Chat GPT ගැන දැන් පුංචි දරුවොත් දන්නා බැවින් කියා දීමට ලොකු දේවල් නැත. හැබැයි මාධවට ලිවීමට දේවල් ඇත. ඒ නිසා අද කියන්න යන්නේ Chat GPT හි පහසුකමක් ගැනය.
ඒ Chat GPT Codex ගැන ය.
- Codex යනු මෘදුකාංග සංවර්ධන, වෙබ් අඩවි සංවර්ධනය සඳහා ලබා දෙන කේත ලිවීමේ පහසුකම ඇති යෙදවුමයි.
- Chat GPT මගින්ද කේත ලිවීම සිදු කලත් මෙහි වෙනසක් ඇත.
- Chat GPTමගින් පුද්ගලයෙකුට සිතීමට, නිර්මාණයක් සිදු කිරීමට උපකාර කරයි.
- Codex වෙතින් පුද්ගලයෙකුට අවශ්‍ය කේත ලිවීමම වෙනුවෙන් පහසුකම් ලබා දී ඇත.
Codex හි පහසුකම් ?
- පරිශිලකගේ විධාන අනුව කේත අවශ්‍ය පරිගණක භාෂාවකින් ලිවීම
- දැනට සකසා ඇති කේත සමූහයක වැරදි පෙන්වා දීම හා නිවැරදි කිරීම
- පරීක්ෂණ ධාවනයන් සිදු කිරීම සහ වැරදි අවම කරමින් කේත සංවර්ධනය කිරීම
- වැඩිදියුණු කිරීමට යෝජනා ලබා දීම සහ ක්‍රියාත්මක කර පෙන්වීම
Codex වලට පිවිසෙන්නේ කෙසේද?
Chatgpt වෙතට පිවිස වම් පැත්තේ තීරුවේ Codex යනුවෙන් තේරීමෙන් ප්‍රෙව්ශ විය හැකිය.
Codex භාවිතා කර ඔබගේ පරිගණක වැඩසටහන් සංවර්ධනය කිරීමේ කටයතු අත්හදා බලන්න. මෙය ඔබගේ කටයුතු වලට සහයක් කර ගන්න. ඔබගේ හැකියාවන් මොට කර ගන්නා දෙයක් නොවන සේ
සුභ දවසක්!