අද හදිස්සියේම ගම්පොලට වැස්සක් වැටුනා...
ගම්පොල කියන්නෙ එක වැස්සකින් හේදිලා පෙඟිලා විනාස උනු නගරයක් උනාට හැමෝම උත්සහයෙන් නැගිට්ට. හරි දිරියවන්ත මිනිස්සු. මේ කතාව ඒ ගැන නෙමෙයි. හැබැයි මේ කතාවත් වැහිබර මොහොතක් ගැන.
ඒක කේශ කල්යාණිය
වැස්සට පෙඟුනු යොවුන් යුවතියක් ගැන අහස් උසට හීන පෙන්නන හීන තක්සලාවක්
නෙමෙයි. වැහි දිය මැද ඇය අත ගෙන තෘණ බිම මත දිව යන විට ආකාරයේ එකකුත්
නෙමෙයි.
දෙතොලට දෙතොල ගැටෙන එකකුත් නෙමෙයි. නිකන් ආලාපාලු කතාවක් වෙන්නත් පුලුවන්. කොහොමෙන් හරි මේක උනේ අද....
ඉතින්, එකෝමත් එක දවසක් උන අද ගම්පොලට වැස්ස. මධූට ක්රීම් බනිස් එකක් අරන් දෙන්නම් කියලා එක්කගෙන ඇවිල්ල, මදි පාඩුවට තනියට ආව අමාලි බෙල් බොටම් ගෙ බෑගෙකත් මගිදි එල්ලාගෙන ක්රීම් බනිස් කඩේ ගාවදි නතර වෙලා බලද්දි හොරි හැදුන චොකලොට් ක්රීම් බනිස් තියනව.
ඔය ලට ලොට වගේ නෙමෙයි. ඒව හෙන සාධාරණ ක්රීම් බනිස්. ඒවගෙ බනිස් දෙක ඈත් කරාම බොහොම අගේට ක්රීම් හෙවත් කිරම තියනව. ඉන් පස්සෙ මාධව කරන්නෙ බනිස් දෙකඑකට අතුල්ලලා ක්රීම් හොඳට තවරාගන්නව.
අද
මධූට අරන් දුන්න බනිස එහෙම කොරල ඒකෙන් කාලක් මාධව සිය මුවේ ඔබාගත්තා. යස
රසයි. ඒකෙ ඉතිරිතුන් කාල මධූටම දීල ඒකිව පිටත් කොරලා බෝ ගහ ලඟට යද්දි තමයි
පොද වැස්ස පටන් ගත්තෙ. වැස්සෙම බස් නැවතුම - පුංචි අඩි දහයක් පළල නැති බස්
නැවතුම, අන්න ඒකෙ හෙවනට මුවා වුනාම තමා මේ කතාවෙ හොඳම හරිය පටන් ගත්තෙ....
වැටෙන වැහි බිංදු වලින් නෑවුන ටිකක් මැදි වයසෙ ගෑල්ලමයෙක් ඇවිල්ලා මාධව අසලින්ම හිටගත්තහම.....
සහෝදරවරුනි, සහෝදරියනි.
පූජ්ය පක්ශයේ සියලූම පූජක වරුනි.
සිසු දරුවනි.
වැහි
බිංදු වැටෙනකොට ගොඩක් දේවල් ලස්සන වෙනව. තණකොල මතට වැහි බිංදු වැටිලා
විසිවෙන එක මන්දගාමී සලරුවකින් බලනකොට ඒක හරිම හිත් නිවන සුලුයි.
පිපුණු රෝස මල් යායටම හෙමින් හෙමින් වැහි බිඳු එක දෙක පතිත වෙනකොට ඒ යායම ඒ අනුසාරයෙන් නැලවෙද්දි හිත් මඬලත් නැලවෙනව.
පූජ්ය පක්ශයේ සියලූම පූජක වරුනි.
