මෝඩ පාක්ෂිකයින්ට කියන දෙයක් ~

 

 

පළවෙනිම දේ තමා දේශපාලන සංස්කෘතිය තේරුන් ගන්න ඔනි කියන එක. 

උදාහරණයක් ලෙස වාසුදේව කියන කුණූහරුප කියන එකාව ගමු! ඌ දකුණෙ මිනිස්සුන්ට කියනවා සිංහල ජාතිය රැකගෙන ඉන්නෝනි! උතුරට අරවා එපා මේවා එපා වගේ වෙනම කතා! හැබැයි ඌ දුව දෙන්නෙ විග්නේෂ්වරන්ට.

භූමියේ ඉන්න වාසුගෙ ඇම්බැට්ටයෝ - වාසුට ඉන්නෙ මහින්දගෙ ඇම්බැට්ටයෝ ටිකමනෙ උන් ගිහින් මරාගන්නවා ජාතිය රැකගන්න කියලා

මහින්ද මහත්තයා කතා කරනවා රට ජාතිය ගැන. පුදුම හිතෙන ආගම් භක්තියක්. මහින්දගෙ වටේ උන්න උන් ඒව තව උස්සල තියනවා. කොටි ප්රශ්නයි අරව මේවයි. හැබැයි මහින්දගෙ ළමයෙක් කසාද බදින්නෙ ක්රිස්තියන් කෙල්ලෙක්. මහින්දගෙ නංගි කෙනෙක් බඳින්නෙ ද්රවිඩ ජාතිකයෙක්ව. මහින්දගෙ පාක්ෂිකයෝ ගොන් රැල වගේ ගිහින් මුස්ලිම් කඩ වලට ගැහුව කාලයක් තිබුනා.

රනිල් ගැන ගත්තොත් අතීතයේ යාපනයට ගිහින් පුස්තකාලේ ගිනි තියලා ඒ පුරුද්දට තමාගෙම ගෙයත් ගිනි තියලා බැලුවෙ අහුවෙයිද කියලා
මිනිස්සු බුද්ධිමත් නිසා අහු උනේ නෑ. රනිල්ට ආසියාවෙ ලොකුම පුස්තකාලේ ගිනි තියද්දි දුක හිතුනෙ නැත්තන් ඌට උගේ පුංචි හුණ්ඩුව ගිනි තියාගන්න කෝමත් දුක හිතෙන්නෑ.

මේවා ජාතිවාදය නෙමෙයි. ඉහල පුටු වලින් ජාතිවාදය ඇති කරන හැටි මේ කියලා දෙන්නෙ! පුලුවන්නම් තේරුං ගනින්! අපේ මිනිස්සුන්ට සංස්කෘතිය රකින ආගම රකිනවා කියලා උං එලිපිට නටන නාඩගම් දැනගන්නෝනි. ශ්රීලාංකික අපිට කාත් එකක්වත් නැති ප්රශ්නයක් ඇති කරන්න දේශපාලනය ඒ කාලේ ඉදලම කටයුුතු කලා! ඇයි? බලය වෙනුවෙන්!

මේ රට ලේ හැලුවෙ හැමදාම බලලෝභී දේශපාලනික උවමනාවලට මිස වෙන මොනාටද?

දේශපාලනය ඒමයි! සරලව කිව්වොත් විමල් වීරවංසයා අද ගිහින් උපවාසය සත්යග්රහය කරල ඉන් පස්සෙ උූෟ හවස එතනින් මාරු උනා. දැන් උගේ ඇම්බැට්ටයෝ ටික හෝ පඩියට කහින උන් ටික (අර කූඹියෝ කතාවෙ කියන්න වගේ ප්ලේන්ටි ලොවන උන් ටික) සමහර විට ඇති. සමහර විට උනුත් ගෙවල් වල යන්නැති. උන්ගෙ ගෙවල් වල පොඩි උන්ට කන්න මාලු කෑල්ලක් නෑ! හැබැයි උන් යනවා ආගම දහම රකින්න. රට රකින්න

