Information and Communication technology සිංහලෙන් ඉගැන්වීම මල විකාරයක් ය. මේ කතාව ඒ ගැනය.
ලංකාවේ වර්තමානයේ පාසලේදී තොරතුරු තාක්ෂණ විෂයය උගන්වනු ලැබේ. මාධව මේ බ්ලොගයටද සිංහලෙන් පාඩම් මාලාවන් දමයි. හැබැයි කෙතරම් ප්‍රායෝගික ද? ජාත්‍යන්තර තලයේ විෂයක් වන තොරතුරු තාක්ෂණය සිංහලෙන් හෝ දෙමළෙන් උගන්වා බලාපොරොත්තු වන කාරණය කුමක්ද?
තොරතුරු තාක්ෂණ විෂයේ ප්‍රවීණය පුද්ගලයෙක් යනු ඩෙොලර් උල්පතකි. රටට අවශ්‍ය විදේශ විනිමය මේ රටේ සිටම කැන්දාගෙන පැමිණෙන පුද්ගලයෙකි. හැබැදි අදටත් එසේ වෘත්තිකයින් බිහි වන්නේද? නැත? විශ්ව විද්‍යාලයෙන් හෝ තාක්ෂණික විද්‍යාලයෙන් බිහිවන තොරතුරු තාක්ෂණවේදීන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට පුලුවන්ද?
ප්‍රශ්නයකි.
මේ දිනවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් නිසා දෙපිල බෙදී කෙලගන්නා තත්වය මැද මාධව මේ කතා කරන්නේ සිය විෂය පිලිබඳවයි. මූළික අඩිතාලම හොඳින් නොදමා නියමාකාර වෘත්තිකයෙකු බිහිකරගත නොහැක. එසේම, අඩු වයසින් අත්දැකීම් ඇති තාක්ෂණවේදියෙකු බිහිකරගැනීමට නොහැක.
කල යුත්තේ කුමක්ද?
ජාත්‍යන්තර ඉංග්‍රීසි වලින් මෙම විෂය ඉගැන්වීමෙන් තොරතුරු තාක්ෂණය පිලිබඳ මූලික අඩිතාලම හොඳින් සැකසීම නොවන්නේද?
ඒ සඳහා අවශ්‍ය සම්පත් සහ ගුරුවරු නිර්මාණ්‍ය කර ගැනීම කල් යල් නොගොස් කර ගත යුතු කටයුත්තක් බව නොතේරුනේද? ජාතික අධ්‍යාපන ආයතනයේ මොලකරුවන්ට ඒවා නොතේරේද? නොපෙනේද?
පරිගණක භාවිතය සහ එහි වෘත්තිකයෙක් වීම යනු ලියුමක් කෙටීම හෝ යූ ටියුබ් යාම නොවේ. පරිගණක වෘත්තිකයින් යනු වෙනමම කොට්ඨාශයකි. එහිදී ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කල යුතුය. උදාහරණ ලෙස පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවෙකු කියන්නේම ගණිතඥයෙකුට එහා ගිය දැනුම අවශ්‍ය වන භාරදූර කටයුත්තක නියැලෙන්නෙකි. ඔහුට දැනුම සහ බුද්ධිය නිතරම වර්ධනය කර ගත යුතු වේ. ඒවා සඳහා ඇති බොහෝ පොත පත සහ මෘදුකාංග ඇත්තේම ඉංග්‍රීසියෙනි.
ඒ නිසා තොරතුරු තාක්ෂණය ඉංග්‍රීසියෙන් ඉගැන්වීම වැදගත් නොවන්නේ යැයි කිසිවෙකුට කිව නොහැක. සිංහලෙන් ලියවුනු පොත පත තිබුනද සංකීර්ණ කටයුතු සිංහලෙන් පරිවර්තන සකසා තව තව සංකීර්ණ කිරීමට වඩා පහසු වන්නේ ඒවා ඉංග්‍රීසියෙන්ම ඉගෙනුම නොවේද?
මවු භාෂාව සිංහල හෝ දෙමළ හෝ වේවා, තම මවු භාෂාවෙන් ඉගෙනීමට ඇති අයිතිය මානව හිමිකමක් වේවා ගැටලුවක් නොවේ. කුඩු කල සිටම ශ්‍රී ලාංකිකයාව ජාති ආලයෙන් බැඳ තබමින් කෙලින පිස්සු අවසන් විය යුතුය. තාක්ෂණික ක්ෂේත්‍රවලට සහ විශේෂ විෂයන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සිදු කිරීමෙන් පාසල් දරුවා කෙතරම් ඉදිරියට යනවාදැයි පැහැදිලිවන්නේ ඔහුගේ උසස් අධ්‍යාපනයේදී සහ වෘත්තිය ජිවිතයේදී ය.
එසේම අසීරු, පටැලෙන වදන් සහිත සිංහල තේරුම් පවතින තොරතුරු තාක්ෂණ විෂය ඉංග්‍රිසියෙන් ඉගැන්වීම වැදගත්වන්නේද ආන්න එවැනි කාරණා නිසාය. සිංහලෙන් ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවේ රැකියා ලබාගෙන ඩොලර් එවන්න බැරිය. අනෙක අපටම කියා කරනලයක්වත් සිංහලෙන් නොමැතිව කෙහෙල්මලටද අපි මේ විෂය සිංහලෙන් ඉගෙන ගන්නෙ?
මාධවගේ යෝජනාව මේකය -
අධ්‍යාපන බලධාරියනි. නුඹලා අපට එකල කෙලවා ඇත. නමුත් අනාගත පරපුරටත් එසේ කෙලවීමට නුඹලාට ඉඩ නොදිය යුතුය. වහාම ඉංග්‍රීසි අධ්‍යාපනය, සහ තාක්ෂණික විෂයන් ජාත්‍යන්තරයට ගැලපෙන සේ සකසා ඉංග්‍රීසි බසින් ඉගැන්වීම අරඹා සියලූම ළමුන්ගේ අනාගතයට ආයෝජනයක් ලෙස සකස් කල යුතුය. ඔවුන්ගේ උසස් අධ්‍යාපනයේදි ඔවුන්ව අසරණ නොවන තැනට කටයුතු ඉටු කලයුතුය. රැකියාව පහසුවෙන් දිනා වෘත්තීය දිවිය සාර්ථක කර ගැනීඹට අවශ්‍ය අඩිතාලම දැමිමට කටයුතු කල යුතුය.
ඒ සඳහා තොරතුරු තාක්ෂණ විෂය ඉංග්‍රීසියෙන් ඉගැන්විය යුතුය!!