හෘද සාක්ෂියක්

හෘද සාක්ෂියක් කියන්නෙ හැම විටම පිරිසිදු වෙන්න ඔනි දෙයක්ද? මනුස්සයෙක්ගෙ හෘද සාක්ෂිය කියන්නෙ තමන් තමන්ට වගකියාගන්නා තමන් තමන්ට අවංක වෙන්න ඔනි තැන කියලා මාධව හිතනවා.


හැබැයි සමහර මිනිස්සුන්ට හෘද සාක්ෂියක් නෑ. ඔවුන් කරන වැරදි හෝ ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන් හිතන්නෙ හරි සැහැල්ලුවෙන්. ඔවුන් කටයුතු කරන්නෙ මේ ලෝකයේ වෙන මිනිස්සු නැති ගාණට. හරියට ලංකාවේ දේශපාලනය හෝ සමහර වෘත්තිකයින් වගේ හරිම අසංවේදී ලෙස. එතකොට එවැනි ක්‍රියා නිසා හානි වෙන පිරිස වෙනුවෙන් කතා කරන්න කිසිවෙක් නැති කම හරිම අවාසනාවක්.

 මිනිස්සු විවිධ ආකාරයෙන් සතුට සොයන්න පෙළඹීම සාමාන්‍ය දෙයක්. සතුට සෙවීම යහපත් දෙයක්. නමුත් ගැටලුව ඒක නෙමෙයි. ගැටලුව වෙන්නෙ සතුට සොයාගෙන යන්න ගිහින් තව කී දෙනෙක් අමාරුවේ වැටෙයිද? තව කී දෙනෙක්ගේ ජීවිත වලට බලපෑම් එල්ල වෙයිද? සේරටම වඩා තමන්ට කොච්චර බලපෑමක් සිදු වෙයිද කියලා තක්සේරුවක් කරගන්න අසමත් කෙනා වැටෙන අගාධය ගැන කියන්න වදන් නැහැ.

කොහොම උනත් මිත්‍රවරුණි සරලව කියන්න ඔනි මෙ

ච්චරයි. මේක පුංචි ලෝකයක්. මේ ජීවිතය පුංචි ජීවිතයක්. ඒකෙ කියන කරන දේවල් වලදි සංවේදී ලෙස, තමන් කියන කරන දේවල් කරන්න ඔනි. ඒ පිලිබඳව කිරලා මැනලා කටයුතු කරන්න ඔනි. ජීවිතය තමන්ට අවශ්‍ය නම් නරා වලක් කරගත්තාට කමක් නැහැ. හැබැයි තමන් වගේ තමන්ට ආදරය කරන අනික් මිනිස්සුත් ඒකට ඇදලා ගන්න ඉච්චානුගව හෝ අනිච්චානුගව කටයුතු සිදු කිරීම අන්තිම පහත් කටයුත්තක්.

ඒ නිසා හොඳට හිතට ගන්ඩ මිත්‍රවරුණි
තමන් කරන කියන දේ ගැන අවබෝධයෙන් හොඳ සිහියෙන් ඒ දේ කරන්න. අවබෝධයක් නැතිනම්, ඒ ගැන හැඟීමක් නැතිනම් අඩුම තරමේ තමන්ව පාලනය කරගන්න ඇති හැකියාව වත් වැඩි දියුණු කරගන්න බලන්න


නැතිනම් සිද්ධ වෙන්නෙ මහම මහ නරක දේවල් විතරක් නෙමෙයි.......... 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form