සුවඳ විඳින හාදු කතාව

 


  

පුංචි පොද වැස්සක් මහ වැස්සක් වෙන්න ගොඩාක් වෙලා යන්නෙ නැහැ! ඒ වැස්සට තෙමිලා මල් තුහිණ ඉහල වගේ ඇගේ කොණ්ඩය තෙමිලා තිබුනා. බේරෙන වතුර බිංදු බිමට හලන්න ඇය කොන්ඩෙ ගැසුවා. ටිකක් වෙලා ඒ දිහා බලන් ඉඳපු මම ඇය ළගට ගිහින් ඇයව තුරුල් කරගත්තා! මගේ නාසය තුලට ඒ ගෑණු ළමයගෙ පෙගුණු කොණ්ඩයේ සුවඳ ඉක්මණින් රිංගලා හිත පත්ලේ තැන්පත් උනා.…

ඇයව තවත් තවත් තුරුල් කරගෙන ඇගේ කෙහෙරැලි අස්සට මගේ නාසය තවත් පුලුවන් තරම් ළං කරලා ඒ සුවඳ සම්පූර්ණයෙන්ම නොවුනත් උකහා ගන්න මං උත්සහ කලා. එදා මං ඉගෙනගත්තු දේ කෙල්ලෙක්ගෙ කොණ්ඩය තෙමුනම හරි සුවඳයි...…

බොරුනම් වැස්සට තෙමුණ ගෑණු ළමයෙක්ගෙ කොණ්ඩය ඉඹලා බලන්න මිත්‍රවරුණි

සුවඳයි නේද?

ඊළගට තියෙන්නෙ වැළඳ ගැනීම අහවර කරලා ඇස් දිහා බලාගෙන ඉන්න එක! වැහි පොද තුරුල් වෙන්න තව ගොඩක් වෙලා යයි. ඒ වෙලාවෙන් ඇබින්දකට වඩා මිනිත්තු කීපයක් අරගෙන ඇගේ නේත්‍රා වල කිමිදෙන්න. ඒ කියන කතාන්දරය මොකක්ද කියලා අකුරක් නෑර කියවාගන්න. කොච්චර ලස්සන සුරංගනා ලෝකයක් වගේ කතාන්දරයක් ඒ ඇස් වල ලියවිලා තියනවා සත්තයි.

ඉතින් හෙමීට ඒ ඇස් වල කළු ඉංගිරියාවෙන් රිංගලා හැඟුම් පිරුණු අනන්තයට පියනඟන්න වැහි කෝඩෙ තුරුල් වෙනකම්ම.…

හා හා අමතක කරන්නෙපා........…
කෙහෙ රැළි වල සුවඳ හො ම ත ග යු!

ඉතින් ඊට පස්සෙ තමා වැස්ස පටන් ගන්න ඔනි! කැමති කෙනෙක්ට කැමති තැනක් තෝරගන්න පුලුවන්. හැබැයි මාධව නං කැමති නලලට. ආදරය ප්‍රකාශ කරන්න ඒ තරම් හොඳ තැනක් කොහෙද!

වැහි දියෙන් පෙඟුණු සීතල නලළතක හාදුවක් තවරද්දි ඇය නිරායාසයෙන්ම ඇස් පියාගෙන තෙමුනු පපුවට තුරුල් වෙනවනම් ඊට වඩා හැඟම්බර මොහොතක් කොහේවත් තියෙන්න විදියක් නැහැ.

ඒහෙනම් පටන් ගන්න ආදරය කරන්න

සුවඳ විඳින්න, කතාන්දරය කියවාගන්න ප්‍රථම හාදුව දෙන්න

විදුරංග
කෙලවාගත් ආදරණීය කතාන්දරයක අග සිට ~

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form