කෙටි වීඩියෝවක් කඩිනමින් සරලව හදාගන්න බලාපොරොත්තු වන කන්ටෙන්ට් ක්‍රියේටර්ලට හොඳ අවස්ථාවක් ගූගල් වෙතින් ලබා දීල දැන් ටික කාලයක්. දැන් Meta Business Suite එකෙන් Facebook පේජස් කරන අයට ලබා දීල තියන වීඩියෝ එඩිටරයක් වගේම එකක් ගූගල් එකෙනුත් දීලා තියනවා. මෙහි නොමිලේ ලබා දෙන සංස්කරණය සීමිත පහසුකම් එක්ක උනත් ඉතා හොඳ තත්වයේ කෙටි වීඩියෝ නිිර්මාණයකදී පහසුවක් වනු ඇතැයි මාධව විශ්වාස කරනවා.
Google Vids වෙතින් වීඩියෝ සැකසුම විතරක් නෙමෙයි. විවිධ පහසුකම් රැසක් නොමිලේ ලබා දෙන සේවාවෙදි අඩංගුයි. 2024 වසරේදී නිකුත් කෙරුණු මෙම සංස්කරණය මේ වන විට නිල වශයෙන් ඔබගේ ගූගල් යෙදවුම් ගොන්නේ අඩංගුයි. එහිදී අධ්‍යාපනික පදනමින් මෙම ගූගල් එකවුන්ට් භාවිතා කරන අයට බොහෝ දේවල් නොමිලේ ලබා දෙන්නයි තීරණයක් තිබෙන්නෙ මෙම යෙදවුම සම්බන්ධව...
ඒකෙන් මේකෙන් වෙන්නෙ ඉදිරියේදී (දැනටමත් සිදු වන පරිදි) බොහෝ අය ගූගල් වලටම යොමු වේවී මේ සා වූ විශාල පහසුකම් රැසක් ලැබෙන නිසාම.
පහල දැක්වෙන්නෙ එසේ ප්‍රවේශ වෙලා ගූගල් Vids වෙත ගිහාම ලැබෙන අතුරුමූනත.
| Google Vids අතුරුමුහුණත |
මෙහි පහසුකම් ලෙස පහත ලැයිස්තුව සරලව දැක්විය හැකියි
- සරල වීඩියෝ පටිගත කිරීම් සහ සංස්කරණයන් සිදු කල හැකියි
- Google Slide සමඟ සම්බන්ධව කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා
- Screen Recording පහසුකම් ලබා දීලා තියනවා.
- මේ වගේ පහසුකම් රැසක් එක්ක සංස්කරණය කරනු ලබන Videos - MP4 හෝ GIF ලෙස බාගත කල හැකියි.
- ඒ වගේම English භාෂාවෙන් හඩ කැවීමට පහසුකම් දීලා තියනවා.
හඩ කැවීමේ පහසුකම විශේෂයි. ඒකෙදි කරන්නෙ ඔබට අවශ්‍ය වචන සමූහයක් හෝ රචනාවක් හෝ මෙම වීඩියෝවට ඇතුල් කර ගන්න අවශ්‍යයි නම් ඒක ටයිප් කරාම හඩ පටයක් විදියට වීඩියෝවට එකතු කර ගැනීමේ හැකියාවයි. දැනට මේ සඳහා ඉංග්‍රීසි ඇතුළු භාෂා කීපයක් පමණක් සහය දක්වනවා. සිංහල භාෂාව එහි අඩංගු නෑ තවම.
මේ ආදී වූ බොහෝ පහසුකම් නොමිලේ ලබා දෙන සේවාවන් අන්තර්ජාලය ඔස්සේ භාවිතා කිරීමට හැකියාව ලැබීම තාක්ෂණයේ දියුණුවේ තරම පෙන්නුම් කරනවා යැයි මාධව හිතන්නෙ වෙන කාරණාවක් නිසා නෙමෙයි. අතීතයේ වීඩියෝ සංස්කරණ මෘදුකාංගයක් ස්ථාපනය කරන්න වින්ද දුක් කරදර එක්ක බලද්දි දැන් බොහොම පහසුවෙන් ඇඟිලි තුඩටම ගෙනැල්ලා දෙන අපූරුව!
කැප් කට් ඇතුළු යෙදවුම් ගැන ගියන්න කාලය වැය නොකලේ ඒවාගේ පවතින අපහසුතා නිසා (ඇඩ්වටීස්මන්ට් හෝ වෝටර්මාක්) මිස අන් කාරණාවක් නෙමෙයි. එහෙම නැතිව කැප් කට් වැනි යෙදවුම් කියන්නෙත් ඉතා හොඳ පහසුකම් සහිත ජංගම දුරකථන යෙදවුම් තමා.අවශ්‍ය වන්නේ පහසුම දේ සහ සරල දේ තෝරාගෙන තමන්ගේ කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමයි කියලා මාධව හිතන්නෙ. ඇත්තටම පරිගණක භාවිතායේ අපේක්ෂාවත් ඒකම තමයි....
දැන් අවස්ථාව ඔයාලට ඔයාලගේ ගූගල් ගිණුමට පරිගණකයක් මගින් ප්‍රවේශ වෙලා ගූගල් ඇප්ස් වෙතින් මෙම ගූගල් Vids යෙදවුම අත්හදා බැලීම් සිදු කරන්න..
සුභ දවසක් ~