එකමත් එක කාලෙක
බටලන්දෙන් වදකාගාරයක් මතුවෙනවා
ඒ සපුගස්කන්දෙ!
සූරියකන්දෙ සමූහ මිනී වලක් හම්බෙනවා
ඒ සූරිය කන්දෙ!
පාස්කු
බෝම්බ පුපුරනවා
ඒ
මීගමුවෙ
එදාම තවත් බෝම්බ පුපුරනවා
ඒ මඩකලපුවේ
චෙම්මිනි වල සමූහ මිනී වලවල් හම්බෙනවා
ඒ යාපනයේ
මාධ්‍යවේදීන් මරලා වතුර ඉල්ලපු උන්ට වෙඩි තියනවා
උතුරෙ ළමයින්ගෙ මොල හෝදලා මරාගෙන මැරෙන්න පුරුදු කරපු කාලයක් තිබුනා
උතුරෙ අපේම උන් පිට උන් කරලා උන්ගෙ වාසියට හරවාගෙන අවුරුදු ගණනාවක් සිංහල දෙමල යුද්ධය වවන් කෑවා.
හැබැයි උන් යුද්දෙට ගියාද?
මහින්ද ගියාද?
රනිල් ගියාද?
චන්ද්‍රිකා ගියාද?
උන්ගෙ ඇමතිවරු ගියාද?
නෑ
යුද්ධ කලේ අහිංසක කොල්ලො කෙල්ලො!
ගම්වලට සීල් වෙලා ආවේ ගම්වල කොල්ලො කෙල්ලො
එහෙ කැලෑ වල කොටි ඇඳුම් ඇඳන් මැරිල ගියේත් හරි වැරැද්ද නොතේරුනු අපේම උං!
පිළිගත්තත් නැතත් ඇත්ත ඒක! කවුරු හරි හරි වැරදි නොපෙන්නුවාම ආයුධ අතට දුන්නාම මොල හේදුවාම උන් මොනා කරන්නද?
කාළකණ්නි බයියො දැනගන්නෝනි, බයියො නොවන උනුත් දැනගන්නෝනි
මේ හැම සිදුවීමක්ම සිදු උනේ වෙන රටක නෙමෙයි! වෙන ග්‍රහ ලෝකෙක නෙමෙයි.
මේ
අපරාධ සිදු උනේ ලංකාවේ.
වසර
ගණනාවක් ලේ තැවරුණු රටක්
මේක...
ඒවට
සාධාරණයක් දැන්වත් වෙන්නෝනි
ආයේ
ගැටුම් වලට ඉඩක් නැති රටක්
හැදෙන්නෝනි.
ජාතිවාදය
වවාගෙන කන්න කාළකණ්නි දේශපාලනයට
ඉඩ නොදිය යුතුයි.
පැරණි
තුවාල ආයෙමත් පාරන්න හදන
කාළකණ්නින්ට දැනුවත්ව හො
නොදැනුවත්ව කඩේයන උන්ට මඩු
වළිගෙන් ගහලත් මදි!
බොරු
ජාති ආලයෙන් අන්ධ වෙලා ඉන්න
උඹළට නොතේරෙන සත්‍ය තේරෙන
සිංහලෙන් මෙච්චරයි
මේක උන්ගෙ අප්පලගෙ රට නෙමෙයි!
මහින්දගෙවත් රනිල්ගෙවත් ප්‍රභාකරන්ගෙවත් බූදලයක් නෙමෙයි.
මේක අපේ රට!!!