මෙතනින් එහාට ඔයාලට මේව අවශ්ය නෑ. මොකද මේව හරිම අසභ්යයි. සියලූම ආගම් වලට පටහැනීයි.
සිසු දරුවනි, නුඹලා බාල වයසැති උන් නිසා නුඹලාටද මෙතනින් එහාට නීතියෙන් අවසර නැත.
ආපහු කතාවට යමු සහෝදරවරුනි.
ඒ
වගේ තමා වැහි බිංදු වලින් මල්වර උන කාන්තා පියයුරු වලත් තියෙන්නෙ අමුතුම
මිහිරක් මවන ලස්සනක්. කාන්තාවො පනහක විතර සියයක් වූ පියයුරු දැක්ක කෙනෙක්
උනත් කාන්තාවෝ කෝටියක දෙකෝටියක් පියයුරු දැක්ක කෙනෙක් උනත් පලවෙනි වාරයට
සැබැවින් දැක්ක වගේ ආහ්ලාද හැඟීමෙන් පිරෙන්නෙ ආන්න ඒ වගේ වෙලාවට.
වැහි බිංදු වලින් මල් වර උන පියයුරු දැක්කාහම..
ඒක නාන කාමරයක වතුර මල යට තෙමෙන ඒව වගේ නෙමෙයි. ඒවා ක්රීම් ගාලා පුම්බපු ඒව වගේ නෙමෙයි. ඒවා හරිම මනස්කාන්ත වැහි බිංදු වල පහසින් අයස්කාන්ත උනු ඒව...
මොහොතක අවාසනාවටද වාසනාවටද මාධවගේ දෙනෙත් එයින් දැක්කේ බොහොම සුලුවෙන් ඇබින්දයි ඇය බිමට නැමී කොණ්ඩය ගසන කල්හි.
හැබැයි මාධවගෙ "අභ්යන්තර විගණක" වගේ ඉන්න වල් වරත්තුවා නම් ඊට වඩා බොහොමයක් දැක සිත් පහදවා ගත්ත.
ඒක තමා පුරුෂ රියැලිටිය. පුරුෂයින්ගේ මනාපය.
ඉතින්
වැහි බිංදුවක් දෙකක්, පහක්, පනහක්, සීයක් වෙන්න ඇති තැවරිල තිවුන. පණ
තිවුන තරමක් විසාල වැහි බිඳු හරි වාසනාවන්තයි, ඇය කොණ්ඩය ගසලා ඍජු උන කල්හි
ඒ ශක්තිවන්ත වැහි බිංදු රූටලා ඒ පියයුරු රේඛාවන් මත රූටලා සත්ය සොයා අතුරුදහන් උනා.
මාධව නොදැකපු නොදන්න සත්යය ඒ වැහි බිංදු කීපය අද දැකගන්න දැනගන්න ඇති.
ඉතින් දරුවනේ මේ කතාවෙන් ඔයාල ඉගෙන ගන්න ඕනි දේ තමා, ඒ කියන්නේ උගත් පාඩම වන්නෙ...
මේ ලෝ තලයේ මිරිදිය ජල සම්පත රැකගත යුතු බව සහ එසේ නොමැති වුව හොත් ලෝකයේ පියයුරු අසුන්දර වන බවය.
එක අනුලෝමව සමානුපාතික වන නියතයකි.
එකසිය හැත්තෑ මිලියන විසි දස වන දෙපාර්තමේන්තුවේ තුන්වැනි අමාත්යාංශය නම් කොටසෙ අඩංගු මාධවගේ කතා නම් මහඟු ග්රන්ථයේ එන දෙවන පරිච්ඡේදයේ මාතෘකාව
එක්තරා ප්රමේයයකි!
"වැහි බිංදුවකින් සියල්ල වෙනස් වනු ඇත...."
එය සාධනය කල හැකි ප්රමේයයකි...
මාධවගේ කතාව අසා සිටි ඔබට ඉස්තූතියි