රකියි ල#බක් ~

ඇත්තටම හැමෝම දන්නවා උන්ට ඔනෑ ඇති අධ්යාපන ප්රතිසංස්කරණයක් විරෝධයක් නෑ කියලා. උන්ට බලය තිබුන කාලේ කරගන්න තිබුනනේ! ඒම නොකර ඉඳලා දැන් බයිලා වාදනය කරනවා. ඒවා උගේම ගෝල හැතිකරෙත් දන්නවා. හැබැයි උන්ට ඔනෑකම ඒක නෙමෙයි. පොඩි හරි ඇමක් දාලා බලනවා මිනිස්සු ඇවිලෙනවද කියලා. අවුලෝලා බලය ගන්න පෙරුම් පුරන හැටි...

උන්ට තියෙන්නෙ මිනිස්සුන්ගෙ රීරි මාංශ හූරං කාලා රස විඳපු එක. ඒ රස නැතිව දැන් අමාරුව ඇත්තෙ..

කෝම වෙතත් පොළවෙ ඉන්න උන්ගෙ පක්ෂ පාට ගැන ගැටළුවක් නෑ. උන් එන් පී පී ද, සජබ ද, යූ එන් පී ද, කාලකණ්නි අමන තුප්පහි පොහොට්ටුවද, බණ්ඩගෙ ශ්රී ලං නි ප ද මොක උනත් පක්ෂ කර තියාන යන්න හදන එකයි අවුල.

සමහරු කියනවා උන් කලින් ගෝඨාභ්යට දීලා දැන් මාලිමාවට දුන්නලු! උන් රැවටුනාලු. මිනිහෙක් රැවටීම ඒ මනුස්සයගෙ වැරැද්දක් නෙමෙයි. මිනිහෙක්ව රවට්ටන්නායි වැරැද්ද කරන්නෙ.

ඒවගේම දැනගන්ටෝනි පක්ෂෙ බදාගෙන වහල්කම් කරන, පුද්ගල වන්දනාවෙ යන උන් කරන්නෙ දේශපාලනයක් නෙමෙයි. උන් කරන්නෙ උන්ගෙ කොන්ද නැතිකමයි දෙකයි පනහට ඇඹරෙන්න පුලුවන්කමයි ලෝකෙට පෙන්නන එක.

උජාරුවට පක්ෂෙ පක්ෂෙ කියාන ඉන්න උන්ට තමා ඒම කියන්නෙ. නැතුව පක්ෂෙ පූර්ණ කාලීන දේශපාලනය කරන උන් කරන්නෙ රස්සාව නෙ.

කෝම හරි මේ ආණ්ඩුවට කොන්දක් තියනවාය, මිනිස්සු වෙනුවෙන් දේවල් කරනවාය, මැතිවරණ පොරාන්දු ඉටුකරනවාය කියලා ඔප්පු කරන්න තව ටිකම ටික කාලයයි තියෙන්නෙ. ඒ ටික නොකලොත් මාධව ජීවිත කාලයටම විශ්වාස කරපු තෙවරක් ජන්දෙ දුන්නු එකම දේශපාලන පක්ෂයත් වල පල්ලට තමයි...

අවසානයට කියන්න තියෙන්නෙ මිනිස්සු බුද්ධිමත්ව හිතන්නෝනි! රටවල් දිනුවෙ පහසු මං මාවත් වල ගිහින් නෙමෙයි. ජපානය හිරෝෂිමාවෙන් නැගිට්ටෙ දේශපාලනයට කඩේ ගිහින් නෙමෙයි. හැමෝම තමන්ගෙ කොටස කරපු නිසා. තමන්ගෙ කොටස හරියට කරන කෙනෙක් කවදාවක් පක්ෂ වල ප්රොපගැන්ඩාකාරයොන්ට අහුවෙලා බේරෙ වැවේ අසූචි නාන්න යන්නෑ!

ඒ නිසා මිනිසුනි, පක්ෂ අතාරින්න, ප්රතිපත්තින් මත කටයුතු කරන්න. අනීතික බව ප්රතික්ෂේප කරන්න. නීතියට ගරු කරමින් කටයුතු කරන්න.

මොකද මෙ රට අපේ මිස උන්ගේ බූදලයක් නොවන්නේය.

 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form