පරාජිතයාගේ කුසලානය

 


 
මා ඇතුලතින් බිඳී ගියේ නිකම්ම නොවන බව මම පැහැදිලිව දනිමි. එසේ බිඳුනු තැන් පැලැස්තර අලවා වසාගැනීමට තැත් කල විට දැඩිව විඩාබර වූ මා ඒ ප්රයත්නය යලි දරන්නේ නැත.
 
ලොවුතුරා බුදුරජාණන්වහන්සේගේ ධර්මයේ කියන්නාවූ පරිදි චතුරාර්ය සත්යය අනුව දුකට හේතු වන ගැටලුව හඳුනාගෙන ඇත. දැන් ඇත්තේ දුකින් මිදීමේ මාර්ගය සොයා යෑමයි.
 
මා.ප්රබුද්ධ මිනිසෙක් නොවේ. මා ඇට මස් ලේ නහර වලින් සමන්විත වූ සාමාන්ය නූගත් මිනිසෙකි. එසෙ වුවද මාගේ අවබෝධය යම් තරමකින් ඉහල ය. ඒ නිසා මා යත්න දරන්නේ සිත් සුවපත් කීරීමට නොව සිත සුවපත් කර ගැනීමට ය.
 
අලෝකය පෙනි පෙනී යලිත් අඳුර වෙත පිය නැඟීමට මට උවමනාවක් නැත. මේ ජීවිතය කෙසේ කෙලවර වෙන්නේදැයි මා නොදන්නා මුත්, මේ ජීවිතය කෙලවර වෙන තෙක් කෙසේ හෝ නිවැරදි යැයි පෙනන මාර්ගයේ පිය නැගීම මම අරමුණු කරගෙන සිටිමි.
 
මුහුද රළ පෙණ නගා විත් දෙපා මුල ගැටී ආපසු යයි. වසර ගණනාවක් තුල යෑමෙන් ඒමෙන් හෙම්බත් වූ පුද්ගලයෙකුට එක ස්ථානයකදී මෙම යෑම ඒම පිලිබඳව දැනෙන හැඟුම කෙලෙසකවත් තවදුරටත් වේදනාවක් ගෙන දෙන්නේ නැත.
 
කුඩා කුඩා කැබලි වලට බිඳී බිඳී ගොස් බිඳ දැමීමට තවත් යමක් ඉතුරු නොවුනු තැන ඔවුන්ට ඔබගේ බිඳීමට දෙයක් නැත. ඔබ දිනන්නේ එවිට ය. හැබැයි.......... බිඳී ගිය විට මා පරාජිතයෙකු යැයි මට හැඟුන දා සිටම මගේ බිඳින්නට තවත් යමක් ඉතුරු වී නැත.
 
ඉඳින් පරාජිතයාගේ කුසලානය වෙනාතකට හුවමාරු වී තිබේ.............
 
විදුරංග ~
ඇල් දිය වන් සයනයක කෙලවර සිට

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form