මේක තාක්ෂණික කතාන්දරයකි…….
කාතිම බුද්ධිය හා බැඳුනු වැඩසටහන් කෙරෙහි ලාංකිකයා වෙනත් වැඩසටහන් හා මෙන්ම අතාර්කිකව බොහෝ සේ බැඳෙන බව පෙනී යයි. මුහුණූ පොතේ වැටෙන සියල්ල සක්සුදක් සේ පැහැදිලි සත්‍යය බව බොහෝ දෙනා විශ්වාස කරනු පෙනේ.
ඒ් අනුව පරිගණක පද්ධතිීන් පාදක වූ වැඩසටහන් වල මෙම කෘතිම බුද්ධි වැඩසටහන් කෙරෙහිද අසීමිත විශ්වාසය තබන පිරිස බොහෝ ඇති බව පෙනී යයි.
කෘතිම බුද්ධි වැඩසටහන් ලෙස බොහෝ දෙනා මේ වන විට ප්‍රකට වැඩසටහන් කීපයක් භාවිතා කරනු ලබයි.
ඒ් අතුරින්
Chat GPT - https://chatgpt.com/
Google Gemini - https://gemini.google.com/app
Meta - https://www.meta.ai/
යන ත්‍රිත්වය භාවිතා කරනු පෙනේ.
මේවා සීයයට සීයයක් නිරවද්‍යය ද යන්න නොසකලා කටයුතු කරනු පෙනීම දැඩි අභාග්‍යයකි. ඒසේම මේවා මත අන්ධ විශ්වාසයක පිහිටා කටයුතු කිරීම අතිශය හානිකර තත්ත්වයකි. නමුත් සිදුවන්නේ එයයි.
බහුතරයක් දෙනා මෙම වැඩසටහන් භාවිතා කරනුයේ පහත කාරණා සඳහා ය.
- වාර්තා, ව්‍යාපෘති වාර්තා ආදිය නිර්මාණය කර ගැනීම
- කෙටි සටහන් නිර්මාණය
- අධ්‍යයන කටයුතු
- පරිගණක ක්ෂේත්‍රයේ නවකයින් විසින් ඔවුන්ගේ මෘදුකාංග සංවර්ධන කටයුතු
මෙවැනි කාරණා මෙන්ම ඇතැම් පුද්ගලයින් විශේෂඥ දැනුම ලබා ගැනීමෙන් වැලකී මෙම කාතිම බුද්ධි වැඩසටහන් මට යැපෙන බරපතල ගණයේ අවස්ථාවන් වන්නේ වෛද්‍ය වාර්තා වල තත්ත්වය පැහැදිලි කර ගැනීමට යාමයි.
එය ඉතා හානිකර තත්ත්වයකි.
කෘතිම බුද්ධිය ක්‍රියාකරන ආකාරය පිලිබඳව පහත පරිදි දැක්විය හැකිය. ඒ් අනුව මෙම වෛද්‍ය වාර්තා පරීක්ෂාව වැනි කටයුතු වල අවධානම පහදා දිය හැකිය.
කෘතිම බුද්ධිය ක්‍රියා කරනුයේ කෙසේද?
කෘතිම බුද්ධිය (Artificial Intelligence / AI) ක්‍රියාත්මක වන්නේ මිනිස් මොළයේ තීරණ ගැනීමේ සහ රටා හඳුනා ගැනීමේ හැකියාව පරිගණක මෘදුකාංග සහ ඇල්ගොරිතම (Algorithms) ඇසුරින් ප්‍රතිනිර්මාණය කිරීමෙනි.
මෙහි ප්‍රධාන ක්‍රියාකාරීත්වය පියවර සහ මූලික සංකල්ප කිහිපයක් ඔස්සේ පැහැදිලි කළ හැක.
1. දත්ත රැස් කිරීම සහ සැකසීම (Data Input & Processing) AI පද්ධතියක පදනම වන්නේ දත්තයි. පාඨ (Text), පින්තූර, ශ්‍රව්‍ය (Audio) හෝ අංකමය දත්ත විශාල ප්‍රමාණයක් AI පද්ධතියට ලබා දෙයි. පද්ධතිය විසින් මෙම දත්ත විශ්ලේෂණය කර ඒවායේ ඇති රටා (Patterns) සහ සබඳතා හඳුනා ගනී.
2. යන්ත්‍ර ඉගෙනුම (Machine Learning - ML) AI හි ප්‍රධානතම කොටස වන්නේ යන්ත්‍ර ඉගෙනුමයි. මෙහිදී පරිගණකයට එකිනෙක පියවර පැහැදිලිව ක්‍රමලේඛනය (Program) කරනවා වෙනුවට, දත්ත ඇසුරින් ස්වයංක්‍රීයව ඉගෙන ගැනීමට ඉඩ සලසයි. ඒ් සඳහා විශේෂිත වූ පරිගණක වැඩසටහන් දියත් කරනු ලබයි.
