මෙට්‍රික්ස් දැල

මාධවගේ කතා තුලින් කතාන්දර වගේම දේශපාලනය වගේම තාක්ෂණික කාරණා ලියවෙනවා නෙව. අද කියන්න යන්නේ ටිකක් කලවම් කතාවක්. අවසානය තාක්ෂණික කතාවක්.

ඒ තමයි මෙට්‍ර්රික්ස් දැල ගැන ~ 

සිනමාලෝලීන් බහුතරයක් අනිවාර්යයෙන්ම නරඹලා ඇති Metix  සිනමා කතා මාලාව. 

 

 

ප්‍රසිද්ධ හොලිවුඩ් රංගන ශිල්පියෙන් වන  Keanu Reeves ප්‍රධාන චරිතයෙන් දායක වන ප්‍රසිද්ධ සිනමා කෘතිය මතක ඇති. ඒකෙදි සත්‍ය වශයෙන්ම සරලව කිව්වොත් කතාව තියෙන්නෙ නියෝ (Keanu Reeves) නම් පරිගණක වැඩසටහන් නිර්මාණය කරන්නාගේ සිතුවිලි සහ ඔහුට හම්බවෙන විප්ලව නායකයෙක් හා සම්බන්ධ වීමෙන් පසු එම සිතුවිලි වල සත්‍ය අසත්‍ය බව හොයාගෙන යෑම කියලා සරලව කිව්වහැකි.

මේ සිනමා සිත්තම කෙතරම් ජනප්‍රිය උනාද කිව්වොත් එහි පහත ආකාරයට සිනමා කෘති තුනක් නිර්මාණය උනා

The Matrix (1999)  - පළමු සිනමා කෘතිය 

Matrix Reloaded (2003),  

Matrix Revolutions (2003), and  

Matrix Resurrections (2021)
 

මේ සිනමා කෘතිවලට අදාලව බොහොම විශේෂ ජනප්‍රිය උන දෙයක් තමා අර කලුපාට පසුබිමේ කොල පාට අකුරු වැහි බිංදු වගේ කඩා හැලෙන අපූරු දේ!

 

විකීපීඩියා කෝෂයේ තියන විදියට නිර්මාතෘ වන Simon Whiteley විසින් එය හඳුන්වන්නේ Digital Rain කියලා. 

මේකෙ ජනප්‍රියත්වයත් එක්කම මේක බොහෝ Wallpapers, Screen Savers වල භාවිතා වුනා කියලත් මාධවට මතකයක් තියනවා. පරිගණක ලෝකයට අලුත් වුන 90 දශකය සහ 2000 - 2005 කාලය තුල ඉතා ඉහල ජනප්‍රියතාවයක් මේ Digital Rain වෙත හිමිවෙලා තිබුනා.

දැන්  ඉතිරි කතාව

කාර්යාලයේදී රස්සාවෙ  කම්මැලි වෙලාවට රස්සාවට අදාල දේවල් වලින්ම ජොලියක් දාන්න ඔනි කියලා හිතුන වෙලාවක මාධවට මතක් උනේ තමන් කාලයකට ඉස්සර හදන්න උත්සහ කරපු මේ මෙට්‍රික්ස් ජාලය. Screen Saver  භාවිතා කරලා තිබුනට පස්සෙ කාලෙක BAT ගොනු වලින් නිර්මාණය කලාට දැන් අපිට බැරිද Coding  වලින් මේ දේ කරන්න කියලා හිතලා Claude AI   පැත්තෙන් විමසලා බැලුවහම එයා දුන්නා සරල හැබැයි අපූරු කේත ගොන්නක්...

අනේ මිත්‍රවරුණි කියන්න සන්තෝශයි බොහොම අපූරුවට මේ HTML කේත ටික වැඩකරනවා.

කේත පහලින් දාලා තියෙන්නෙ.... කැමති අය පොඩි උත්සහයක් කරලා බලන්න

කෝඩ් නොදන්න කෙනෙක් උනත් කමක් නෑ මේක Notepad  එකකට කොපි කරලා metrix.html කියලා සේව් කරගෙන විවෘත කරන්න තියෙන්නෙ...

ගූගල් ක්රෝම්, ෆයර්ෆොක්ස් වගේ බ්‍රවුසරයක් පරිගණකයේ තියෙන්න ඔනි. ආන්න එතකොට මේක යසට වැඩ කරනවා.

උත්සහ කරලා බලන්න මිත්‍රවරුණි. රස්සාව කරද්දි කම්මැලි කමක් දැනෙනකොට ඒක නැති කරගන්න රස්සාවෙන්ම ක්‍රම හොයා ගන්න.

 <!DOCTYPE html>
<html lang="en">
<head>
    <meta charset="UTF-8">
    <title>Matrix Digital Rain</title>
    <style>
        body { margin: 0; padding: 0; background: black; overflow: hidden; }
        canvas { display: block; }
    </style>
</head>
<body>
    <canvas id="matrix"></canvas>
    <script>
        const canvas = document.getElementById('matrix');
        const ctx = canvas.getContext('2d');

        canvas.width = window.innerWidth;
        canvas.height = window.innerHeight;

        const katakana = 'アイウエオカキクケコサシスセソタチツテトナニヌネノハヒフヘホマミムメモヤユヨラリルレロワン';
        const latin = 'ABCDEFGHIJKLMNOPQRSTUVWXYZ';
        const nums = '0123456789';
        const alphabet = katakana + latin + nums;

        const fontSize = 16;
        const columns = canvas.width / fontSize;

        const rainDrops = [];
        for (let x = 0; x < columns; x++) {
            rainDrops[x] = 1;
        }

        const draw = () => {
            ctx.fillStyle = 'rgba(0, 0, 0, 0.05)';
            ctx.fillRect(0, 0, canvas.width, canvas.height);

            ctx.fillStyle = '#0F0';
            ctx.font = fontSize + 'px monospace';

            for (let i = 0; i < rainDrops.length; i++) {
                const text = alphabet.charAt(Math.floor(Math.random() * alphabet.length));
                ctx.fillText(text, i * fontSize, rainDrops[i] * fontSize);

                if (rainDrops[i] * fontSize > canvas.height && Math.random() > 0.975) {
                    rainDrops[i] = 0;
                }
                rainDrops[i]++;
            }
        };

        setInterval(draw, 30);
    </script>
</body>
</html>

 

සුභ දවසක් මිත්‍රවරුණි ~  

 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form