පරිගණක තාක්ෂණික කාරණාවක් වන Ubuntu Disk ගැන ලිපියක් ලියන්න හිතුවේ මේක ටිකක් සංකීර්ණ කාරණාවක් නිසා. Windows වල වගේ නෙමෙයි උබන්ටු වල දෘඩ තැටියක් භාවිතා වෙද්දි බොහෝ කාරණා සලකා බලනවා. ආවාට ගියාට දෘඩ තැටියක් කලමණාකරණය කරන්න අමාරුයි.
හැබැයි පුරුදු උනොත් Windows පද්ධතියට වඩා ගොඩක් වැඩ කරගන්න පුලුවන් දෙයක් තමා මේ Ubuntu Disk කියන පහසුකම..
උබන්ටු Dash හි Utilities හි මෙම පහසුහම ස්ථාපනය වෙලා තියනවා. මේක හරියට වින්ඩෝස් වල Disk Management වගේම පහසුකමක් තමා. හැබැයි ඊට වඩා දැනගත යුතු දෑ ගොඩක් මෙහි තියනවා.
Ubuntu Disk Management Interface
මෙතන තියන Ubuntu Disk මිත්‍රවරුණි තේරුම් ගන්න මතක තියාගන්න ඔනි කාරණා මෙන්න මේවායි.
1. වම්පැත්තෙ තීරුවේ දැක්වෙන්නෙ ඔබගේ පරිගණකයේ ඇති දෘඩ තැටි සංඛ්‍යාව ලැයිස්තුගතව සහ සරල විස්තරයක්. එතනින් හයිලයිට් වෙලා තියෙන්නෙ ඔයා මේ මොහොතෙ තෝරාගෙන (Select) ඇති දෘඩ තැටිය.
2 දකුණු අතේ කොටුවෙ ඉහලින්ම පෙන්නන්නෙ දෘඩ තැටිය පිලිබඳ විස්තරය. වර්ගය සහ Model, Serial NO, Capacity (Size) ආදී ලෙස පෙන්නන්නෙ විස්තර ටික. එතන යටින් පෙන්නන්නෙ එම තෝරාගෙන ඇති දෘඩ තැටියේ ඇති පාටිෂන් ඒමත් නැතිනම් Volume ටික.
ඊට යටින් ඇති මෙම කොටසේ වැඩ කිඩ පසුව කතා කරමු.
3. එම කොටසට පසුව පහලින් ඇත්තේ ඔබ විසින් තෝරාගෙන ඇති වෙළුමේ (පාටිෂන්) විස්තර ටික. ප්‍රමාණය, පාටිෂන් වර්ගය ආදී ලෙස තොරතුරු පෙන්වනවා. එතකොට මූලික තොරතුරු දැන් අහවරයි.
එහෙනම් ඊළග කොටසින් උබන්ටු Disk ගැන ඉතිරි ටික ලියන්න මාධව බලාපොරොත්තු වෙනවා.....