සුපරීක්ෂිත ඉගෙනුම (Supervised Learning): ලේබල් කරන ලද දත්තයක් භාවිතයෙන් කටයුතු කිරීම - උදාහරණයක් ලෙස රෝස මලක නම් කල ජායාරූපයක් මගින් කෘතිම බුද්ධියට අදාල තොරතුරු පද්ධතියට රෝස මලේ පෙනුම පිලිබඳව අවබෝධය ලබා දේ.
3. ගාම්භීර ඉගෙනුම සහ කෘතිම ස්නායු ජාල (Deep Learning & Neural Networks) මිනිස් මොළයේ ස්නායු සෛල (Neurons) ක්‍රියාත්මක වන ආකාරයට සමානව සකසා ඇති ඇල්ගොරිතම "ස්නායු ජාල" ලෙස හැඳින්වේ. ලේයර් කිහිපයකින් සමන්විත මෙම ජාල මගින් ඉතා සංකීර්ණ දත්ත (උදා: මුහුණු හඳුනාගැනීම, භාෂා පරිවර්තනය, හඬ හඳුනාගැනීම) පහසුවෙන් තේරුම් ගත හැක.
4. තීරණ ගැනීම සහ අනාවැකි කීම (Prediction & Decision Making) දත්ත සහ රටා අධ්‍යයනය කිරීමෙන් පසු, AI පද්ධතියකට නව දත්ත ලබා දුන් විට ඒ ඇසුරින් නිවැරදි අනාවැකියක් පළ කිරීමට හෝ තීරණයක් ගැනීමට හැකියාව ලැබේ. (උදා: ඔබ නරඹන වීඩියෝ අනුව ඊළඟට නැරඹීමට සුදුසු වීඩියෝ යෝජනා කිරීම).
5. ස්වයංක්‍රීයව යාවත්කාලීන වීම (Continuous Learning) AI පද්ධතියක් භාවිතා වන වාර ගණන වැඩි වන තරමට සහ අලුත් දත්ත ලැබෙන තරමට, එහි නිවැරදිභාවය සහ කාර්යක්ෂමතාව ස්වයංක්‍රීයවම වර්ධනය වේ.
මෙම කටයුතු සියල්ල සදහා මූලික පදනම වන්නේ දත්තයන් හා තොරතුරු ය. ඒවා කෙතරම් නිවැරදි වේද ඒ් මගින් පරිශීලකයා වෙත ලැබෙන ප්‍රතිදානයන් නිවැරදි වනු ඇත.
වෛද්‍ය වාර්තා ආදී කටයුතු වලදී සාමාන්‍ය වැඩසටහන් මගින් පිලිතුරු සෙවීම භයානක වන්නේ මේ නිසාය.
එම දත්ත පිලිබඳව ඔවුන් සතුව ඇති තොරතුරු සහ පරිශීලකයා විසින් වැඩසටහනට ලබා දෙන Prompt -උපදෙස අනුවද මෙම වෛද්‍ය වාර්තා සඳහා ලැබෙන ප්‍රතිදාන දෝශ සහගත විය හැකිය.
මාධවගේ කතා බ්ලොග් පාඨකයින් හොඳින්ම දන්නා ලේනා මහතාගේ වෛද්‍ය වාර්තාවක් මෙලෙස Chat GPT සහ Gemini වෙත යොමු කර අදාල ප්‍රතිදානයන් ලබා ගැනීමට මාධව විසින් කටයුතු කරන ලදී, ඒසේම පාසල් මිතුරු වෛද්‍ය උදිත මහතා වෙතද වාර්තාව යොමු කර උපදෙස් පැතීම සිදු කරන ලදී.
ඒ් අනුව අදාල වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ලේනා මහතාව වෛද්‍ය වරයෙකු වෙත යලි යොමු කල අතර, අදාල කෘතිම බුද්ධි වැඩසටහන් වලින් ලද පිළිතුර පාඨක අවධානයට යොමු කර ඇත.
ඒ් අනුව වෛද්‍ය වාර්තා වල ඇති දේ පිරික්සීමට කෘතිම බුද්ධිය භාවිතා කිරීමට ඇති හැකියාව පිලිබඳව තීරණයක් ගැනීම පාඨක ඔබටම භාර කරනු ඇත.
Chat GPT පිළිතුර -
Gemini පිළිතුර -
ඒසේනම් සුභ දවසක් මිතුරනි.
—-------------- —-------------- —---------------- —------------------
කාරුණික අවධානයට - වෛද්‍ය වාර්තාව ප්‍රසිද්ධ කර නොමැති නමුත් ලෙඩ රෝගය පිළිබඳව ඇඟවීම සදාචාරාත්මක නොවන බව පිලිගනිමි. නමුත් අවශ්‍ය කාරණාව දැනවීම සඳහා මෙම රූප භාවිතා කර ඇති බව දන්වමි.
මෙයට
මාධව ~
—-------------- —--------------- —----------- —-----------

පස් පුස් කරල
ReplyDelete