තනි උන සමණලයෙක්ට වගේ දැනෙන හැඟීමක්....
ඒ්ත්...........
ඊළගට මාධවට දැනුනෙ තදබල ඉරිසියාවක්!
භූමිකා!
මාධව ඇය දිහා බලාගෙනම හිතුවා!
උඹේ මිනිහා උඹව ඉඹිනකොට මේ සුවඳ ඇති ඌව අනන්ත සයුරේ එතෙරට ඇන්න යන්නම! ඌ උබේ බෙල්ල පපුව වටේ නහය තවරනකොට දැනෙන සුවඳ සහ හැගීම කෝම එකක්ද කියලා වචන කරන්නවත් නොතේරෙන හිතුවිලි මගේ හිතේ පිරෙනවා. මාධව හිතනවා. ඇත්තටම ඊරිසියාවේ කෙලවර මොකක්ද කියලා හිතාගන්න බැරුව මාධව තමන්ගේ ඉරිසියාව නම් කුණුබක්කියේ පතුල හොයනවා......
ඇත්තටම ඉරිසියාව කියන්නෙ කුණු බක්කියක්!
ඊළගට හිතුනා..........
හෙමීට පැත්තකට පැන්නුනු තිසර පටිය විසින් උඹේ උරහිසේ ඇති කරපු තෙරපුම් ලකුණු වලට තොල් තියන්න පුලුවන් නම්, ඒ අවටින් දැනෙන මඳ සුවඳ ආඝ්‍රාණය කරන්න තිබුන නම්.......
ඇස් පියාගෙන විඳින්න..........
ඊට වඩා බලාපොරාත්තුවක් මිනිහෙක්ට තියෙන්න බැහැ!
ඊළගට
උඹේ බෙල්ලට උඹ උදේට මේ සුවඳ කාරකය ඉහිනවා ඇති නේද?
අඩ නිරුවතින් ඉන්න උඹ උඩු ඇඳුම් ඇඳගන්න කලින් ෂ් ෂ් හඩින් සුවඳකාරකය ඉහගන්න හැටි ඇගේ කලු ඇස් දිහා බලාගෙනම මවාගන්න තරම් මාධව දක්ෂ උනා.
ඇය අපහසුවෙන් බිම බලාගද්දි මාධවත් සිය හැඟීම් පාලනය කරගන්න ලොකු සටනක යෙදුනා.
යන්නද?
ඇයට කලින් මාධව ඉස්සර උනා!
මේ සේරම දේවල් සිද්ධ වෙන්න ගියේ තත්පරයකින් දාහෙන් පංගුවක් වෙන්නැති. හැබැයි අටෝරා සිතුවිලි ඒ් තත්පරේට මාධවගේ හිත ඇතුගෙ අකුණු ගැහැව්වා!
සමහර සුවඳකාරක තියනවා
ඒ්වා මරණීය ලෙස මිනිස්සුන්ව අතරමං කරනවා
ආපහු කාර්යාලයට ඇවිල්ල ඉඳගත්තු මාධව වතුර ලීටර බාගයක් විතර බීගෙන බීගෙන යන්න ඇති!
භූමිකා, උඹ ආයෙ එද්දි ඔය සුවඳ ෆර්ෆියුම් එක ගහගෙන නං එන්නෙපා!
ඇයට ලැබෙන්න නියමිත කෙටි පණිවුඩයෙ ඒ්ම තිබුනා!
තත්පරයකින් දෙකකින් පස්සෙ නිල් පාට හරි දෙකත් වැටුනම මාධව දැනගත්තා ආයෙ කවදාවත් ඇය ඒ් සුවඳින් මාධවව හම්බෙන්න එන්නෙ නැති බව